මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ගැන අනතුරු ඇඟවීම් නිකුත් වී තිබියදීම, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් තවත් බරපතළ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරමිනි.
මෙම අනතුරු ඇඟවීම අද (11) රාත්‍රී 9.00 දක්වා බලපැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන පරිදි, පහත සඳහන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජීවත් වන ජනතාව අදියර 1 (Level 1) යටතේ විමසිලිමත් විය යුතුය.
බදුල්ල- පස්සර ප්‍රදේශය
කුරුණෑගල- රිදීගම ප්‍රදේශය
මාතලේ- නාවුල, අඹන්ගඟ කොරලේ සහ රත්තොට
මොනරාගල- බඩල්කුඹුර සහ වැල්ලවාය
රත්නපුර- ගොඩකවෙල
වැස්සත් එක්කම ඔබේ වටපිටාවේ මෙන්න මේ වගේ වෙනස්කම් වෙනවා නම් දෙපාරක් හිතන්න එපා, වහාම ආරක්ෂිත තැනකට යන්න.
පොළොවේ ඇති වන හදිසි පැලුම් හෝ ගිලා බැසීම්.
ගස්, විදුලි කණු හෝ දුරකථන කණු ඇලවීම.
හිටිහැටියේ උල්පත් මතු වීම හෝ පවතින උල්පත් බොර වීම.
කඳු බෑවුම්වලින් එක්වරම විශාල ශබ්ද ඇසීම.මෙය මූලික විමසිලිමත් මට්ටමයි. වැස්ස දිගටම පැවතුණහොත් නායයෑම්, ගල් පෙරළීම් හෝ කඳු කඩා වැටීම් සිදුවිය හැකි බැවින්, අවදානම් කලාපවල සිටින පිරිස් රාත්‍රී කාලයේදී විශේෂයෙන් අවධානයෙන් සිටිය යුතු බව බලධාරීන් සිහිපත් කරනවා.
අයහපත් කාලගුණයේ අතුරු ආබාධ දැන් දැන් ක්‍රමයෙන් මතුවෙමින් පවතින නිසා, මේ ලැයිස්තුවේ ඉන්න ඔබේ හිතවතුන්ව දැනුවත් කරන්න අමතක කරන්න එපා!