Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
15
ඔබ උපන් නැකත අනුව පලාපල කොහොමද කියලා දැනගන්න කැමතියිද..?

- ඔබ උපන් නැකත අනුව පලාපල කොහොමද කියලා දැනගන්න කැමතියිද..?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,557 Views
අපි බොහෝ විට පළාපල විමසන්නේ අපේ ලග්නයට අනුව වුණත් අපේ හඳහනේ ඇති තව තව අංගවලින් පවා අපි ගැන කියවෙනවා..

මේ කියන්න යන්නේ ඔබ උපන් නැකතට අනුව මෙදා අවුරුද්දේදී ඔබ ගැන කියවෙන තවත් කතාවක්...

අස්විද
පියකරු පෙනුම මෙන් ධනය ද ලැබෙනු ඇත
අස්විද හිමි අයට නව වස සදයි සෙත

බුද්ධිය, දැනුම මෙහෙයවා කටයුතු කිරීමට හැකි වන අතර මේ නව වසර තුළ තම තමන් අදහස් කළ අරමුණු කටයුතුවලින් විශිෂ්ට ප්‍රතිඵල මෙන්ම බලාපොරොත්තු ජයග්‍රහණ ලබා ගැනීමට හැකියාව ඇතිවේ.

සාර්ථක ලෙස තම කටයුතු කර ගැනීමට හැකිවන අතර ධනය, බලය අත්පත් කර ගැනීමට අවස්ථාව උදාවේ. නොබියව ඉදිරියට යන ගති ඇතිවේ. දක්ෂ ලෙස කටයුතු කළ හැකිය. අධ්‍යාපන ශාස්ත්‍රීය කටයුතුවලට යහපත් වේ. බාධක මැඩගෙන කටයුතු කළ හැකිය. ගමන් බිමන් යෙදෙන අතර උෂ්ණ රෝග, සෙම් රෝග පීඩා ඇතිවීම හේතු කොට ගෙන ශරීර සෞඛ්‍යයට බාධා ඇතිවිය හැකිය. කෙසේ වුවත් නැණ නුවණ වර්ධනය කරන දියුණුව ඇතිකරන වසරක් බව පැවසිය හැකිය.

වාසනා ගුණය මතුකරන වසරක් වන අතර කලා අංශ කටයුතු ද දියුණුවේ. යහපත් ගමන් බිමන්ද යෙදේ.

බෙරණ
ඕනැම දෙයක් ගැන පතළව ඇති නුවණ
දස්කම් පායි උපනුන් නැකතෙහි බෙරණ

බලාපොරොත්තු නොවුන ලෙස තම දියුණුව ඇතිවීමට ඉඩකඩ පවතින වසරක් ලෙස මේ වසර හැඳින්විය හැකිය. දුක් කරදර මතුවන අවස්ථා ද නැත්තේ නොවේ. ඒ නිසා කල්පනාකාරීව කටයුතු කළ යුතුය. ලැබීම් ද ඇතිවන වසරක් නිසා ඉවසිලිවන්තව කටයුතු කිරීමෙන් බොහෝ ජයග්‍රහණ අත්පත් කර ගැනීමට හැකියාව ඇති කරයි. ද්වේෂ සහගත සිතුවිලි ඉවත් කරගෙන කටයුතු කළ යුතුයි. අධ්‍යාපන ශාස්ත්‍රීය කටයුතු කරදරයකින් තොරව කරගෙන යෑමට හැකියාව ලැබේ. හිතමිතුරන්ගෙන් උදව් උපකාරද ලැබෙන වසරකි. විවාහ අපේක්ෂිත අයට මංගල කටයුතුද උදාවේ. උරහිසේ මෙන්ම යටිපතුල්වල උෂ්ණ රෝග පීඩා රක්තවාත පීඩා ඇතිවීමට ඉඩ තිබේ. බෙරණ නැකතෙහි උපන් අයට සුබදායක වසරකි.

කැති
ඇවිදිලි ගමන් හැම විටකම ඇති කරතී
අඩුවක් නැතිව හැම සැප සම්පත විඳිති

මේ වසරේ මෙන් කවදත් පාහේ කැති නැකතෙහි උපන් අය උසස්වීමට දියුණු තත්ත්වයට පත්වීමට හැමවිටම ක්‍රියා කරයි. කරදර බාධා ඇතිවුවත් ඒවා ගණන් නොගෙන කටයුතු කරන කරුණාවන්ත අදහස් ද ඇති අය වෙති. කාන්තා පක්ෂයෙන්ද නානාවිධ උපකාර ලැබිය හැකිය.

ගෘහ ජීවිතය තුළ කරදර බාධා කම්කටොළු වුවත් ඒවා නිරාකරණය කරගෙන දිවි මාවත සරුකර ගැනීමට හැකියාව නිරන්තරයෙන් උදාවන වසරක් බව කිව හැකිය. ධනය, මිල මුදල් ගැන යම් යම් ගැටලු ඇති විය හැකිය. කල්පනාකාරිවීමෙන් ඒවාද මග හරවා ගත හැකිය.

හිසේ මෙන්ම උගුර, බෙල්ල, ආශ්‍රිත උෂ්ණ රෝග, සෙම් රෝග පීඩා ඇති විය හැකිය.

රෙහෙණ
දැහැමෙන් සෙමෙන් සුබ අදහස් මතු කරති
රෙහෙණෙහි උපන් අය සැප සම්පත් ලබති

නැණ නුවණ දියුණූ වන වසරක් වන අතර කරන කියන කටයුතු, ඉගෙනීම, අධ්‍යාපන ශාස්ත්‍රීය කටයුතු ඉතා මැනවින් උසස් ලෙස දියුණු තත්වයට පත් කරගත හැකිය. කෙළෙහිගුණ සැලකීම ආදි යහපත් ගතිගුණ අදහස් සිත තුළ මතුකරන නිසාම නොසිතූ ලෙස බැබලීම දීප්තිය ඇති කරයි. ප්‍රධානියකු ලෙස කටයුතු කිරීමට හැකිවන අතර සෑම දෙයකින් යහපත සැලසෙන වසරකි. යහපත් ගමන් බිමන්ද ඇතිවේ. පිරිසුදු අදහස් නිසාම කටයුතු සාර්ථක වේ. ආලය, ආදරය, කාමය වෙතද සිත් යොමුවේ. සමහර අවස්ථාවලදී ශරීර සනීපයට බාධා වන ලෙස උෂ්ණ රෝග පීඩා ඇතිවීමට ඉඩ තිබේ. කොහොමත් සුබ වසරකි.

මුවසිරස
තම සැප සුවය ගැන නිතරම වගේ සිතයි
මුවහිස ජනිත අයහට දන සැපද තිබෙයි

හරි වැරදි ගැන ද එතරම් දුරට තබා සමහරවිට කිසිවිටකත් නොතකා කටයුතු කිරීමට පෙලඹෙන අවධියකි. සිතේ තද අදහස් මතු කිරීම නිසා වැරැදි වැඩ කිරීමට ද සමාජ විරෝධි කටයුතු කිරීමටද යොමුවීමට ඉඩ තිබේ. ඒවා වළක්වා ගත යුතුය. ඇවිදිලි ගමන් බිමන් දීර්ඝ ගමන් යෙදේ. ඥාතීන් මිත්‍රයන් අමනාපවීමටද හේතු කාරණ ඇතිවේ. එය ඔබට අවාසියකි. බාධා ඇතත් ඉගෙනීම් ආදි අධ්‍යාපන කටයුතු කරගෙන යාමට හැකිවේ. කෘෂිකර්ම වගා කටයුතු ව්‍යාපාර ආදි කටයුතුවලටද සුබදායක වන අතර එම කටයුතුද සාර්ථක ලෙස කළ හැකිය. ඇස්වල උෂ්ණ රෝග පීඩා ඇති විය හැකිය.

අද
කරුණා ගුණය බැලුවම තරමක් අඩුය
අදයෙහි උපන් අය වාදෙට හරි කඩුය

සිතිවිලි හා අදහස් තුළින් නිතරම පාහේ උඩඟු ලෙස කටයුතු කරයි. කරුණාබරිත අදහස් තරමක් දුරට අඩුය. තමා ගැනම පමණක් මුල් තැනට ගෙන කටයුතු කරයි. බුද්ධිය නුවණ ඇතිවන අතර සමාජය ගැන සමාජ රටාව ගැන එතරම් සැලකිල්ලක් නොදක්වා කටයුතු කිරීමට පෙලඹේ. කාන්තා පක්ෂය ආශ්‍රය කිරීමට ඉතා කැමති වන අතර කලා අංශ පිළිබඳ කටයුතු දියුණු කර ගත හැකිය. වෙනත් ඉගෙනීම් කරන අයගේද එම අධ්‍යාපන කටයුතු දියුණු කර ගැනීමට හැකියාව ඇතිවේ. ඉඩකඩම් දේපළ වැනි දේවල් ලබා ගැනීමට ද හැකිවේ. කොහොමත් මේ වසරේ බලාපොරොත්තු ලෙස දියුණුව ඇති කරගත හැකිය. සෙම් රෝග පීඩා නිසා ශරීර සනීපයට බාධාවේ.

පුනාවස
කවියට කලාවට පවතී නිපුන ගති
පුනවස හිමි අයට යහගුණ උරුම වෙතී

ධනය, බලය හිමිවන වසරක් වන අතර යහගුණය මෙන් ලද දෙයින් සතුටු වන අදහස්ද ඇතිවේ. අධ්‍යාපනය, ඥානය දියුණුවන අතර කලා ක්ෂේත්‍රයට ද නිපුණතා දක්ෂතා ඇති කරයි. සිතිවිලි වචන අදහස් යහපත් වේ. තරග ලොතරැයි දිනුම්වලටද සිත ඇදීයයි. බාධා මැඩගෙන කටයුතු කර දියුණුව ඇති කර ගත හැකිය. ගමන් බිමන් මෙන්ම විදේශ ගමන් යෙදීමට ඉඩ තිබෙන කාලයකි. ධනය, බලය හිමි වේ. හැම අතින්ම තම කටයුතු සාර්ථක කරගෙන ඉදිරියට යාමට හැකිවේ. සෙම් රෝග පීඩා ඇතිවන අතර පාදවල අමාරුද යෙදිය හැකිය. පුනාවස නැකත් හිමියන්ට ද මේ වසර සුබදායක වේ.

පුෂ
රසඳුන වගේ දුටු දනමන පිනා යති
පුෂයෙහි උපන් අය ළඟ යහ ගුණම වෙති

දුටු හැම දනන් හට ප්‍රියවන පුෂ නැකතේ උපන් අය මැණිකක් විලස ගුණදහම අගය කරන අතර දැනුම, බුද්ධියද ඇති වේ. අධ්‍යාපන ශාස්ත්‍රිය ඉගෙනීමේ ආදි කටයුතු සාර්ථක කරගෙන ජයග්‍රාහී ලෙස ඉදිරියට යා හැකි වසරක් බව කිව හැකිය. මනා ලෙස අවබෝධය ඇතිව කටයුතු කළ හැකිය. අනුන්ගේ කටයුතුවලට මැදිහත්වීමෙන් සිත් රිදීම් වැනි කරුණු සිදුවීමට ද ඉඩ තිබේ. ආර්ථිකය පසුබෑම්වලට ලක්වුවත් කල්පනාකාරි වීමෙන් ඒවායින් ජයගත හැකිය. රැවටිලිවලට අඩු පීඩා ඇතිවීමෙන්ද ශරීර සෞඛ්‍යයට බාධා ඇතිවේ. ඒ ගැනද සැලකිලිමත් විය යුතුය.

අස්ලිස
තම පාඩම් මිසක වෙන වැඩ කැමති නැති
අස්ලිස හිමියො කළගුණ වුව නොසලකති

තමා ගැනම සිතා කටයුතු කරන අදහස් නිතරම ඇතිවේ. අධ්‍යාපනයට ඉගෙනීමට කරන කියන හැම දේකටම ආකූල ව්‍යාකූලතා ඇතිවන බැවින් කල්පනාකාරීව කටයුතු කිරීමෙන් ඒවා මැඬගෙන ජයග්‍රහණය කරා පිය එසවීමට හැකිවන වසරක් බව කිව හැකිය. අනුන් මුලාකර තම අදහස් ඉටුකර ගැනීමට ද හැකියාව ඇති කරයි. කෙසේ වුවත් දියුණුව ඇති කර ගැනීමට වාසනාව මතුකරයි. ප්‍රේම සම්බන්ධ නිසා සතුට සහ දුක යන දෙකම ඇතිවේ. විදේශ ගමන් බිමන් ද යෙදිය හැකිය. ශරීර සෞඛ්‍යයට බලපෑම් ඇතිවේ. සෙම් රෝග පීඩා මෙන්ම කන් ආශ්‍රිත රෝග පීඩා යෙදිය හැකිය. අලුතින් අදහස් කරන කටයුතු ද සාර්ථක කර ගත හැකිය.

මා
ධන සම්පත් බෝග නිසි ලෙස ඇති වෙතිය
උපනුන් මා නැකතෙ කාටත් බිය වෙතිය

නව වසර තුළ මා නැකතින් ජනිත අයට ද වාසනාව මතු කරයි. ගෙදර දොර ජීවිතය සැපවත් ලෙස ගත කිරීමට කරුණූු සැලසෙන අතර අධ්‍යාපන ශාස්ත්‍රීය ඉගෙනීම අංශවල නිරතවී සිටින අයගේ එම කටයුතු ද සාර්ථක කර ගැනීමට හැකියාව ඇති කරයි. රාජ්‍ය සම්මාන ආදී ඒ හා සමාන පිළිගැනීම්වලටද ලක්වේ. ගනුදෙනුවලදී ප්‍රවේසම් විය යුතුය. රැවටිලි වැනි දේට අසුවීමට ඉඩ ඇත. අහේතුක ලෙස චෝදනාවලට ලක්වීමටද ඉඩ තිබෙන බැවින් කල්පනාකාරිව කටයුතු කිරීමෙන් ජයග්‍රහණ අත්පත් කරගත හැකිය. දනහිස්වල පාදවල රෝග පීඩා ඇති වීමටද ඉඩ තිබේ.

පුවපල්
හැමදෙනගෙම සිතත් පුබුදන මිහිරි ලෙස
පුවපල් නැකතෙ අය හඳුනයි නිරස රස

ගුණගරුක යහපත් අදහස් හා සිතිවිලි පවතින පුවපල් නැකත හිමි අය දීමට හෙවත් දානයට ඉතා කැමතිය. එම ත්‍යාගශීලි අදහස් මතු කර ගෙන කටයුතු කරයි. කරන දේ ද කියන කතාවද හැමගේම සිත් ගනී. එය තම උරුමයකි. විශේෂිත දක්ෂතා ද මතු කරයි. රැකියාවේ සහ කරන කියන කටයුතුවලට බාධක ඇති නොවේ. ක්‍රමානුකූලව කටයුතු කරගෙන ගිය හැකිය. ගමන් බිමන් විදේශගතවීම්වලටද බලය පවතී. ධනය දේපළ ඉඩකඩම් ලැබීමට ද වාසනාව පවතී. ප්‍රමාද වුණ කටයුතු මේ වසරේදී බලාපොරොත්තු ලෙස සාර්ථක කර ගැනීමට ද හැකිවේ. අධ්‍යාපන ශාස්ත්‍රීය කටයුතුවලටද සුබදායක වේ. ශරීර සෞඛ්‍යයට එතරම් අයහපතක් නැත.

උත්‍රපල්
මිහිරියි. කතාබස් දැනුමද බොහොම වෙති
තුරුපල් හිමියො සලකති කළගුණය නිති

දැනුමෙන් උගත් කමින් කටයුතු කරන උත්‍රපල් නැකත් හිමියෝ කොයි කාටත් ප්‍රිය වේ. සැප සම්පත් යන ඉසුරුවලට හිමිකම් ඇති වන, ඒවා ලබා ගැනීමටද හැකි වසරකි. 2025 වසර කාගේත් සිත් දිනාගෙන කටයුතු කළ හැකිය. අධ්‍යාපන හා ශාස්ත්‍රීය කටයුතුවලින් ඉගෙනීමෙන් පෘථුල දැනුමද ඇති කර ගැනීමට අවස්ථාව උදාවේ. නීති අංශවල ඉගෙන ගන්නා අයට ද සුබදායක වේ. කටයුතු සාර්ථක කරගත හැකිය. දැනුම, බුද්ධිය වර්ධනය වේ. ලාභ මෙන්ම පාඩුද ඇති විය හැකි, තීක්ෂණ බුද්ධියෙන් කටයුතු කිරීමෙන් ජයග්‍රහණ ඇති කරගත හැකිය. ණය ගනුදෙනුවලට ඇපවලට අත්සන් කිරීම හේතු කොට කරදර ඇති විය හැකිය. එම කටයුතු ගැන සැලකිලිමත් විය යුතුය. ඉක්මන් තීරණ නොගත යුතුය. උදරගත රෝග පීඩා ඇති විය හැකිය.

හත
බොරුවට සුරාවට නිතරම රුචිය ඇති
අයහට හත නැකතෙ තද රුදු සිතද වෙති

විලිබියකින් තොරව මුඛරි ලෙස ඕනෑම දෙයක් කතා කිරීමේ හැකියාව මතු කරයි. කරුණාබර සැහැල්ලු සුහද අදහස් අඩු බවක් ඇතිවේ. උපයෝග පරිභෝග වස්තු ලැබීමට වාසනා බලය පවති. එමෙන්ම ඒවා ඉක්මනින් නැතිවී යාමේ බලයද පවතින බව සිතට ගෙන කටයුතු කිරීම වඩා යෝග්‍ය වන බව වටහා ගත යුතුය. මේ වසරේ මෙන්ම කවදත් ගමන් බිමන් ඇතිවේ. ආදර බැඳීම් පෙම් සබඳතා විවාහ යෝජනා ඇතිවේ. උනන්දුවෙන් ආත්මශක්තිය වර්ධනය කර ගෙන කටයුතු කළ යුතුය. එවිට බොහෝ ජයග්‍රහණය අත්පත් කරගත හැකිය. සෙම් දෝෂ පීඩා හේතු කොටගෙන ශරීර සනීපයට බාධා වේ. ඇඟිලි නියපොතු ආශ්‍රිතවද රෝග බලපෑමට ඉඩ ඇත.

සිත
විසිතුරු ඇඳුම, මල් සුවඳට රුචිය ඇති
උපනුන් සිත නැකතෙ පෙන්වයි රසික ගති

අන් අයගේ සිත් ඇද බැඳ ගන්නා අදහස් හා රූපය මෙන්ම ගතිගුණ ද ඇත. සිත නැකතේ උපන් අය රහස්‍ය කටයුතුවලටද දක්ෂතා දක්වයි. කාව්‍ය කලා ශාස්ත්‍රීය සංගීත සෞන්දර්ය යන අංශවලට දක්ෂතා දක්වන අතර ඒ හා සම්බන්ධ සහ අනෙකුත් කටයුතුවල නියුතු වූවන්ගේ එම කටයුතු සාර්ථක ලෙස කරගෙන ජයග්‍රහණ ලබා ගැනීමට හැකියාව ඇතිවේ. ධනය, බලය හිමිවන වසරක් වන අතර ආගමික අංශයට ද ළැදියාව ඇතිවේ. වෙළෙඳ ආදි ව්‍යාපාර කටයුතු දියුණුූ වේ. කෙසේ වුවත් ගෞරවාන්විතව මේ වසර තුළ කටයුතු කළ හැකිය. ශරීර සෞඛ්‍යයට එතරම් අයහපතක් නැත. උගුරේ බෙල්ලේ සෙම් දෝෂ රෝග පීඩා ඇති විය.

සා
මුදුබස පිය තෙපුල සිය හද තුළ පවතී
හිමියෝ සා නැකත දැහැමෙන් දිවි ගෙවතී

කාටත් ප්‍රියවන ආකාරයෙන් වචන හසුරුවන සා නැකත් හිමියෝ ආගම දහමට, දෙවියන්ට ගරු සත්කාර බුහුමන් දක්වන යහපත් ගුණ ඇති තැනැත්තෝ වෙති. මේ වසරේ පමණක් නොව කොයි කවදත් එසේම වෙති. වෙළෙඳ ආදි ව්‍යාපාර කටයුතු කරන අයට ඉතා සුබදායක වේ. දියුණුව ඇති කරගත හැකිය. වෙනත් කටයුතුවල නිරත අයටද වරදක් නොවේ. එකී කටයුතු වලින්ද දියුණුව ඇති කරගත හැකිය. ඥාති මිත්‍රාදීන් අතර ජනප්‍රියතාවය ඇතිවේ. ප්‍රේම සම්බන්ධ හේතුවෙන් කණගාටු හා සිත්තැවුල් ඇතිවීමට ඉඩ ඇත. ශාස්ත්‍රීය, වානිජ, කලා ක්ෂේත්‍රවල ඉගෙනීම් කරන අයටද සුබයි. පපුව ආශ්‍රිත රෝග පීඩා සහ ලේ දෝෂ රෝග ඇතිවිය හැකිය.

විසා
ලෝබය මෙන්ම සිය අධිමත සිතෙහි ඇති
උපනුන් විස නැකතෙහි වෙති කලහ ගති

අභිමානයෙන් යුක්ත අදහස් නිතර පවතින අතර ලෝබී සිතිªවිලිද ඇතිවේ. තද අදහස් සිතේ ඇතිකරගෙන කටයුතු කරයි. සංවාද කලහවලටද ප්‍රිය කරයි. මේ වසර තුළ කීර්තිය සහ ප්‍රසිද්ධියද ඇතිවේ. දුෂ්කර කරදර බාධක ඇති කරයි. ඒ අතරින් ඉදිරියට යා යුතු වසරක් බව අවබෝධකර ගෙන කටයුතු කිරීම ඉතාම යහපත් බව සිතට ගත යුතුය. ඉවසීමෙන් කටයුතු කිරීම ඉතා වැදගත් වේ. එය තම දියුණුවට හේතු වේ. අනවශ්‍ය රාග ආදි කටයුතුවලට යොමුවීම සුබ නැත. එය දියුණුවට මෙන්ම සාමයට, සමගියට ද බාධා ඇති කරයි. රාජ්‍යයෙන් ගරු සම්මාන ලැබේ. කන්වල හෝ අත්වල රෝග පීඩා ඇති විය හැකිය.

අනුර
අඩු නැති පරිදි දන සැප සම්පත් ද ලැබේ
අනුරේ අයට හැම දේ එක පරිදි ලැබේ

තම දියුණුව උදෙසා නිතරම ගමන්බිමන්වල යෙදෙමින් කටයුතු කිරීමට සිදුවේ. අඩුපාඩු නැතිව සියලුම කටයුතු කරන අතර ව්‍යාපාර දියුණු කරගත හැකිය. විදේශ ගමන් බිමන් ද සාර්ථක වේ. සෞභාග්‍යය ඇති කරන වසරකි. තියුණුූ කල්පනා ශක්තියෙන් යුතුව කටයුතු කරන අතර සමාජයට රටට, කාන්තා පක්ෂයට ගෞරවණීය ලෙස කටයුතු කරයි. සැඟවූ සිතුවිලි හා පාප අදහස් නැත. යහපත් උතුම්වූ ගුණ නිසාම කාටත් ප්‍රිය වන අතරම තම දියුණුව ඇතිවේ. ඉගෙනීම් ආදි කටයුතුවල මෙන්ම සෑම අංශයක කටයුතුවල නිරත වී සිටින අයටද සියලු කටයුතු සාර්ථක කරගත හැකිය. සාමාන්‍ය උදරගත රෝග පීඩා ඇති විය හැකිය.

දෙට
කිසිවක් නොසලකා තද ලෙස තෙරප වෙති
දෙට නැකතෙහි අයට සුබ මෙන් අසුබ දෙති

මේ වසරේදී පමණක් නොව සැම විටම පාහේ කිසිවක් නොසලකන තදබල ලෙස කෝපයට පත්වන සිතිවිලි හා අදහස් ඇති විය හැකිය. ඒවා පාලනය කරගෙන කටයුතු කිරීම තම යහපතට හේතුවේ. අසත්පුරුෂ පාප මිත්‍රයන් ආශ්‍රය කිරීමෙන් වැළකිය යුතුය. යහපත් ශ්‍රේෂ්ඨ පුද්ගලයකු ලෙස සමාජයේ කැපී පෙනෙන තත්ත්වයක් ඇති කරගත හැකිය. ඥානවන්ත ලෙස අධ්‍යාපන ශාස්ත්‍රීය කටයුතු කරගෙන ජයග්‍රහණ අත්පත් කර ගැනීමට මාර්ග උදාවේ. අන්‍යයන් පිළිබඳ අවබෝධයක් ඇතිකරගෙන කටයුතු කළ හැකිය. ආදායම් ලැබුණත් වියදම්ද අධික වේ. උරුම හිමිකම් ලැබීමේ වාසනාවද ඇත. සෞඛ්‍ය තත්ත්වයේ එතරම් වෙනසක් නොමැත. රෝග පීඩා මගහරවා ගෙන කටයුතු කිරීමට උත්සාහ ගනී. ව්‍යායාමයවලද යෙදීම සුබය.

මුල
මොන කරුණකින් හෝ උඩඟුව සිතෙහි වෙති
මුලයේ අයගෙ ගති බොහොසැර පරුස වෙති

මොන කරුණකින් හෝ බොහෝ අවස්ථාවල මෙන්ම මේ වසරේද උඩඟුගති ඇතිව කටයුතු කිරීමට සිත නැඹුරු වේ. එය තමාට අවාසියකි. තරහ අමනාප අයට එක එල්ලේ නිර්දය ලෙස කතා කිරීමට අදහස් පහළ වේ. එය තම දියුණුවට බාධාවක් බව වටහා ගත යුතුය. තවත් පැත්තකින් ප්‍රඥාව කාර්ය සූර බව ඇති කරයි. අධ්‍යාපන ශාස්ත්‍රිය කටයුතු දියුණු කරගෙන සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමේ වාසනාව ද උදාවේ. කීර්තිය, ප්‍රසිද්ධිය, ධනය ආදි ලැබීම් ඇතිවේ. බොරු කියන අයට වඩා ප්‍රියතාවය ඇති විය හැකිය. එය තමාට අවාසියකි. තමාගේ පාඩුවේ පැත්තකට වී කල්පනා කරමින් සිටීමටද ප්‍රියතාවය ඇතිවේ. නව වසරේදී හදිසි අනතුරු පීඩා ගැන සැලකිලිමත් විය යුතුය.

පුවසල
නැකතකි පුවසලය නිති සැප සුව සදන
මේ නව වසද වසරකි නිති ගුණ දෙවන

ආගිය තැන කොයි කවුරුත් පිනවන ලෙස කටයුතු කළ හැකි වසරක් වන අතර පැතූ පැතුමන් ඉටු කරමින් සිය ජයග්‍රහණ අත්පත් කර ගැනීමට හැකියාව මතු කරයි. ගුණවත් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය හිමිවන අතර ඒ අයගේ ආධාර උපකාරද නොඅඩුව ලැබේ. සැප සම්පත්වලින් ආඪ්‍යවන වසරක් බව පැවසිය හැකිය. ජලය ආශ්‍රිත ව්‍යාපාර කටයුතුවල නිරත වී සිටින අයගේ එම ව්‍යාපාර කටයුතු සාර්ථක ලෙස දියුණුව කරා ගමන් කරනු ඇත. ගමන් බිමන් යෙදෙන අතර රැකියාවට යහපත් වේ. දියුණුව සහ උසස්විම් ඇතිවේ. කාටත් යහපත් වසරකි. කලා ක්ෂේත්‍රයේ ලේඛන කලාව පුවත්පත් කලාව යන අංශවල නියැළී සිටින අයටද ඉතා යහපත් වේ. සෙම පිත ආශ්‍රිත රෝග පීඩා ඇති විය හැකිය. ඒ ගැන සැලකිලිමත් විය යුතුය.

උත්‍රසල
ඉරියවු සන්සුන්ය දහමට යොදයි සිත
තුරුසල හිමි අයට පණ්ඩිත කමද ඇත

කළගුණ දන්නා ආගම දහමට ළැදිව කටයුතු කරන ජයග්‍රහණ ලබන ගුණ නුවණින් යුතු උත්‍රසල නැකතේ උපන් අයට මේ වසර සුබදායක වේ. උත්සාහය හේතු කොට ගෙන කටයුතු කර ජයගන්නා ඉතා යහපත් මේ වසර තුළ ඥාති මිත්‍ර සබඳතාද දියුණුවේ. ආදායම් තත්ත්වය ද යහපත් වේ. ආර්ථික දියුණුව උදෙසා කටයුතු කිරීමට ඉතා යහපත් ධාර්මික මාර්ග උදාවේ. දරුපල බලාපොරෙත්තු වන අයට යහපත් උසස් ගුණයෙන් යුතු දරුපල හිමිවීමට ද වාසනාව ඇත. ඉගෙනීම් ආදි අධ්‍යාපන කටයුතුද නිසියාකාරව සාර්ථක කරගත හැකිය. උදර ගති උෂ්ණ රෝග පීඩා ඇතිවිය හැකිය.

සුවන
දැහැමෙන් සෙමෙන් සිය කාලය ගත කරති
සුවනෙන් උපන් අය ධනයෙන් ඉහළ යති

දැහැමි දිවි පෙවෙතකට සිත නැඹුරුවන අතර මේ වසරේ පමණක් නොව කවදත් දීමට ප්‍රිය ගති ඇතිවේ. ඉසුරු සම්පත්වල කිසිදු අඩුවක් නොවේ. යහතින් කාලය ගත කළ හැකිය. පවුලේ බිරිඳ සැමියා ද යහපත් අය වෙති. අධ්‍යාපන ශාස්ත්‍රීය ඉගෙනීම් අංශ යහපත් ලෙස දියුණුූ වේ. ශරීර ශක්තියෙන්ද යුක්ත වේ. කාමය ආදි පැත්තට ද නැඹුරු වේ. වැරදි කරුණු උදෙසා යොමු වීමෙන් සිත් තැවුල් පීඩා අලාබ හානි ඇති විය හැකිය. නිසි මාර්ගයේ යමින් කටයුතු කිරීම වැදගත් වේ. සෙම් ආශ්‍රිත රෝග සහ වාත පීඩා ඇති විය හැකිය.

දෙනට
අබරණ රුවන් ඇති ගායනයට ද රුති
දෙනටෙහි උපන් අය නෑයන් හට ද දෙති

මිණි මුතු ආදි රන්රුවන්වලට හිමිකම් කියන දෙනට නැකතේ උපන් අයට ස්වකීය නෑයන් හටද දීමට ඉතා කැමති වේ. සාහිත්‍ය, කලාව, සංගීත, ගායන ආදියේ දක්ෂ වන අතර ඒ අංශවල නිරත අයගේ දියුණුවද ඇතිවේ. ඉගෙනීම් ආදි සියලු කටයුතු දියුණු වේ. සත්‍යවාදී ලෙස කටයුතු කරන නිසා මේ වසරේදී සිතු ලෙස යහපත උදාවේ. ඒවා ඉතා යහපත් වේ. උපකාරද ලැබේ. නව නිර්මාණ බිහිකිරීමට හැකිවේ. උදරගත උෂ්ණ රෝගපීඩා ඇති විය හැකිය.

සියාවස
අදහස් සහසිකය පවටද බියක් නැත
සියවසයෙහි අයට නෙක කරදරද ඇත

සියවසෙහි උපන් අය මද්‍යපානයට ප්‍රිය කරන අතර සතුරන්ට ද නොබියව පහර දෙති. මේ වසරේදී කල්පනාකාරිව කටයුතු කිරීමෙන් තමාගේ දියුණුව ඇති කර ගැනීමට හැකියාව ඇතිවේ. තම කටයුතුවල වෙනස්වීම් ඇතිවීමට ඉඩ තිබේ. යුගදිවියේ ආරවුල්, භේද ඇතිවීමට ඉඩ ඇති බැවින් සැලකිල්ලෙන් කටයුතු කළ යුතුය. නැතිනම් අවුල් ඇතිවේ. ඉගෙනීම් ආදි ශාස්ත්‍රීය කටයුතු කරන අයටද බාධා එල්ල විය හැකිය. ඒවා මඟහරවා ගැනීමට උත්සාහවත් විය යුතුය. නහරගත රෝග පීඩා ඇති විය හැකිය. ශරීර සෞඛ්‍යය පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුතුය.

පුවපුටුප
ධනය ඇති කෙනෙක් වෙති සැපයුමට බැස ඇති
පුවපුටුපෙ උපන් අය ගැහැනුන්ට පැරද යති

ධනය උපයන මාර්ග සාර්ථක කරගත හැකි වසරක් වේ. පොළොව සම්බන්ධ වස්තුව ලබන කටයුතුවල නිරත වී සිටින අයට ද යහපත උදාවේ. එම කටයුතු කර්මාන්ත සාර්ථක කර ගෙන ජයග්‍රහණ උදාකරගත හැකිය. නිදහස් ජීවන මාර්ගද සාර්ථක ලෙස කළ හැකිය. ධනය, බලය හිමිවන වසරකි. ඉවසිලි නැති ගතිය නිසා අවාසි ඇති කරන අවස්ථාද ඇති විය හැකිය. කැපී පෙනෙන තත්ත්වයක් ඇති කරගත හැකිය. කුමන හෝ කටයුත්තක් මුල්තැන ගෙන කටයුතු කළ හැකිය. අවහිර මගහැර සාර්ථක කාලයක් උදාකර ගැනීමට හැකිවේ. දණහිස්වල සහ බාහුවේ පීඩා ඇතිවිය හැකිය. සෙම් රෝග පීඩාද ඇති වේ.

උත්‍රපුටුප
චතුරය කතාවට දහමට පිරිය වෙති
උපනුන් උතුරු පුටුපෙහි සතුරු බල බිඳිති

චතුරව ව්‍යක්ත ලෙස කතා කළ හැකි අතර ආගම දහමටද ඉතා ළැදිව කටයුතු කරන උත්‍රපුටුපයේ උපන් අයට පිළිමලුන්ද බිය වෙති. නව වසර දියුණුව ඇතිකරන වසරක් බව කිව හැකිය. ධනයෙන්, බලයෙන් ආඪ්‍යවන වසරක් වේ. නිවැරැදි ලෙස කටයුතු කිරීමෙන් සමාජයේ ඉහළ තත්ත්වයක් ඇති කරගත හැකිය. වියදම් වැඩි වන අතර මෙතෙක් ප්‍රමාදව පැවැති කටයුතුද සාර්ථක කරගැනීමට හැකියාව ඇතිවේ. රක්තවාත වැනි උෂ්ණ රෝග පීඩා ඇති විය හැකිය.

රේවති
දනයද බලය මෙන් නුවණද හොඳට ඇත
රේවතී නැකතෙ අයගේ පිරිසුදුය සිත

කවුරුත් පිනායන අඟපසඟවලින් හෙබි දැනුම බුද්ධිඥානය පවතී. රේවති නැකතේ උපන් අයටද නව වසර වාසනාව උදාකරන වසරකි. ධනය, බලය, පිරිවර ඇතිවේ. තරගවිභාග අධ්‍යාපන ශාස්ත්‍රීය අංශවලින් ජයග්‍රහණ අත්පත් කර ගැනීමට හැකියාව ඇතිවේ. පසුගිය වසරට වඩා සුබදායක වේ. ගමන් බිමන් මෙන්ම විදේශ ගමන් යෙදේ. ශරීර සෞඛ්‍යයට එතරම් වරදක් නැත. සෙම් රෝග පීඩා ඇති විය හැකිය.

සුබසෙත පුවත්පත ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්












.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top