Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
08
දියවැඩියාව නසන මදුරුතලා යුෂ විශ්මිත ඔසුවක ගුණ දැනගනිමුද ?

- දියවැඩියාව නසන මදුරුතලා යුෂ විශ්මිත ඔසුවක ගුණ දැනගනිමුද ?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

මදුරුතලා යන නම ඇසූ පමණින්ම අප කාගේත් සිත් තුළ චිත්‍රණය වන්නේ වල් පැළෑටියකි


වල් පැළෑටියක් ලෙස බහුතරයක් දෙනකු අතර ප්‍රචලිත මදුරුතලා ශ්‍රී ලංකාවේ ඉතාමත් සුලභ ශාකයකි. මෙරට බොහෝ දෙනකු නොදැනුවත්භාවය මත වල් පැළෑටියක්ම පමණක් ලෙසට මදුරුතලා ශාකය හඳුනාගත්තද ඉන්දියාවේ නම් මෙම ශාකයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ඉන්දීය ජනයා අතර වන්දනීය ශාකයක් වන මදුරුතලා පැළෑටිය බැගින් එරට සෑම නිවෙසකම රෝපණය කර ඇති අතර දිනපතා, උදේ සවස එම ශාකයට ජලය දමා වන්දනා කිරීමේ සිරිතක්ද ඉන්දියානුවන් තුළ පවතී. විෂ්ණු දෙවියන්ගේ ආශීර්වාදය ලැබිය හැකි ශාකයක් ලෙස ඉන්දියානුවන් අතර ප්‍රචලිත මෙම මදුරුතලා පැළයක් ගෙවත්තේ රෝපණය කර ඇත්නම් එම නිවෙසට කිසිදු අමනුෂ්‍ය බලපෑමක් නොවන බවටද ඔවුන් අතර විශ්වාසයක් පවතී. හින්දු ආගමිකයන්ගේ විශ්වාසයට අනුව සුර - අසුර යුද්ධයේදී කිරි මුහුද කැලඹූ අවස්ථාවේ ධන්වන්තරී නමැති දිව්‍ය රාජයාණන්ට අමෘතය හමු විය. එසේ හමු වූ අමෘතය දෙවියන්ට සමව බෙදන අවස්ථාවේ අමෘතයේ බිඳක් බිමට වැටුණු බවත් ඒ බිමට වැටුණු අමෘතය බිඳෙන් මෙම වන්දනීය ශාකයේ උපත සිදු වූ බවත් හින්දු බැතිමතුන් අතර විශ්වාසයක් පවතී. විෂ්ණු දෙවියන්ට පූජාවක් පවත්වයි නම් ඒ පූජාව සඳහා අත්‍යවශ්‍යම අංගයක් ලෙස මදුරුතලා ශාකය පත්වී තිබීමෙන්ම මෙම ශාකය කෙරෙහි හින්දු භක්තිකයන් තුළ පවතින විශ්වාසය මනාව පැහැදිලි වේ. එවන් උසස් පිළිගැනීමක් පවතින මදුරුතලා "විෂ්ණු ප්‍රියා" (විෂ්ණු දෙවිගේ කැමැත්ත) යන නමින්ද හඳුන්වන්නේ ඒ නිසාමය. එමෙන්ම හනුමන් දෙවි වන්දනාමාන කරන බැතිමතුන්ද කෝවිල් අවට මෙම ශාකය රෝපණය කර තිබෙන අයුරු අපි දැක ඇත්තෙමු. ඉන්දීය පිළිගැනීම තුළ එවන් උතුම් ගෞරවයක් පවතින මදුරුතලා ලංකාවේ බොහෝ දෙනකු වල් පැළෑටියක් ලෙසින් සැලකුවද සැබැවින්ම මෙය වල් පැළෑටියක්ම නොවේ. මදුරුතලා යනු අප දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ හදවත් රෝග, දියවැඩියාව, කොලෙස්ටරෝල්, මැලේරියාව, පිළිකා ආදී විවිධ රෝග සඳහා නිශ්චිත සුවය සලසාලන දිව්‍යමය ඖෂධයකි. මෙම අද්විතීය ඔෟෂධයේ අනුසාරයෙන් ශරීර අභ්‍යන්තරව සහ බාහිරව හටගන්නා විවිධ රෝග සඳහා සුවය සලසන ඖෂධ සිය නිවෙසේ සිටම සාදාගන්නා ආකාරය පිළිබඳ රාජගිරිය ආයුර්වේද වෛද්‍ය විද්‍යා ආයතනයේ ජේ‍යෂ්ඨ කථිකාචාරිනී එස්.කේ.එම්.කේ. හැරපත්දෙණිය මහත්මිය පැවසුවාය.

"අපේ ලංකාවේ බොහොමයක් දෙනා මදුරුතලා කියන නම කිව්වම හිතන්නේ එය වල් පැළෑටි ගණයට අයත් වන ශාකයක් කියලා. නමුත් ඉන්දියාවේ මේ පැළෑටිය ඉතාමත් ඉහළින් ගෞරවයෙන් පිළිගන්නවා හින්දු භක්තිකයන්. ඉන්දියාව, තායිලන්තය වැනි රටවල ඉතාමත් ප්‍රචලිත මදුරුතලා අපේ රට තුළත් ඉතා ඉහළ ගණයේ ඖෂධීය පැළෑටියක්. අතීතයේ සිටම අපේ වෛද්‍යාචාර්යවරු මදුරුතලා ශාකය මඟින් නිපදවූ ඖෂධ වර්ග භාවිත කරමින් විවිධ රෝගාබාධ සුව කර ඇති බවට අතීත වෛද්‍ය ග්‍රන්ථ සාක්‍ෂි දරනවා. අපේ ආයුර්වේදයට අනුව හීන් මදුරුතලා හා මහ මදුරුතලා යනුවෙන් මදුරුතලා වර්ග දෙකක් තිබෙනවා. ඒ නම් දෙකට අමතරව තවත් නම් දෙකක් මේ සඳහා භාවිත කරනවා. කොළ පාට මදුරුතලා රාම තුල්සි කියලත්, දම් පාට මදුරුතලා, ක්‍රිෂ්ණ, තුල්සි කියලත් හඳුන්වනවා. මධ්‍යම ප්‍රමාණයේ ශාකයක් වන දම් සහ කොළ පැහැති මේ මදුරුතලා වර්ග දෙකම ඉතාමත් සුලභයි. මේ දෙකම ආයුර්වේදයේ ඖෂධ පිණිස භාවිත කළත් දම් පැහැති මදුරුතලා වඩාත් ගුණදායකයි. මදුරුතලා ඖෂධයේ පත්‍රවල, දඬුවල, මල්වල තීක්‍ෂණ සුගන්ධවත් බවක් පවතිනවා. එයට හේතුව මේ ශාකයේම පවතින වාෂ්පශීලී සුගන්ධ තෙල. ඒ හේතුව නිසාම මදුරුතලා ශාකය සතුව වාතය පිරිසුදු කිරීමේ සුවිශේෂී ගුණයක් පවතිනවා. ඒ නිසා නිවෙස් ආශ්‍රිතව මදුරුතලා ශාකය රෝපණය කරනව නම් ඒක ඉතාමත්ම හොඳයි. ඒ වගේම මදුරුතලා පැළ හොඳින් වියළාගෙන දිනපතා හවස නිවෙසේ දුම් අල්ලනව නම් මදුරුවන් පලවා හැරීමටත් විසබීජ මැරීමටත් හැකි විශේෂ රසායනික ගුණයක් මේ තුළ පවතිනවා. අතීතයේ ගම්වල ජනතාව මදුරුවන් පලවා හැරීමට වියළි මදුරුතලා ගිනි අඟුරුවලට දමා දුම් අල්ලා තිබෙනවා."

Ocimum tenuiflorum

නමැති උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන මදුරුතලා අයත් වන්නේ Lamiaceae

කුලයටයි. තුල්සි, විෂ්ණු ප්‍රියා, සුරාලා, ගෞරි වැනි නම්වලින්ද හඳුන්වනු ලබන මදුරුතලා සෘෂිවරුන්ගේ යුගයේ පටන් ඖෂධ පිණිස ගත් බව පුරාණයේ වේද ග්‍රන්ථයක් වන අථර්වන් වේදයේ සඳහන් වේ. චරක සෘෂි විසින් රචනා කරන ලද චරක සංහිතාවේ සඳහන් වන පරිදි සෙම් රෝග නැසීමට ඇති ප්‍රධානතම දේශීය ශාක ඖෂධයක් ලෙසද මදුරුතලා හෙවත් තුල්සි නම් කොට තිබේ. දේශීය ආයුර්වේදයේ පවතින කළු තලා, සුවඳ තලා, එලමිල් තලා, කෙහෙ තලා, අවු තලා ආදී තලා වර්ග දහය අතරද මදුරුතලාවලට ප්‍රධානත්වයක් හිමි වේ. අප දේශීය ආයුර්වේදය තුළ මදුරුතලා ශාකයේම සෑම කොටසක්ම ඔසු පිණිස ගන්නා බවත්, ශරීරයේ බාහිරව සහ අභ්‍යන්තරව හටගන්නා විවිධ රෝග සඳහා එම ඖෂධ හොඳ ප්‍රතිකාරයක් බවත්, මෙම ශාකය සතුව පවතින වාෂ්පශීලී තෛල හේතුවෙන් රෝග නාශක ගුණය ඉක්මන් වන බවත් හැරපත්දෙණිය මහත්මිය පවසන්නීය.

"මේ ශාකය තුළ පවතින වාෂ්පශීලී තෛලය නිසාම මදුරුතලා කොළ, මුල්, කඳ වැනි මෙහි සෑම අංගයක්ම ශරීරයේ අස්ථි, සන්ධි, වේදනා නැති කිරීමට ඉතාමත් ගුණදායකයි. ඒ නිසාම යමෙක් සන්ධි වේදනාවකින් පෙළෙනවා නම් මදුරුතලා පත්‍ර ඇල් වතුරෙන් අඹරා පත්තුවක් ලෙස වේදනාව ඇති සන්ධිය වටා ආලේප කරන්න. ඒ වගේම තමයි විවිධ සැරව ගෙඩි, විසප්පු, කුෂ්ඨ වැනි රෝග හටගත් අවස්ථාවකදී මදුරුතලා කොළ එළඟි තෙලෙන් සියුම් වෙන්න අඹරා සැරව ගෙඩි, විසප්පු මතුපිට ආලේප කරන්න. ඉන් පසු ඉක්මනින් පැසවා සැරව ඉවත් වී ඉක්මන් සුවය අත් වේවි. ඒ වගේම තමයි සැරව ගලා පැසවන සුව නොවන තුවාල ඇති අය මදුරුතලා කොළ තම්බා නිවාගත් වතුරෙන් වාර කිහිපයක් ඒ තුවාල සෝදන්න. තුවාලවල පවතින විස වර්ග මෙහි පවතින රසායනික තෙල නිසා විනාශයට පත්වෙලා ඉක්මන් සුවය අත් වේවි. ඒ පමණක්ම නෙවෙයි විවිධ කුෂ්ඨ වර්ගවලට, ඉකිලි සහ කිහිලි ආශ්‍රිතව කැසීමෙන් හටගන්නා දදවලින් මදුරුතලා ඖෂධය සම්පාදිතව හොඳ බෙහෙතක් සාදාගන්නා හැහටි මම කියන්නම්. මදුරුතලා කොළ, ටංකන (පුස්කර) සහ ගෙන්දගම් (ශෝධිත ගෙන්දගම්) සමව අරගෙන ඒවා දෙහි යුෂෙන් අඹරාගෙන දින කිහිපයක් කුෂ්ඨවල, දදවල ආලේප කරන්න. ඔබට එයින් ඉක්මන් සුවයක් අත් වේවී."

ශරීරයේ බාහිර රෝග සඳහා මෙන්ම ශරීර අභ්‍යන්තරිකව හටගත් රෝග සුව කිරීම සඳහාද මෙම අද්විතීය ඖෂධීය ශාකය අනුසාරයෙන් ඔසු නිපදවන ආකාරයද ජේ‍යෂ්ඨ කථිකාචාරිනිය පැවැසුවාය. "ශරීරයේ ඇතුළතින් හටගන්නා රෝපීඩා සඳහාත් මදුරුතලා හොඳ ඖෂධයක්. ඒ අතර අද බහුතරයක් දෙනා මුහුණපාන ලෙඩක් තමයි සෙම රෝගය. නිරායාසයෙන් කටට සෙම එන රෝගයෙන් ගොඩක් දෙනා පීඩා විඳිනවා. එවන් සෙම් රෝගයෙන් පෙළෙන අය මදුරුතලා බීජ පත එකක් අරගෙන මුට්ටියකට දමා එයට වතුර පත හතරක් මිශ්‍ර කර පත එකක් වීමට සිඳුවා ගන්න. ඉන්පසු හොඳින් පෙරා උදේට පත භාගයයි සවසට පත භාගයයි දින කිහිපයක් බොන්න. සෙම් රෝගය නිට්ටාවටම සුව වේවි.

ඒ වගේම ඔබට කෑම අරුචිය, උදරයේ දැවිල්ල, උදර වේදනා වගේ රෝග තත්ත්වයක් ඇති නම් මදුරුතලා කොළ ග්‍රෑම් 30ක් තරමක් වියළි ඉඟුරු ග්‍රෑම් 30ක් සමව අරගෙන සියුම්ව හොඳින් අඹරා කුඩා ගුළි 20ක් හදාගන්න. ඉන්පසු දිනපතා උදේ හවස ගුළිය බැගින් දින දහයක් ඒ ඖෂධීය ගුළිය ආහාරයට ගන්න. බඩේ අමාරු, කෑම අරුචිය, බඩ දැවිල්ල කියන මේ සෑම ලෙඩකටම එය ගුණය ලබා දෙන ඔසුවක්. මේ ඖෂධය ලොකු කුඩා වයස් භේදයකින් තොරව කිසිදු අතුරු ආබාධයක් නොමැතිව ආහාරයට ගන්න පුළුවන් ඖෂධයක්.

මැලේරියාව වැනි උණ සඳහා දේශීය ආයුර්වේදය තුළ වඩාත්ම සුදුසු ඔෟෂධය තමයි මදුරුතලා. ඒ නිසා මැලේරියා රෝගීන්ට මදුරුතලා මුල්, විෂ්ණු ක්‍රාන්ති, අමු ඉඟුරු කළං 4 බැගින් ගෙන මුට්ටියකට දමා වතුර පත 7ක් එකට සිඳුවා පෙරා දින කිහිපයයක් උදේ සවස පත භාගය බැගින් බොන්න දෙන්න. මැලේරියා රෝගය සුවකර ගැනීමට ඒ ඖෂධීය කෂාය ඉතාමත්ම ගුණදායකයි.

කුඩා දරුවන්ට කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, පීනස, ඇදුම වගේ රෝග හටගත් විටදී අපේ මවුපියන් දරුවන්ට විවිධ බටහිර ප්‍රතිකාර කරන්න පුරුදු වෙලා ඉන්නවා. නමුත් අපේ දේශීය ආයුර්වේදය තුළ කුඩා දරුවන්ගේ එවන් රෝග සඳහා කිසිදු අතුරු ආබාධයක් නොමැති ඖෂධයක් සාදාගන්නා හැටි සඳහන් වෙනවා. ඔබට එය නිවෙසේ සිටම සාදාගන්නා ආකාරය මම කියන්නම්. ඒ ඖෂධයේ නම "තුලසීපත්‍ර පැණිය". මේ පැණිය සාදාගන්නේ මෙහෙමයි. මදුරුතලා අමු කොළ අරගෙන හොඳින් පිරිසුදු කරලා කොටාගෙන එහි යුෂ මිරිකා පෙරාගන්න. මදුරුතලා යුෂ ප්‍රමාණය වගේ හරි අඩක් එයට සීනි මිශ්‍ර කරලා ළිපේ තබා පැණි පදමට එනතුරු රත් කරන්න. ඒ ආකාරයට මඳගින්නේ කකාරා ගත් තුලසිපත්‍ර පැණිය ළිපෙන් බා නිවුණු පසු වාතාශ්‍රය නොයන බෝතලයකට දමා මම පෙර සඳහන් කළ රෝග තිබෙන දරුවන්ට (වැඩිහිටියන්ටද කම් නැත) උදේ සවස තේ හැඳි එක බැගින් දිනපතා බොන්න දෙන්න. නාසයෙන් ලේ ගලන තත්ත්වයේ පීනසට වගේම කැස්සට, ඇදුමට, සෙම්ප්‍රතිශ්‍යාවටත් මේ ඖෂධීය පැණිය ගුණදායකයි."

මදුරුතලා ශාකය භාවිතයෙන් රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය තුළ කළ පර්යේෂණවලින් තවත් සුවිශේෂී කරුණක් හෙළි වූ බවද ජේ‍යෂ්ඨ කථිකාචාරිනිය අපට පැවැසුවාය. එනම් මානසික විෂාදයෙන් පෙළෙන්නන්ගේ මානසික වියවුල් බව මකා මනස නිරවුල් කරවීමේ සුවිශේෂී ඖෂධීය ගුණයක්ද මදුරුතලා ශාකය සතුව පවතින බව එම පර්යේෂණයෙන් තහවුරු වීමයි. එබැවින් මානසික විෂාදයෙන් පෙළෙන පුද්ගලයන්ට දිනකට මදුරුතලා පත්‍ර කොටා මිරිකාගත් යුෂ වීදුරුවක් පානයට දෙන්නේ නම් එය දෛනිකව කිරීමෙන් මෙහි සාර්ථක ප්‍රතිඵල අත් විඳිය හැකි බවද ඇය පැවසුවාය."මානසික විශාදයෙන් පෙළෙන අයට මදුරුතලා යුෂ ඉතාමත්ම ගුණදායකයි. එය අපි පර්යේෂණ මට්ටමෙන් පවා කරලා සාර්ථක ප්‍රතිඵල මේ වන විට අත්විඳලා තිබෙනවා. අද වන විට අපේ සමාජයේ හෘදය ආශ්‍රිත රෝග ඉතාමත්ම බහුල වෙලා. මදුරුතලා හෘදය ආශ්‍රිත රෝග සඳහාත් සුවය සලසන ඖෂධයක් කියලා නවීන විද්‍යා පර්යේෂණ මඟින් දැන් තහවුරු වෙලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි රුධිරය පිරිසුදු කිරීමට වගේම හෘදයේ මනා ක්‍රියාකාරිත්වයටත්, රුධිරයේ අධික මේද තත්ත්වය අඩු කිරීමටත්, දියවැඩියා රෝගය සුව කිරීමටත් ඔබ කළ යුත්තේ එකම එක ප්‍රතිකර්මයක් පමණයි. එනම් මදුරුතලා පත්‍රවලින් සාදාගත් යුෂ වීදුරුවක් දින කිහිපයකට වරක්වත් පානය කිරීම පමණයි ඔබ කළ යුත්තේ. පෙර සඳහන් කළ සෑම රෝගයක්ම එමඟින් සුවපත් වේවි. මදුරුතලාවල පවතින ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා එවන් රෝග නාශනය කිරීමේ විශේෂ හැකියාවක් මේ ඖෂධය තුළ පවතිනවා."

වත්මන වන විට සමාජයටම පිළිකාවක් වී ඇති "පිළිකාව"රෝගය සඳහාද මෙම අත්විතීය ඖෂධය ඉතාමත් ගුණදායක බව ජේ‍යෂ්ඨ කථිකාචාරිනිය පැවසුවාය."පිළිකාව කියන්නේ අද වන විට බහුල වශයෙන් සමාජගතව පවතින රෝගයක්. පෙණහලු පිළිකා, අක්මා පිළිකාවලට අද වන විට අපේ රටේ අහිංසක ජනතාව අතරින් විශාල පිරිසක් ගොදුරුවෙලා. පෙණහලු සහ අක්මා ආශ්‍රිතව හටගත් පිළිකා සුව කිරීමටත් එවන් පිළිකා හටගැනීමේ අවදානම නැති කිරීමටත් ඇති ප්‍රබලතම ඖෂධයක් තමයි මදුරුතලා කියන්නේ. මදුරුතලා පත්‍ර මඳ පවනේ වියළාගෙන තරමක් කුඩු කරලා සුළං නොවදින බෝතලයකට දමා තේ කොළ වෙනුවට උණුවතුරින් මදුරුතලා කොළ තම්බා ඔබට පානය කරන්න පුළුවන්. එම ඖෂධීය උණුසුම් බීම පානයට ගැනීම තුළින් හටගත් පිළිකා සුව කරනවා වගේම පිළිකා හටගැනීමේ අවදානමත් තුරන් කරනවා." මදුරුතලා යනු විටෙක ඖෂධයකි. තවත් විටෙක වාතය පිරිසුදු කරන පැළෑටියකි. තවත් විටෙක ගෙවත්ත අලංකාරවත් කරන විසිතුරු පැළයකි. එවන් සුවිශේෂී ලක්‍ෂණ රැසකින් සමන්විත මදුරුතලා සැබැවින්ම රසවත් ගුණවත් ආහාර රස කාරකයකි. එය තහවුරු කරමින් තායිලන්තයේ වැසියන් තමන් විසින් පිසින ලද බොහෝ ආහාර සඳහා මදුරුතලා පත්‍රද එක් කරන බවද හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය. එමඟින් ආහාර රුචිය වඩවනවා පමණක් නොව පෙර කී සියලුම රෝග සඳහාද වක්‍රාකාරව එයින් ගුණයක් අත්පත් වේ.

කලින් කලට සමාජයේ විවිධ වෛරස් උණ වර්ග හට ගනී. ඒ සෑම උණ රෝග තත්ත්වයකදීම ක්‍ෂණික වේදනා නාශක පෙති භාවිතයට නොගෙන ශරීරයට හිතකර දේශීය ඖෂධයක් මදුරුතලාවලින් සාදාගන්නා ආකාරයද ජේ‍යෂ්ඨ කථිකාචාරිනිය පැවැසුවාය. "මදුරුතලා තම්බා පෙරාගත් වතුරට එනසාල් කුඩු ස්වල්පයක්, සීනි ස්වල්පයක් මිශ්‍ර කරලා බොන්න. ඇඟ පත වේදනා වෛරස් උණ තත්ත්වයන් එයින් නිට්ටාවටම සුව වෙනවා. ඒ වගේම තමයි අපේ තරුණ දරු දැරියන් මුහුණපාන ප්‍රධානම ගැටලුවක් තමයි කුරුලෑ වසංගතය. වෙළෙඳපොළේ ඇති විවිධ රසායනික ද්‍රව්‍යය මුහුණේ ආලේප කළාම සමට හානි වෙනවා වගේම එහි අතුරු ආබාධයක් ලෙසට කුරුලෑ හටගන්නවා. එවන් කුරුලෑ හටගත් අය දිනපතා උදෑසන මදුරුතලා කොළ කොටා ගත් යුෂ කුරුලෑවල ආලේප කර පැයක පමණ කාලයක් රැඳී සිට මුහුණ සෝදන්න. දින කිහිපයක් මේ ක්‍රියාව කරනවනම් ඔබට පැහැපත්, නිරෝගී, ලප කැළැල්, කුරුලෑ ද නැති දිදුලන සමක් ලබන්න පුළුවන්."

සැබැවින්ම මදුරුතලා යනු කිරි මුහුද කැලඹූ අවස්ථාවේ දෙවියන්ට හමු වූ අමෘතයෙන් බිමට වැටුණු බිඳුවකින් සෑදුණු දිව්‍යමය පැළෑටියක් නොවේද? ඒ තරමටම ඖෂධීය ගුණ සමුදායක් මේ ශාකය සතුව පවතී. යමෙක් සර්ප දෂ්ටනයකට ලක් වුණා නම් ප්‍රතිකාර සඳහා ගෙන යෑමට පෙර සර්පයා දෂ්ට කළ ස්ථානයේ මදුරුතලා කොළවලින් ගත් යුෂ ආලේප කර ප්‍රතිකාර සඳහා රැගෙන යන්න. විෂ රඳවා තබා ගැනීමේ හැකියාවක් ඒ තුළ පවතිනවායැයි අවසානයේදී හැරපත්දෙණිය මහත්මිය අපට පැවැසුවාය.

උපුටා ගැනීම මව්බිම පුවත්පත
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top