ආදරවන්තයින්ගේ දිනය දවසේ චොක්ලට්වලට තියෙන්නේ ලොකු ඉල්ලුමක්.. ඒත් මේ සැරේ වැලන්ටයින් එක දවසේ නම් ඒ කතාව ටිකක් වෙනස් වෙලා..
දේශගුණික විපර්යාස නිසා පෙම්වතුන්ට වැලන්ටයින් දිනයදා චොකලට් සොයාගන්න එක තරමක් කටුක කාර්‍යක් වෙලාලු..
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ගෝලීය කොකෝවා නිෂ්පාදනයෙන් 70% කට පමණ වගකියන බටහිර අප්‍රිකානු කලාපයේ පවතින දේශගුණික අර්බුදය සමග සති ගනනාවක් තිස්සේ ඉහළ යන උෂ්ණත්වය නිසා කොකෝවා අස්වැන්න නෙළීමට බාධා එල්ල වී ඇති බවයි...
මේ නිසා වාර්තාගත ලෙස චොකලට් මිල ඉහළ යාමට හේතු විය හැකි බව පර්යේෂකයෝ පවසනවා..
එබැවින් ඇතැම් විට වැලන්ටයින් දිනයදා ඔබට මේ වසරේ වැඩි මුදලක් චොකලට්වලට වැය කරන්න සමහර විට සිදු වේවි...
ඇතැම් වෙළෙදුන් මේ ඉහළ පිරිවැය පියවා ගැනීම සඳහා පසුගිය මාසයේ චොකලට් මිල 20% කින් ඉහළ නැංවීමට කටයුතු කර තිබෙනවා.. එසේම වසර අවසානයට පෙර තවත් වැඩිවීමක් කරන්නත් ඔවුන් බලාපොරොත්තු වෙනවා..
එමෙන්ම බොහෝ වෙළෙදුන් හදවත හැඩැති ඇසුරුම් පෙට්ටි තුළ ඇති චොකලට් වල චොකලට් පිරිවැය පියවා ගැනීම සඳහා විවිධ ගෙඩි සහ පලතුරු වැනි පිරවුම් ද්‍රව්‍ය ද අඩංගු කර ඇතැයි ද වාර්තා වෙනවා...