එදා හදිසි අනතුරකින් මිය යාම අද ඝාතනයක් වුණේ කොහොමද ?
අභිරහස් ලෙසින් මියගිය රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ දේහය ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ ඉදිරියේ වසර 3 කට පසු අද උදෑසන ගොඩගනු ලැබුවා. ඔහු සැකකටයුතු අන්දමින් සිය මෝටර් රථය තුළ පිලිස්සී මියගොස් සිටියදී නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනය අසල මාර්ගයේදී සොයා ගත්තේ 2012 වසරේ නොවැම්බර් 17 වනදායි.
ඔහුට උල් ආයුධයකින් ගෙළ ප්‍රදේශයට පහරදී තුවාල සිදුකර ඇති බවත්, එසේම, මොට ආයුධයකින් ද පහරදී ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බවයි රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ.