අප රටේ සුන්දරත්වය සියැසින් දැකබලාගන්නට විදේශයන්ගේ සිටි පැමිණෙන සංචාරකයින් පිරිස අතිමහත්ය. ඔවුන් අප රටේ පරිසර සුන්දරත්වයට පමණක් නොව ජීවත්වන මිනිසුන්ගේ ජීවන රටාවටද ආදරය කරන්නේ ඔවුන්ගේ තරම් නාගරීකරණය නොවූ සුන්දර වටපිටාවත් තුල ආගන්තුක සත්කාරයන් ඉහළින්ම සිදුකරමින් අයෙකුව පිළිගැනීමට අපට හැකිවී තිබීම නිසාවෙනි.
නමුත් පසුගිය කාලයේ විදෙස් රටවලින් පැමිණි අයට සිදුවූ ඇතැම් සිදුවීම් නිසාවෙන් ඔවුන් අපරට සම්බන්ධයෙන් වැරදි අදහසක් ඇතිකරගන්නට ඇතිවා වන්නට පුලුවන. එවැනිම ලෙසකින් අපරටේ කීර්තිය විදේශික කාන්තාවන් දෙදෙනෙකු ඉදිරියේ කෙලෙසන්නට හැදූ සල්ලාල ත්‍රීවිල් රියදුරෙකු පිළිබඳව මේ වන විට අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වේ.
පසුගිය දිනෙක ජපන් ජාතික කාන්තාවක් හා ඇමරිකානු ජාතික කාන්තාවක් අනුරාධපුර පූජා නගරයට පැමිණියේ සංචාරයක් සඳහායි. ඔවුන් සතියක පමණ කාලයක් අනුරාධපුරයේ සිට ඇති අතර දිනක් රාත්‍රියේ වෙළඳසැලකට ගොස් ඇත්තේ යම්කිසි දෙයක් මිලදීගැනීම සඳහායි. ඔවුන් එම ස්ථානයට ත්‍රී රෝද රථයකින් ගොස් ඇති අතර එයින් බැස පාළු පාරේ ඇවිදන් යන විට තවත් ත්‍රීරෝද රථයක් පැමිණ ඔවුන් අසලින් නතර කරන්නට විය.
පසුව එයින් එළියට බැසගත් නොසන්ඩාල රියදුරා ජපන් කාන්තාව අසලට පැමිණ ඇයට බදාගෙන හාදුවක් දෙන්නැයි කියමින් ඇයට සමීප වෙන්නට වී ඇත. එකවැරම සිදුවූ දෙයින් කළබලයට පත් ජපන් ජාතික කාන්තාව තමා අසලට ආ නොසන්ඩාල රියදුරා තල්ලුකර දමා එම ස්ථානයෙන් පැන එන්නට කටයුතු කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසු දින ඔවුන් පොලිසියේ පැමිණිල්ලක්ද කර ඇති අතර අදාල පුද්ගලයා සොයා මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බවටද වාර්තා වේ.