Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



වයස අවුරුදු 18ක පිරිමි ළමයෙකු සහ 15 හැවිරිදි ගැහැණු ළමයෙකු රත්නපුර - කොළොන්න - මඩුවන්වෙල ප්‍රදේශයේ පාළු නිවසක කාමරයක් තුළ ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා. පොලිසිය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අද (09) උදෑසන ඔවුන්ගේ සිරුරු සොයා ගැණුනා.

තම ප්‍රේම සම්බන්ධතාවට දෙමාපිය විරෝධය එල්ල වීම හේතුවෙන් ඔවුන් මෙලෙස දිවි නසා ගෙන ඇති බවයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ.  

views708 Views
comment
පසුගියදා මහින්ද රාජපක්ෂ දිනවීමට සංවිධානය කර තිබූ  රැස්වීමට සහභාගී වූ ගාමිණි ලොකුගේ මහතා එහිදී වේගවත් කථාවක් කරන්න වූ බවට වාර්තා වෙනවා.

පසුව එම කතාව අවසන් කරන්නට ඔන්න මෙන්න තිබියදී ඔහු විසින් පවසන්නේ ‘‘අද ජනතාව පෙලගැහිලා ඉන්නවා ලබන 17වෙනිදට රනිල් දිනවන්න‘‘ යනුවෙනුයි. මහින්ද රාජපක්ෂ දිනවන වේදිකාවක මේවැනි දෙයක් කීම සම්බන්ධයෙන් අවට සිටින පිරිස් විශ්මයට පත්වී තිබෙනවා.

views843 Views
comment
වෙඩි තැබූ වාහනයත් හඳුනාගනී

පසුගිය ජුලි 31 වනදා කොටහේන බ්ලූමැන්ඩල් පාර ප්‍රදේශයේදී අමාත්‍ය රවී කරුණානායකගේ ආධාරකරුවන්ට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ වැදගත් තොරතුරු රැසක් අනාවරණ වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

වෙඩි තැබීමේ සිද්ධියෙන් කාන්තාවක සහ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වු අතර, තවත් 11 දෙනෙකු තුවාල ලැබුවා. වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි හයිබ්‍රිඩ්  වර්ගයේ කළු පැහැති මෝටර් රථය දැන් හඳුනාගෙන තිබෙනවා.

views287 Views
comment
ග්‍රාමීය උපරිම වේගය 70යි
නාගරික උපරිම වේගය 50යි

ප්‍රධාන මාර්ග 72ක වේග සීමා පුවරු සවි කර ඇති බැවින් එම මාර්ගවල මේ මස 11 වනදා සිට අධික වේගයෙන් ධාවනය වන වාහන සඳහා නඩු පවරන බව පොලිස් මූලස්ථානය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධීකරණ නියෝගයකට අනුව මාර්ගයන්හි නිසි වේග සීමා පුවරු සවි කරන තෙක් අධික වේග නඩු ලබා නොගන්නා ලෙසට දන්වා තිබූ බවයි.
views537 Views
comment
වෛද්‍යවරයෙක් වගේම ජනප්‍රිය ගායකයෙක් වුනු ප්‍රදීප් රංගන පසුගිය දවසක විවාහ වුනා කියලා අපි හැමෝම දන්නවනේ. ඒ වගේම ඔහුගේ අතගත්ත වාසනාවන්තිය වුනේ පොඩිකාලේ ඉඳන්ම ආදරේ කරපු චතුරිකා.

සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය වුනාම පරණ අය අමතක වෙනවා කියලා කට්ටිය කීවට ප්‍රදීප් නම් තමන්ගේ සහකාරිය කරගෙන තියෙන්නේ අවුරුදු 11ක් ආදරේ කරපු පෙම්වතියව. දෙන්නා ඉස්ඉස්සෙල්ලාම මුණගැහිලා තියෙන්නේ පාර්ටියකදි. ප්‍රදීප් චතුරිකා ගැන දැනගෙන ඉඳලා තමයි එයාව බලන්න මේ පාර්ටි එකට ඇවිත් තියෙන්නේ.

views807 Views
comment
වනාතවිල්ලුව, වට්ටක්කණ්ඩල් ප්‍රදේශයේ වයස අවුරුදු 14ක දැරියක් බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීම හා රංචු ගැසී ස්ත්‍රි දූෂණය සිදු කිරීමේ වරදට සැකපිට බාල වයස්කාර සැකකරුවන් දෙදෙනෙකු පසුගිය දිනෙක වනාතවිල්ලුව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබුණි.

මෙසේ පොලිස් අත් අඩංගුවට පත්ව තිබුණේ වට්ටකණ්ඩල් ඉස්මයිල්පුරම් ප්‍රදේශයේ පදිංචිකාර වයස අවුරුදු (16) හා (14) වයස් කාණ්ඩවල පසුවන බාල වයස්කාරයන් දෙදෙනෙකු බව පොලිසිය සදහන් කරයි.

views1,113 Views
comment
englishtrans
‘‘ගෙට ගිහින් බලනකොට දුම යටින් පෙනුණා ඇස් වහගෙන හිටිගෙන ඉන්නවා ළමයා‘‘

මෙට්ටයකට ගිනි ඇවිලී බරපතල ලෙස පිළිස්සීම නිසා මොණරාගල - බිබිල - හෙලඅරාව ප්‍රදේශයේ වයස අවුරුදු 3ක පිරිමි දරුවෙකු ඊයේ (07) ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. සිතුම් පැහැසර නමැති මෙම දරුවා එම අවස්ථාවේදී ගිනි පෙට්ටියක් ද අතැතිව මෙට්ටය මත සෙල්ලම් කරමින් සිට ඇති අතර මව මුළුතැන්ගෙය තුළ රැදී සිට තිබෙනවා.

ටික වේලාවකින් දරුවා කෑගසනු ඇසී එම ස්ථානයට ගිය මවට දැක ගැනීමට හැකි වී ඇත්තේ දරුවා සිටි මෙට්ටය ගිනි ගන්නා බවයි.

views843 Views
comment
ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සදහා 82 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු.

views1,028 Views
comment
englishtrans
‘‘එයා අපේ  පවුලේ හිතවතෙක්‘‘

අනතුරකට පත්වීමකින් මියගිය රගර් ක්‍රීඩක වසීම් තාජුදින්ගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට දැඩි ආන්දෝලනයක් ඇති වී තිබෙනවා.  අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවලට අනුව එය ඝාතනයක් බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති අතර ඒ අනුව ඔහුගේ දේහය මේ මස 10 වනදා ගොඩගැනීමට නියමිතව තිබෙනවා.

කෙසේ නමුත් වසීම්ගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට නාමල් රාජපක්ෂ විසින් BBC සංදේශයට අදහස් පළකර ඇති අතර ඔවුන්ගේ පවුල්ට මේ සම්බන්ධයෙන් එල්ලවන චෝදනා තරයේ ප්‍රතික්ෂේක කර තිබෙනවා.

views1,686 Views
comment


ශ්‍රී ලංකා පිල නියෝජනය කළ ක්‍රීඩකයෙක් වන චතුරංග සිල්වා යුගදිවියට එළැඹ තිබෙනවා.

ඔහු ශ්‍රී ලංකා පිල වෙනුවෙන් එක්දින තරඟ 6කට ක්‍රීඩාකර ඇති අතර ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 80ක්. එමෙන්ම ඔහු එක්දින කඩුලු 5ක් බිඳදමා තිබෙනවා.

views3,145 Views
comment
englishtrans
අනූෂා දමයන්ති කියන්නේ රංගන ක්ෂේත්‍රයේ කා අතරක් ජනප්‍රිය නිලියක් කියලා අපි හැමෝම දන්නවනේ. හැබැයි ගොඩදෙනෙක් කතාවුණු දෙයක් තමයි මෙච්චර ජනප්‍රිය වෙලත් අනූෂාට තාම පෙම්වතෙක් වත් නැත්තේ ඇයි කියලා.

ඒකට ළඟදිම උත්තරයක් දෙන්නම් කියලා අනූෂා කියලා තිබුණා වගේම දැන් ඒ ගැන පළවෙනියටම හිරු ගොසිප් අපිට කියන්න අනූෂා මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා. එයා කියන විදියට තමන්ගේ ආදරේ හිතපු නැතිවිදියට හම්බවුණු එකක්ලු. ඒ වගේම ලොකු රහසක් විදියට තමන්ගේ ආදරේ අනූෂා තියාගෙන හිටියා කියලත් අපිත් එක්ක කීවා.


views1,968 Views
comment
අනියම් සම්බන්ධයක්‌ මුල්කර ගනිමින් පුද්ගලයකුගේ බෙල්ල කපා ගම්පොල නුවරඑළිය මාර්ගයේ රම්බොඩ කන්දකින් පහළට දැමූ ප්‍රධාන සැකකරු ඇතුළු දෙදෙනකු ලබන 12 දා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නාවලපිටිය මහෙස්‌ත්‍රාත් එල්. කේ. මහින්ද මහතා නියෝග කර තිබෙනවා.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත වූයේ පේරාදෙණිය පිළිමතලාව පදිංචි ඩී. ජී. එම්. කමල් හා ආර්. එම්. රත්නායක යන දෙදෙනායි.

views566 Views
comment
englishtrans
ඝාතනය පළිගැනීමක්ලු ?

ඊයේ පස්වරු 1.15ට පමණ කොටහේන ජම්පටා වීදියේ වෙළඳසැලක් ඉදිරිපිටදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබුණා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 33 හැවිරිදි ජෝන් පීටර් රීගන් නමැති පුද්ගලයෙක්.

මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ, මෙම පහරදීම සිදුකර ඇත්තේ, ත්‍රිරෝද රථයකින් පැමිණි සිව්දෙනෙකු බවයි. එම සැකකරුවන් කවුරුන්ද යන්න මේ වනවිටත් හදුනාගෙන ඇති බව පොලිසිය සදහන් කළා.

views381 Views
comment
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලින් පිටවන සිසුන්ට ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය පුහුණුව  ලබාදීමට විරෝධය පළ කරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඊයේ සිදුකළ විරෝධතාවයට අත්වැරදීමකින් ජල කදම්භ ප්‍රහාරයක් එල්ලවීමෙන් පසුව පොලීසිය සිසුන්ගෙන් සමාව ගෙන තිබෙනවා.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඊයේ කොටුව දුම්රිය ස්ථානය අසල සිට විරෝධතා පා ගමනකින් පැමිණ කොළඹ - කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරතවුණා.

views779 Views
comment
‘‘උඹට ගිනි තියනවා. බෝම්බ ගහනවා. පවුල් පිටින් මරනවා කීවලු‘‘

වත්තල  ප්‍රදේශයේදී ඊයේ පුද්ගලයන් දෙදෙනෙකු තියුණු ආයුධවලින් පහරදී කපා කොටා ඝාතනය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ අදාල ඝාතන සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත්  අත්අඩංගුවට ගෙන නොමැති බවයි.

අළුයම 5.45 ට පමණ මෙම ඝාතනය සිදුව ඇත්තේ වත්තල - මාබෝල දංකනත්ත ප්‍රදේශයේදී. වයස අවුරුදු 46ක් වූ මොහොමඩ් අබින්සා නමැති මෙම පුද්ගලයා වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ කුකුළු මස් අළෙවිසැලක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක්.
views269 Views
comment
[1]      «      5131   |   5132   |   5133      »      [5572]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post






Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads


Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top