ප්‍රධාන මාර්ග 72ක වේග සීමා පුවරු සවි කර ඇති බැවින් එම මාර්ගවල මේ මස 11 වනදා සිට අධික වේගයෙන් ධාවනය වන වාහන සඳහා නඩු පවරන බව පොලිස් මූලස්ථානය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධීකරණ නියෝගයකට අනුව මාර්ගයන්හි නිසි වේග සීමා පුවරු සවි කරන තෙක් අධික වේග නඩු ලබා නොගන්නා ලෙසට දන්වා තිබූ බවයි.
මේ අනුව, අදාළ වේග සීමා පුවරු සවි කර ඇති මාර්ගවල වේග සීමා උල්ලංඝනය කරන රියදුරන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථානය අවධාරණය කළා.
ඒ අනුව නගරබද ප්‍රදේශවල ඉඩම්වාහන, මෝටර් ට්‍රයිසිකල්, මෝටර් ට්‍රයිසිකල් වෑන්, කන්ටේනර් වැනි වාහන සඳහා වේග සීමාව පැයට කිලෝමීටර් 40 වේ. ඉහත වාහන හැර අනෙක් වාහන සඳහා වේගසිමාව පැයට කිලෝමීටර් 50ක් වේ.
එමෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල මෝටර් කෝච් රථ හා සියළුම ලොරි සඳහා වේගය පැයට කිලෝමීටර් 60ක් වේ. ඉඩම්වාහන, මෝටර් ට්‍රයිසිකල්, මෝටර් ට්‍රයිසිකල් වෑන්, කන්ටේනර් වැනි වාහන සඳහා වේග සීමාව පැයට කිලෝමීටර් 40 වේ. ඉහත කාණ්ඩයන්ට අයත් නොවන අනෙක් වාහන සඳහා වේගය පැයට කිලෝමීටර් 70 වේ.