වෛද්‍යවරයෙක් වගේම ජනප්‍රිය ගායකයෙක් වුනු ප්‍රදීප් රංගන පසුගිය දවසක විවාහ වුනා කියලා අපි හැමෝම දන්නවනේ. ඒ වගේම ඔහුගේ අතගත්ත වාසනාවන්තිය වුනේ පොඩිකාලේ ඉඳන්ම ආදරේ කරපු චතුරිකා.
සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය වුනාම පරණ අය අමතක වෙනවා කියලා කට්ටිය කීවට ප්‍රදීප් නම් තමන්ගේ සහකාරිය කරගෙන තියෙන්නේ අවුරුදු 11ක් ආදරේ කරපු පෙම්වතියව. දෙන්නා ඉස්ඉස්සෙල්ලාම මුණගැහිලා තියෙන්නේ පාර්ටියකදි. ප්‍රදීප් චතුරිකා ගැන දැනගෙන ඉඳලා තමයි එයාව බලන්න මේ පාර්ටි එකට ඇවිත් තියෙන්නේ.
පාර්ටියෙන් පස්සෙත් ප්‍රදීප් චතුරිකා ගැන හිත හිත ඉඳලා අන්තිමට ලියුමක් ලියලා තමයි තමන්ගේ ආදරේ ගැන කියලා තියෙන්නේ. හැබැයි ප්‍රදීප් ලියුම දුන්නු ගමන් චතුරිකා ඒ ගැන චූටි අයියාට කියලා තියෙනවා. මොකද ඒ කාලේ ලොකු බයක් හිතුනාලු මීට කලින් ඒ විදියේ ලියුමක් ඇවිත් නැති නිසා.
කොහොම වුනත් ප්‍රදීප් ආදරේ ප්‍රකාශ කරලා අවුරුදු 4කට පස්සේ තමයි චතුරිකා එයාගේ කැමැත්ත ප්‍රදීප්ට දීලා තියෙන්නේ. ඒ වෙනකම් තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන ගිහින් තියෙන නිසාලු මේ තරම් කාලයක් ආදරේ ගැන ප්‍රදීප්ට කීවේ නැත්තේ කියලා චතුරිකා කියලා තියෙනවා.
ප්‍රදීප්ගේ විවාහයේ ඡායාරූප එකතුව පහතින්...
