තමන් පටන්ගත් ප්‍රේම සම්බන්ධයට තරුණියගේ ගෙදරින් අකමැති වීම නිසා ඇයගේ නිවසට මහ රෑ පැන්න අපූරු පෙම්වතෙක් පිළිබඳව වත්තේගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
මොහු මෙලෙස නිවසට පැන පෙම්වතියගේ බෙල්ලට පිහියක් තබා ඇයව මරණ බවට තර්ජනය කර පැහැර ගන්නටත් උත්සාහ කර තිබෙනවා.පසුගිය දිනෙක රෑ 11ට පමණ ඔහු මෙලෙස ගෙට පැන ඇති අතර තරුණයාට මෙම සම්බන්ධය නතර කරන ලෙසද පෙම්වතියගේ දෙමාපියන් අවවාද කර තිබෙනවා.
නමුත් එයට අකමැති වූ පෙම්වතා මෙලෙස ගෙට පැන ඇති බවයි වාර්තා වන්නේ.
ගෙදරට පනින්නට පෙර පෙම්වතා තරුණියගේ දෙමාපියන්ගෙන් දියණිය ඉල්ලා ඇති නමුත් ඔවුන් නිවසේ දොර විවෘත කර නැත. පසුව ගෙට පනින්නට සිතාගත් පෙම්වතා ගෙදර පිටුපස දොර කඩා ගෙට පැන පෙම්වතිය සිටි තැනට යන්නට වී ඇත. ඔහු මේසයක තිබූ පිහියක්ද රැගෙන ඇය අසල ගොස් බෙල්ලට තබා පවසා ඇත්තේ තමන් සමඟ යන්නට එන ලෙසයි.
එම අවස්ථාවේදී නිවැසියන් පොලිස් හදිසි දුරකතන අංකයට මේ පිළිබඳව දැනුම් දී ඇති අතර වත්තේගම පොලිසියේ නිලධාරීන් පිරිසක් එහි ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.