Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
10
මැණික් ගඟේ මිනීමරු කිඹුලන් එක්ක පොර බැඳ ජීවිත 152ක් බේරාගත් ගුණපාල අයියාගේ වීරක්‍රියාව

- මැණික් ගඟේ මිනීමරු කිඹුලන් එක්ක පොර බැඳ ජීවිත 152ක් බේරාගත් ගුණපාල අයියාගේ වීරක්‍රියාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19 Views

ගැඹුරු වළකදි මිනියක් ගන්න ගියාම කිඹුල්ලු මාව වට කරා,  යකඩ උලෙන් කිඹුලන් එක්‌ක පැයක්‌ සටන් කළා, දත් පාරවල් හැමතැනම

මේ වන විට කතරගම ලොන්ඩරියේ ගුණපාල අයියා යන නම ඇසූ පමණින් ඔහුව ජනප්‍රිය වී ඇත්තේ මැණික්‌ ගඟේ අතුරුදන් වූ මළමිනී සොයාදෙන අයකු වීම නිසායි. තවත් අවස්‌ථාවලදී මැණික්‌ ගඟේ ගසාගෙන ගිය ජීවිත 152 ක්‌ බේරා දුන් අයකු ලෙස කතරගම කවුරුත් දන්නා අයකි.

කතරගම ප්‍රදේශයේ ජීවත්වෙන වැල්පිටිය හේවගේ ගුණසිරි කුලරත්න (61) මහතා කතරගම නගරයේ තම පියාට අයත්ව තිබූ ගුණපාල ලොන්ඩරිය පවත්වාගෙන ගිය නිසා කවුරුත් ඔහුව ආමන්ත්‍රණය කරන්නේ ගුණපාල අයියා කියලායි.



ඔහු ගේ සැබෑ නම වැල්පිට හේවගේ ගුණසිරි කූලරත්න වන අතර පසු ගිය 02 වැනි දින කතරගම දේවාල දිය කැපුම් වැල්ලේදී කිඹුලකුට ගොදුරු වූ තරුණයාගේ මළසිරුර දියේ තබා ගෙන විටින් විට උඩ පැන පැන සෙල්ලම් දැමූ කිඹුලා සිටින වළට පැන කිඹුලාගෙන් තරුණයාගේ මළ සිරුරු උදුරාගත් කූලරත්න මහතා දරුවන් 05 දෙනකුගේ පියකු වේ.

කුඩා කල මැණික්‌ ගඟ අසල නිවසක ජීවත් වූ කූලරත්න මහතා සිය ජීවිතයේ කොටසක්‌ මැණික්‌ ගඟ කරගෙන සිය පාසල් කාලයෙන් පසු වැඩිම කාලයක්‌ ගතකර ඇත්තේ මැණික්‌ ගඟේ බව ඔහු කියා සිටියි.

කිසිදු ඇගයීමක්‌ තවමත් නොලබා ඇති කූලරත්න මහතා පළමුව මාධ්‍ය වෙත තුති පුදකරමින් මෙසේ පැවැසුවේ.

මට කතරගම මැණික්‌ ගඟ කියන්නේ අපූරු සුන්දර තැනක්‌. මගේ කුඩා කාලය වැඩි හරියක්‌ ගෙවුනේ යාළුවන් සමඟ මැණික්‌ ගඟේ. මට වයස අවුරුදු 15 ක්‌ විතර ඇති එදා මැණික්‌ ගඟේ දිය වැඩි වෙලා බොර පාටට තිබුණා. වන්දනාවේ ආපු ආචිචි කෙනෙක්‌ ගඟට බැස්‌සා. මම දැක්‌කා ඒ මනුස්‌සයා ගඟට වැටුණ පාරටම ආච්චි නොපෙනි ගියා. මට කරන්න දෙයක්‌ නැහැ මම ආච්චිව ගන්න ගඟට පැන්නා. ආච්චිගේ අත අල්ලා ගත්තා. ආච්චි එකපාරටම මාව බදාගත්තා. දැන් ආච්චිටත් මටත් වතුර පෙවෙනවා. මට කරන්නම දෙයක්‌ නැති තැන ආච්චිට පයින් ගහලා කකුල අල්ලාගෙන ගොඩට පීනුවා. ආච්චිවත් බේරාගෙන මම ගොඩට පීනපු නිසා ආච්චි මට වැන්දා. මගෙ ඔළුව අතගාලා ගොඩක්‌ අය සතුට පුදකළා.
මම කරපු වැඩේ අපේ තාත්තට ආරංචි වෙලා හොඳටම බයවෙලා ඇවිත් මට හොඳටම ගැහැව්වා.

ඒ මැණික්‌ ගඟේ ගිය ජීවිතයක්‌ බේරාගත් මගේ මුල්ම අවස්‌ථාව. පස්‌සේ මම නිතරම මැණික්‌ ගඟ දිහා බලාගෙන ඉන්නවා. පුංචි බබාලා ඇවිත් ගඟට වැටෙනවා. මම දුවලා ගිහින් ගඟට පැනලා බේරා දීලා තියෙනවා.

මේ වසර 61 තුළ ජීවිත 152 ක්‌ බේරාදීලා තියෙනවා. මොරටුවේ ඉඳලා ආපු එකම පවුලේ අක්‌කා ගඟේ යන කොට නංගි පැන්නා. නංගිත් සැඩ පහරට ගසා ගෙන ගියා. මම ඇහැ නොපියා බලන් හිටියා. ඒ දෙන්න අත උස්‌සපු ගමන් මම ගඟට පැන්නා. අක්‌කා අල්ලා ගත්තා. අමරුවෙන් පීනලා අක්‌කව බේරාගත්තා. පස්‌සේ ගගේ පහළට දුවලා ආයි ගඟට පැන්නා. මගේ ඇඟේ ගෑවිලා නංගිව නොපෙනී ගියා. මමත් පීනුවා. ඒ ළමයා අල්ලාගෙන ආවා. ළමයා කිසිම හෙල්ලීමක්‌ නැහැ. මම බඩ මිරිකලා වතුර අරන් දැම්මා. එතකොටම ළමයා කැස්‌සා. පස්‌සේ නඩේ අය ඇවිත් ළමයා ඉස්‌පිරිතලෙට අරන් ගියා. ඒ අය කතරගම පැමිණි විට දී මට තැගී බෝගත් ගෙනත් දීලා යනවා.

කතරගම මැණික්‌ ගඟේ ගසාගෙන ගිය මරණ 48 ක්‌ මම හොයල දීලා තියෙනවා. වත්තල පැත්තේ තරුණයෙක්‌ගේ මරණය දින 03 ක්‌ පුරා මැණික්‌ ගඟේ පීනල හොයල දුන්නා. ඒක මගේ ජීවිතේ අමතක නොවන සිද්ධියක්‌. එදා කතරගම දෙවියො මට ජීවමානව ඇවිත් උපකාර කළා.

1993 දී මේ සිද්ධිය වුණේ. පොලිසියත් එක්‌ක පිරිසක්‌ ගඟේ දිගේ ගොඩින් ආවා. මමයි ජයරත්න කියලා අයකුයි ගඟ දිගේ පහළට ගියා. දරුණු කිඹුල් වළක්‌. ගඟේ කිමිදිලා මිනිය බැලුවා. අහුඋණේ නැහැ. ගඟේ වතුර පාරත් සැරයි. මම පහළට යන කොට දැනුණා යමක්‌ වැදෙනවා කකුළට කිමිදිලා බැලුවා. මැරුණු අයගේ මළසිරුර කොටයක හිරවෙලා. මම ඇද්දා දැවැන්ත කිඹුලෙක්‌ මගේ ඇඟට පැන්නා. මට කරන්න දෙයක්‌ තිබුණේ නැහැ. අතේ තිබුණු පිහියෙන් කිඹුලාගේ ඇහැට ඇන්නා. ඌ නොපෙනි ගියා. ඒත් එක්‌කම තවත් කිඹුල්ලු දෙන්නෙක්‌ මාව වට කලා මගේ අතේ තිබුණු පිහියත් බිමට වැටුණා. මට දෙවියෝ බුදුන් සිහි වුණා මට කරන්නම දෙයක්‌ නැහැ. මම ගං පතුලටම කිමිදුණා. වේගයෙන් පහළට ඇවිත් ගඟට වැටිලා තිබුණු අත්තක එල්ලුනා. පැයක්‌ පමණ අත්තේ එල්ලිලා යන්තම් ජීවිතේ බේරාගෙන ගිහින් අර මිනිය අරන් දුන්නා යෑයි කූලරත්න මහතා තම අත්දැකීම් විස්‌තර කළේය.

මෙවැනි ත්‍රාසජනක අත්දැකීම්වලට මුහුණ දුන් කූලරත්න මහතා පැවසුවේ අනේ මහත්තයෝ කවුරු හරි ගඟේ ගහන් ගියාම ඒ පවුලේ අය අඬ අඬා මැණික්‌ ගඟ දිහා බලාගෙන ඉන්නවා. මැණික්‌ ගඟ කියන්නේ දරුණු තැනක්‌. කතරගම නගරයට පුංචි කොටසක්‌ තමයි තියෙන්නේ. වැඩි කොටසක්‌ අයිතිවෙන්නේ යාලට. මම ජීවිත ගොඩක්‌ බේරලා දුන්නත් ඒවා මතක තියෙන්නේ කීප දෙනකුට පමණයි.

මැණික්‌ ගඟේ ගහන් ගියහම ඒ අයගේ පවුලේ අය කියනවා අනේ මරණය සොයලා දෙන්න ඉල්ලන ගාණක්‌ දෙන්නම් කියලා. මරණය හොයල දීල. මුදල් ගන්න මම කැමති නැහැ වතුරේ ඉන්න කොට කෙන්ද පෙරලෙනවා. ඒක නිසා අරක්‌කු බොන්න වෙනවා. අරක්‌කු බෝතලයක්‌ ගෙන්නවා ගෙන බීලා තමයි ගඟට බහින්නේ. කතරගම දෙවියන්ට ප`ඩුරක්‌ ගැට ගහලා ගියාම මිනිය හොයාගෙන මිසක්‌ මම ආපසු හිස්‌ අතින් ආවේ නැහැ.

පොලිසියේ සේවය කළ හෙට්‌ටිආරච්චි නම් උප පොලිස්‌ පරීක්‍ෂක මහතා කටගමුව ප්‍රදේශයේ දී මැණික්‌ ගඟට බිලිවූ අවස්‌ථාවේදී කූලරත්න මහතා විසින් කතරගම දැවැන්ත කිඹුලන් රෑනකගෙන් ජීවිතය බේරාගෙන පොලිස්‌ නිලධාරියාගේ මළ සිරුරු ගොඩගෙන භාරදුන් සිද්ධියක්‌ද ඔහු හෙළිකළේ මහත් සතුටිනි.

කතරගම මැණික්‌ ගඟේ ගිය බොහෝ අයගේ මළ සිරුර සොයා දුන් කූලරත්න මහතා තවදුරටත් ඔහුගේ සිහි යට ආ භයානක සිද්ධීන් කීsපයක්‌ පැසුවේ මෙලෙසිනි. කඩවත ප්‍රදේශයේ අයකුගේ මරණයක්‌ ගොඩ ගැනීමට මැණික්‌ ගඟ හරහා යාල ප්‍රදේශයෙන් මුහුදට ගොස්‌ මුහුදේ දී මළසිරුර සොයා දුන් බවයි.

කූලරත්න තම අත්දැකීම්

ඔහු එක්‌කරනු ලැබූ තවත් සිද්ධියක්‌ වූයේ තරුණියක්‌ මැණික්‌ ගඟට වැටී දින 02 කින් ගොඩගත් අවස්‌ථාවයි. මහත්තයෝ අවුරුදු 18 ක තරුණියක්‌. 1986 දී මීගමුවෙන් ආපු කට්‌ටියක්‌ සමග තරුණියක්‌ ගඟට වැටුණා. මේ දවසේ ගඟේ වතුරු ගොඩක්‌ වැඩියි. වතුර වැඩි උනාම ගඟට බහින්න අමාරුයි. අපේ ගෙදරින් මම ගඟට බහිනවාට කැමති නැහැ.
පොලිසියේ මහත්වරුත් එක්‌ක ආපු නිසා මට බැහැයි කියන්නත් බෑ. මමයි ජයරත්න කියලා මගේ ගෝලයකුයි ගඟට බැස්‌සා. අපි ගඟට බැහැලා ඉබේම පාවෙන්න ඉන්නවා. එතකොට අපිට කකුලට වදින ගල් මුල් පිළිබඳව සොයා ගන්න ලැබෙනවා. එතකොට ඒ තැන් නිරීක්‍ෂණය කරනවා.

මේ අතුරුදහන් වූ තරුණියගේ මිනිය අපිට අහුවුණේ මැණක්‌ ගඟේ අඩි 09 ක්‌ තරම් ගැඹුරු වළක දී. මිනිය ගන්න ගියාම කිඹුල්ලු වටකරගෙන ඉන්නවා. අපේ ඇඟේ වදිනවා. මගේ අතේ තිබුණු දිග යකඩ උලෙන් ඇන ඇන කිඹුලන් එක්‌ක පැයක්‌ පමණ සටන් කළා. පස්‌සෙ මිනිය උඩට දමලා මිනියත් බදාගෙන කිඹුලන්ගෙන් බේරාගෙන ගොඩටම ගත්තා. කිඹුලන්ගේ දත් පහරවල් ඇඟ හැම තැනම තිබුණා. ලේ ගොඩක්‌ ගියා.

ඉතිං මහත්තයෝ අත්දැකීම් ගොඩක්‌ තියෙනවා. මම මැරෙන දවසට සතුටු වෙන්න පුළුවන්. මම ජීවිත 152 ක්‌ බේරලා තියෙනවා. මළ මිනියවත් දැකලා දුක තුනි වෙන්න මම මගේ ජීවිතය ගැනවත් නොසිතා මියගිය අයගේ මළ මිනි අරන් දීලා තියෙනවා. දැන් මට අවුරුදු 61 යි. ඒත් කවුරු හරි ගඟට වැටුණහම කතරගම පොලිසිය හොයන් එන්නේ මාව එක්‌කගෙන යන්න. පසු ගිය 02 වැනි දා කිඹුලා අරන් ගිය තරුණයා කිඹුල කටේ තියන් ඉන්න කොට යකඩ කුරකින් ඇනලා තමයි බේර ගත්තේ, යනුවෙන් සිය අත්දකීම් ප්‍රකාශ කළ කූලරත්න මහතාගෙන් අප විමසුවේ. ඔබ කළ මෙවැනි වීර ක්‍රියාවන් අගයා කුමන හෝ ත්‍යාගයක්‌ ලබාදී හෝ ඇගයීමක්‌ සිදුකර ඇද්දැයි යනුවෙනි.
ඔහු සිනාසී කීවේ මම කරපුවා පිටරට එකෙක්‌ කළා නම් ඒ රටේ අය ඇවිත් ඇගයීමක්‌ කරයි මහත්තයෝ. ගමේ දුප්පත් අපි වටින්නේ මිනිය සොයා ගන්නකම් පමණක්‌ යනුවෙනි.
මේ වැනි සුවිශේෂීත වූ සේවයක්‌ සිදු කළ කූලරත්න මහතා වැනි දක්‍ෂයින් අමතක කර වැඩක්‌ නොකරන පුද්ගලයින්ට සම්මාන ලබා දෙන මෙවැනි රටක නිහඬ සේවයක්‌ සිදු කරන කුලලරත්න වැනි මහතුන් අගැයීමට ලක්‌ කළ යුතුය. මෙවැනි දක්‍ෂයින් මළ පසු පාංශූකූලදී ඔහු ඇගයමට වඩා වැඩි වටිනාකමක්‌ ඇත්තේ කූලරත්න මහතා ජීවත්ව සිටින අවධියේම ඔහු අගයන්නේ නම් පමණි.

කතරගම මැණික්‌ ගඟේ කිඹුල් දඩයම

රුහුණු කතරගම මහා දේවාලයේ කඳ කුමරුවන්ගේ ඇසළ මංගල්‍ය අති උත්කර්ෂවත් අයුරින් පවත්වා දිය කපා රටේ වස්‌ දොස්‌ දුරුකර පැය කීපයක්‌ ගතවෙන්නට පෙර අමිහිරි සිද්ධියක්‌ නිසා 02 වැනි දින දේවාලය විවෘත කර පූජාවෙන් පසු නැවත දේවාලය වසා තැබීමට සිදුවීය.

කතරගම පෙරහැරට එක්‌ වූ හිංදු තරුණයකු නින්දෙන් නැගිට මැණික්‌ ගඟේ දිය කැපූ තොටුපළ අසලට ගියේ මුහුණ කට සෝදා ගැනීම පිණිසයි. එම ස්‌ථානයට නිතරම බැතිමතුන් හා විවිධ අය බත් වැනි ඉතුරු වන ආහාර දැමීම නිසා නිතරම මාළුන් ගැවසෙන අතර මෙම මාළුවන් ගොදුරු කර ගැනීමට දැවැන්ත කිඹුලා ද පැමිණ සිටියේ ගොඩබිමට ආසන්නයේය. ගොඩ සිටි දැවැන්ත කිඹුලා මෙම තරුණයා වෙත කඩා පැන ජලයේ පෙරළා ගෙන මරා දැමුවේ පිඹුරකු ගොදුරක්‌ පෙරළා තලා ගිලින අයුරින්ය. 02 වැනි දින උදෑසන 6.30 ට පමණ සිදු වූ මෙම සිද්ධියත් සමඟ මැණික්‌ ගඟට ගිය තවත් පිරිසක්‌ කහ පාට ඇඳුමක්‌ උඩුගම් පෙරළා යන අයුරු දැක පුදුම විය. යමක්‌ ජලය බැස යන පහළට ගියත් උඩුගම් බලා කිසිම අයුරකින් යැමට නොහැකි බව තේරුම් ගත් පිරිස වහාම කතරගම පොලිසිය වෙත දන්වනු ලැබීය.

 මෙම පුවත ඇසූ කතරගම පොලිස්‌ ස්‌ථානාධිපති ජයසම්පත් එදිරිසිංහ මහතා පැමිණි අතර එවිට ද කිඹුලා විටින් විට උඩට පැමිණ ගොදුර පාලනය කර ගැඹුරු දියට  රැගෙන යමින් තිබුණි. කිඹුලාගෙන් තරුණයාගේ මළ සිරුර මුදවා ගැනීමට වෙඩි කිපයක්‌ තැබූ නමුත් කිඹුලා නොපෙනී ගියේ ගොදුර තවත් යටට ඇද ගනිමින්ය.

මේ මෙම සිදුවීම දැක ගැනීමට මැණික්‌ ගඟට විශාල පිරිසක්‌ පැමිණ සිටි අතර කතරගම ප්‍රදේශයේ ජනයා පැවසුවේ කතරගම මැණික්‌ ගඟේ කිඹුල් තර්ජනයෙන් බේරීමට දක්‍ෂ ලොන්ඩරියේ ගුණපාල අයියා රැගෙන එන ලෙසසි. ඒ අනුව කතරගම පොලිස්‌ ස්‌ථානාධිපති, ගුණසිරි කුලරත්න නමැති කතරගම සිටින දක්‍ෂ පිහිණුම් ශූරයා ගෙන්වා ගත් අතර ගුණසිරි කුලරත්න මහතා පැවසුවේ අවසන් වරට කිඹුලා සිටි ස්‌ථානය පෙන්වන ලෙසයි. අදාළ ස්‌ථානය විමර්ශනය කළ ගුණසිරි කුලරත්න මහතා පැවසුවේ මම මිනි අරන් දෙන්නම්. මට උදව්වට දෙන්නෙක්‌ ගඟට බසින ලෙසයි. පසුව කතරගම සමන් දේවාලයේ සේවය කරන ඩී. ජී. අමර බන්දු මහතා හා දේවාලයේ වාසනා හස්‌තියා පාලනය කරනු ලබන අජිත් මහතා දැවැන්ත කිඹුලා සිටි වළට පැන සෝදිසි කිරීම්වල නිරත විය. ගුණසිරි කුලරත්න මහතා දැවැන්ත වළවල්වල බැස යකඩ කුරකින් වළවල් අවුස්‌සමින් සිටින අතර තරුණයාගේ මළසිරුර අල්ලා ගත් කිඹුලා සිය යකඩ කුරට හසුවීය. ගුණසිරි කුලරත්න මහතා වේගයෙන් කිඹුලාට ගැසූ අතර පසුව කිඹුලා ජලය මඩ කර තරුණයාගේ මළසිරුර අත් හැර ගියේය. පසුව මරණය මැණික්‌ ගඟේ එහා ඉවුර වෙත රැගෙන ගිය කතරගම ප්‍රදේශයේ තරුණයින් තරුණයාගේ මළ සිරුර පොලිසීය වෙත බාර දෙනු ලැබීය.

ගොඩගත් තරුණයාගේ වම් අත කැඩී ගොස්‌ තිබුණු අතර දැවැන්ත දත් කිපයක්‌ මළසිරුර නෙරාගෙන ගොස්‌ තිබුණි. යටට ඇඳගත් කලිසම ද තිබුණු අතර මෙම තරුණයා වැසිකිළි ගොස්‌ සෝදා ගැනීමට ගඟට බැස්‌සා නම් යට කලිසම නොතිබීය යුතුය. දිය නෑමට ආවා නම් සියලුම ඇඳුම් ගලවා දැමිය යුතුය. වම් අතින් කිඹුලා ඇද ගෙන යැම මත තරුණයා දේවාලයට පැන් ගන්නා ස්‌ථානයේ දී කිඹුලා ට අසුවී ඇති බව පොලිසිය කරන ලද පරික්‍ෂණවලින් තහවුරු විය.

කතරගම මැණික්‌ ගඟේ දී කිඹුලන්ට ගොදුරු වූ පළමු ජීවිතය මෙය නොවේ. මෙයට මාස කිපයකට ඉහත ගංගාරාමය අසල දී වන්දනාවේ පැමිණි තරුණයකුගේ අතක්‌ කඩා ගෙන ගිය අතර තවත් මවක්‌ දිය නාවා ගොඩින් තැබූ දරුවෙකු කිඹුල් ගොදුරට ලක්‌වීමද විටින් විට මැණිත් ගඟේ දිය නෑ පුද්ගලයින් රැසක්‌ කිඹුල් ප්‍රහාරයන් නිසා තුවාල සිදුවීම් ද අසන්නට ලැබුණි.

කතරගම මැණික්‌ ගඟේ පහළ අංක 02 පාළම අසල තිබූ බැම්මක්‌ පසුගිය වසර 02 කට පෙර දී පිරිසක්‌ ඩෝසර්වලින් කඩාදැමීම නිසා අද වෙන කොට මැණික්‌ ගඟේ සුදු වැලි මතු නොවී වැලි තලාවල් ගඟේ පහළ කොටසට ඇදී යන අතර කොහොඹ දිගාන ප්‍රදේශයේ සිදු කරන වැලි ගොඩදැමීමත් කතරගම නාගහවීදිය ප්‍රදේශයේ සිදු කරන වැලි ගොඩදැමීමත් නිසා කතරගම ගඟේ වළවල් වල ගොඩ විය යුතු වැලි නොමැතිව දැවැන්ත වළවල් සෑදීම නිසා මෙම කිඹුලන් ගැවසීම බහුල වී තිබේ.

මෙම කිඹුලන් අල්ලා වෙනත් ප්‍රදේශ වෙත යොමු කිරීමට වග කිවයුතු වන ජීවි නිලධාරීන් ක්‍රියා කළ යුතු අතර මේ වැනිම අමිහිරි දේවල් තවත් ඉදිරියටද අසන්නට ලැබීම නතර කිරීමට බලධාරීන් ක්‍රියා කළ යුතුය.

කතරගම මැණික්‌ ගඟේදී කිඹුලන්ට ගොදුරු වූ හා මැණික්‌ ගඟේ සැඩ පාරට අසුවී ජීවිතය අහිමි වීමට ගිය ජීවිත රැසක්‌ බේරාගත් කතරගම සිටින ඉතාම දක්‍ෂ පිහිණුම් ශූරයකු ගැන ද මෙම ලිපියෙන් සඳහන් කළ යුතුය.



කතරගම කේ. ඩී. දේවප්‍රිය
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top