Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
10
වරෙක වසරේ ජනප්‍රියම රගර් ක්‍රීඩකයා වූ තාජුඩීන් සාක්ෂිත් රැගෙන යලි කරළියට ආ හේතුව

- වරෙක වසරේ ජනප්‍රියම රගර් ක්‍රීඩකයා වූ තාජුඩීන් සාක්ෂිත් රැගෙන යලි කරළියට ආ හේතුවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14 Views

එදා හදිසි අනතුරකින් මිය යාම අද ඝාතනයක් වුණේ කොහොමද ?

අභිරහස් ලෙසින් මියගිය රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ දේහය ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ ඉදිරියේ වසර 3 කට පසු අද උදෑසන ගොඩගනු ලැබුවා. ඔහු සැකකටයුතු අන්දමින් සිය මෝටර් රථය තුළ පිලිස්සී මියගොස් සිටියදී නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනය අසල මාර්ගයේදී සොයා ගත්තේ 2012 වසරේ නොවැම්බර් 17 වනදායි.

ඔහුට උල් ආයුධයකින් ගෙළ ප්‍රදේශයට පහරදී තුවාල සිදුකර ඇති බවත්, එසේම, මොට ආයුධයකින් ද පහරදී ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බවයි රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ.



තාජුඩීන්ගේ මරණය පිළිබඳව සැකයක් පවතින බැවින් ඒ පිළිබඳව නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සිරුර ගොඩගැනීමට අවසර ලබාදෙන ලෙස රහස් පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියා. එමෙන්ම වසීම් තාජුඩීන්ගේ මරණය සිදුවූ ආකාරය මෙන්ම ඔහුගේ මරණය මෙතරම් මතභේදයට ලක්වූයේ ඇයිද යන්න සම්බන්ධයෙන් සවිස්තරාත්මක ලිපියක් අන්තර්ජාලයේ පලකර තිබෙනවා.

එය පහතින්....

1. තාජුදින්ගේ මරණය මෙතරම් මතභේදයට ලක් වූයේ කෙසේද ?
වසර තුනකට පෙර හදිසි අනතුරක් හේතුවෙන් සිදු වූ බව පැවසූ මෙම මරණය පිළිබඳව නැවත පරීක්ෂණයක් කරන ලෙස වත්මන් රජය පෙබරවාරි 16 වැනිදා පොලිසියට නියෝග කළ අතර ඔවුන් එම පරීක්ෂණයේ දී සොයා ගත්තේ වසීම් තාජුදින්ගේ මරණය හදිසි අනතුරක් නොව ඝාතනයක් බවයි.

2012 වසරේ නාරාහේන්පිට පාර්ක් වීදියේ සිය වාහනය තුළ වසීම් තාජුදින් මරා දමා තිබූ බවට සිද්ධිය සිදු වූ අවස්ථාවේදී ම සැක කෙරුණු නමුත් එය රිය අනතුරකින් සිදු වූ බවයි පොලිසිය දිගින් දිගටම එම අවස්ථාවේ දී අවධාරණය කළේ.

වසීම් තාජුදින්ගේ මරණය පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේ ප්‍රබල මාතෘකාවක් බවට පත්ව තිබු අතර පසුගිය අවුරුදු තුනේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක වැනි මන්ත්‍රීවරුන් ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ හා ඉන් පිටත විශාල හඬක් නගනු දක්නට ලැබිණි.

මෙම මරණය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු නොවූ බවටත් වසීම් තාජුදින්ගේ හිතමිතුරන් පවා චෝදනා කළ අතර නව රජය බලයට පත්වීමෙන් පසුව මෙම පරීක්ෂණය ආරම්භ විය.

2. තාජුදින්ගේ දේහය ගොඩ ගැනීමට උසාවිය තීන්දු කළේ ඇයි ?
තාජුදීන් මරණයට පත් වීමට පෙර පහර දීමකට ලක්ව ඉළ ඇට බිඳී ඇති බව පරීක්ෂණ වලදී අනාවරණ වී ඇති බව රහස් පොලිසිය අධිකරණය හමුවේ ජුලි මස 27 වැනිදා ප්‍රකාශයට පත් කළ අතර මෙය මිනීමැරුමක් බවට විශ්වාස කල හැකි සාධක හමුව ඇති බවයි ඔවුන් එදින අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ.

මේ අතර පසුගිය සති අන්තයේ තාජුදින්ගේ දේහය ගොඩ ගැනීමට සුදානමක් ඇති බවට එහි පළ වුයේ ඔහුගේ දේහය තැන්පත් කර ඇති දෙහිවල මුස්ලිම් සුසාන භූමියට පොලිස් ආරක්ෂාවක් ලබා දීමට කටයුතු යොදා තිබීමත් සමගයි.

ඒ අනුව රහස් පොලිසිය මේ සදහා අධිකරණයේ අවසරය පැතූ අතර එය අද දින සිදු කිරීමට ඔවුන්ට අධිකරණයෙන් අවසර හිමි විණි. මෙම දේහය ගොඩ ගැනීමෙන් දැනට සොයා ගෙන ඇති කරුණු තහවුරු කර ගැනීමට හැකි වනු ඇති බවයි පොලිසිය විශ්වාස කරන්නේ.

3. ඔහුගේ මරණයෙන් පසු ප්‍රකාශයට පත් වූයේ මොනවාද?
සිද්ධිය සිදුවූ අවස්ථාවේදී එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරය දරු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ තරයේ ප්‍රකාශ කර සිටියේ මෙම මරණය වේගයෙන් රිය පැදවීම නිසා සිදුවූ රිය අනතුරක් බවයි.

ඒ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් මතු කළ සැක සංකා පොලිසිය ප්‍රතික්ෂේප කළේ එය මිනීමැරුමක් නොවන බවට පොලිසියට තහවුරු වී ඇති බව පවසමින්.
මරණයට පත්වූ වසීම්ගේ මුදල් පසුම්බිය එම ස්ථානයට කිලෝමීටර් 1.5ක දුරකින් දින කිහිපයකට පසු හමුවුවත් පොලිසිය ඒ ගැන පරීක්ෂණ කිරීමට උත්සුක නොවීම මෙම මරණයට දේශපාලන ප්‍රභූවරයෙකුගේ සම්බන්ධතාව තහවුරු කරන කාරණයක් බව ඇතැම් විපක්ෂයේ දේශපාලනඥයන් එවකට ප්‍රකාශ කල නමුත් ඒ පිළිබඳව මාධ්‍යවල මෙන්ම ජනතාවගේ වැඩි අවධානයක් යොමු නොවිණි.

4. පොලිස් වාර්තා කියන්නේ කුමක්ද?
ඉකුත් 2012 වර්ෂයේ මැයි මස 17 වැනිදා අලුයම නාරාහේන්පිට නගරයේ දී සිදුවූ හදිසි අනතුරකින් තාජුදින් මිය ගිය බව මූලික පරීක්‍ෂණවලින් හෙළිවී තිබූ බවයි පොලිස් වාර්තාවලින් සඳහන් වුයේ. තාජුදින්ගේ මරණය සිදුවූ ආකාරය හෙළි කර ගැනීම සඳහා රජයේ රස පරීක්‍ෂක වාර්තාවක් ද කැඳවා තිබු අතර සිද්ධිය වී වසර 2 1/2 ක කාලයකින්‌ පසුවයි එම රස පරීක්ෂක වාර්තාව ලබා දීමට කටයුතු කර තිබුණේ.

රහස් පොලිසියේ නව වාර්තාවලට අනුව තාජුඩින්ගේ මරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ වාර්තා සහ රජයේ රස පරීක්ෂක නිලධාරීන්ගේ වාර්තා පරස්පරය.

ඒ සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් පැවැත්වෙන බව වාර්තාවේ. තාජුදින්ගේ මරණය සිදුවීමට පෙර පහර දීමකට ලක්ව ඉල ඇට බිඳී හිංසාවට ලක්ව ඇති බවයි නවතම රහස් පොලිස් වාර්තා සඳහන් කරන්නේ.

5. තාජුදින් කියන්නේ කවුද?
ශාන්ත තෝමස්‌ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ තාජුදින් දක්‍ෂ රගර් ක්‍රීඩකයකු ලෙස ප්‍රසිද්ධව සිටියේය. 2008 වර්ෂයේ ශ්‍රී ලංකා ජාතික රගර් කණ්‌ඩායම නියෝජනය කළ ඔහු 2009 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියම රගර් ක්‍රීඩකයාට හිමි සම්මානය ද දිනා ගෙන තිබු ඔහු ප්‍රසිද්ධ රගර් ක්‍රීඩා සමාජ කිහිපයක්ම නියෝජනය කළේය.

තාජුදින්ගේ පවුලේ සාමාජිකයෝ හා හිතමිතුරෝ ප්‍රසිද්ධියේ ඔහුගේ ඝාතනය ගැන කතා කිරීමෙන් වැළකී සිටි නමුත් ඔහුගේ නමින් සමාජ සත්කාර රැසක් පසුගිය කාලයේ සිදු කළහ. ඔහුගේ මිතුරන් විසින් පිහිටුවා ගත් වසීම් තාජුදින් පදනම එයට එක් උදාහරණයකි.

ඔහු සමග රගර් ක්‍රීඩා කළ ක්‍රීඩකයන් එක්ව ඔහුව සිහි කිරීම සදහා වසීම් තාජුදීන් අනුස්මරණ කුසලාන රගර් තරගාවලියක් පසුගිය වසරේ ආරම්භ කෙරිණි. එම තරගාවලිය දෙවන වරට මෙම සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top