‘‘පුතා දක්ෂයි හැබැයි මහේල ඊට වඩා දක්ෂයි
මම කැමති පුතා ගොල්ෆ් ගහනවට
සංගාව දොන් බ්‍රැඩ්මන්ට සමකරන්න බෑ‘‘
පසුගියදා ක්‍රිකට් දිවියේ නිමාව සනිටුහන් කළ කුමාර් සංගක්කාරගේ සමුගැනීම සම්බන්ධයෙන් තවමත් ක්‍රීඩා ලෝලීන් අතර කතාබහ වෙනවා. ඔහු පිළිබඳව තවමත් ඇගැයීම් සිදුකරන්නට ක්‍රීඩා විචාරකයින් පවා කටයුතු කරනවා. නමුත් සංගාගේ පියා වන ෂේමා සංගක්කාර මහතා පවසන්නේ තම පුතාගේ ක්‍රිකට් දිවිය පිළිබඳව තමන්ට පොඩි විවේචනයක් ඇති බවය.
ඔහු මෙම විවේචනය සිදුකරන්නේ ක්‍රීඩාවේ ඇති තාක්ෂණික දැනුමද උපයෝගී කරගනිමින් තර්කානුකූලවයි. ඔහු පවසන්නේ සංගා සහභාගි වන ක්‍රිකට් තරගයක් බලා සිටින තමාට පුතා දැවී යන්නට ආසන්න බවට ඔහු ක්‍රීඩාකරන විලාසයෙන් කිව හැකි බවයි. එලෙස කී අනාවැකි වැරැදී නොමැති බවද ඔහු පවසා තිබෙනවා. ඉන්දියන් එක්ස්ප්‍රස් සමඟිනුයි ඔහු මෙම කතාබහේ නිරත වී තිබුණේ.