අනියම් සබඳතා හේතුවෙන් පසුගිය කාලයේ සිදුවූ ඝාතනයන් පිළිබඳව දිවයිනේ නන්දෙසින් වාර්තා වුණා. එවන් තොරතුරක් මේ වන විට වාර්තා වන්නේ ත්‍රිකුණාමලය ප්‍රදේශයෙනුයි.
ත්‍රිකුණාමලය සෙල්වනායකපුර ප්‍රදේශයේ පදිංචි තිදරු පියකු වන කාසම්බු ජයරත්නම් (48)නම් අයෙක් විසින් තම අනියම් බිරියට ගිනිතබා ජීවිත හානියක් සිදුකිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබෙනවා.
ඔහු ලබන සැප්තැම්බර් 9දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට කන්තලේ මහෙස්ත්‍රාත් හා දිසා විනිසුරු නියෝග කර ඇති අතර බරපතළ පිලිස්සුම් තුවාල ලබා අදාල කාන්තාව කන්තලේ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මීට මාස 3කට පමණ ඉහතදී සැකකරු තුවාලකාරිය සමඟ ඇයගේ නිවෙසේ එකට ජීවත් වී ඇති අතර ඉකුත් 26දා රාත්‍රි මෙම ගිනි තැබීම සිදුව තිබෙනවා. පිලිස්සුණු තැනැත්තිය අනියම් සැමියා හා අවට පිරිස් එක්වී ගින්න නිවා රෝහලට ඇතුළත් කර ඇති අතර අනියම් සැමියා පවසා ඇත්තේ ඇය ගිනි තබාගත් බවය. කෙසේ නමුත් කිසිවක් කතාකරගත නොහැකිව අසාධ්‍ය තත්ත්වයේ පසුවූ තුවාලකාරිය සිහිය පැමිණ 28දා පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ ඇතිවූ කතාබහක් දුරදිග යෑමෙන් අනියම් සැමියා ලාම්පුතෙල් හලා තමාට ගිනිතැබූ බවය.