කරුණා අම්මාන් නොහොත් විනයාගමූර්ති මුරලිදරන් ඉන්දීය රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා ඇත්තේ කොටි නායක ප්‍රභාකරන් තමන්ගේ පිස්තෝලයෙන් හිසට වෙඩි තබාගෙන සියදිවි හානි කරගත් බවයි.
එමෙන්ම ඔහුගේ බිරිඳ හා දියණිය ෂෙල් වෙඩි ප්‍රහාරයකින් මිය ගිය බවත් හිටපු කොටි නායකයකු කරුණා අම්මාන් පවසා තිබෙනවා. ‘‘පුදියතලමුරෙයි‘‘ නම් වූ රූපවාහිනී නාලිකාව සමඟ විශේෂ වැඩසටහනකට එක්වෙමිනුයි ඔහු මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ.
ඔහු එහිදී ප්‍රකාශ කළ කරුණු වලින් කිහිපයක් පහතින්.....
‘‘ශ්‍රී ලංකාවේ පැවැති අවසාන යුද්ධයේදී ඉන්දියාව ශ්‍රී ලංකා රජයට උදව් කළා. මා කිසි දිනක එල්ටීටීඊ සංවිධානය පාවා දුන්නේ නෑ. අවසන් යුද්ධයේදී ඔවුන් අනුගමනය කළ යුද්ධ ක්‍රමය නිසයි පරාජයට පත්වුණේ. ඔවුන් සටන්කාමීන් සියලු දෙනා එක් ස්ථානයක සටන් වැදීමට නොයොදවා ගරිල්ලා ක්‍රමය අනුගමනය කළා නම් ජයග්‍රහණය අත් කරගන්නවා පමණක් නෙමෙයි ජනතාවත් බේරා ගැනීමට හැකි වෙනවා. කොටි නායකයින් වන පුලිදේවන්, නඩේසන් යන අයට වෙඩි වැදී මැරුණා. ප්‍රභාකරන් සමග බාල පුතා බාලචන්ද්‍රන් පැන යද්දී බාලචන්ද්‍රන් අත්අඩංගුවට ගැනුණා. ප්‍රභාකරන් එවිට පිස්තෝලයෙන් ඔහුටම වෙඩි තබාගත්තා. ඇත්තටම ප්‍රභාකරන් පණ පිටින් හමුදාවට අහුවෙන්න කැමැති නෑ. ඔහු පිළිබඳව මම හොඳින් දන්නවා‘‘