Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



නූතන පරපුරේ තරුණ තරුණියන් දැක බලා ගත යුතු වීඩියෝවක්
 
1975 වසරේ ජුලි 27 වැනිදා එවකට යාපනයේ නගරාධිපතිවරයා වූ ඇල්ෆ්‍රඩ් දොරෙයප්පා ඝාතනය කිරීමත් සමග LTTE සංවිධානය මෙරට බෙදුම්වාදී අරගල ඇති කරමින් යුද්ධයකට අවතීරණ වුණා.
 
එතැන් පටන් වසර 30 කට වැඩි කාලයක් මෙරට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ඇතුළු සියලු ජාතීන්ට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට වරම් ලැබුණේ නැහැ.
 
එම යුද ගිනිදැල් රට පුරා ඇවිලී ගියේ රාජ්‍ය නායකයින්, රණවිරුවන් සහ සිවිල් වැසියන් ඇතුළු විශාල පිරිසකගේ දිවි අහිමි කරමින්.
 
මහනුවර ශ්‍රී දළදා මාළිගාව, ජයශ්‍රී මහා බෝමළුව, කාන්තන්කුඩි පල්ලිය මෙන්ම මහ බැංකු ගොඩනැගිල්ල කොළඹ තෙල් ගබඩා සංකීර්ණය ඇතුළු මෙරට ආර්ථික මර්මස්ථාන රැසකටද යුද්ධයේ අමිහිරි අත්දැකීම් වලට මුහුණ දීමට සිදුවුණා.
 
views529 Views
comment

"මෙච්චර උස වුණේ ඇයි කියලා දන්නේ දෙයියෝ තමයි.." 
 
"දැන් මගේ වයස අවුරුදු 40යි. මේ වෙද්දී මම මගේ ඉලක්ක ඔක්කොම ජයගෙන තිබෙනවා.."
 
යාල් දේවි දුම්රියේ නොපැමිණියද ඈ ‘යාල්පානම්’ සිට කොළඹට ආවාය. එසේ ආ ඇය ලෝකය හඳුනාගත්තේ ‘යාල්පානම්’ නැතහොත් යාපනයෙන් ආ තැනැත්තියක් වශයෙන් නොවේ.
 
ලෝකය ඈ හඳුනන්නේ ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි ක්‍රීඩිකාවක ලෙසය. ඇය ලෝක දැල්පන්දු පිටියේ ශ්‍රී ලංකා උස දේවී ය.
views551 Views
comment

"ගුරු­ව­රි­යක් වෙන්න ආස හිතුණේ අවු­රුදු 13දී.."
 
"කිසිම දරු­වෙක් වැඩ­කට නැති දරු­වෙක් නෙවෙයි. එහෙම කිය­නවා නම් ඒක ගුරු­ව­ර­යාගේ දුර්ව­ල­ක­මක්.."
 
 “වෛද්‍යවරයාට වැරදුණොත් වරද මිහිදන් වනු ඇත, නීතිඥයාට වැරදුණොත් වරද සිරගත වනු ඇත, ගුරුවරයාට වැරදුණොත් වරද සමාජගත වනු ඇත” යනුවෙන් ප්‍රකට චීන කියමනක් ඇත. එයින් පිළිබිඹු වන්නේ ගුරු වෘත්තියේ වගකීම් සහිත බවයි. ඒ වගකීම් සහිත බව මනාව වටහා ගනිමින් ගුරු වෘත්තියට අභිමානයක් එක්කරමින් ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරයටද ගෙන ගිය ඇය ගැනයි මේ 
views409 Views
comment
මෙක්සිකෝ මත්ද්‍රව්‍ය කල්ලි නායක එල් චාපෝගේ බිරිය වූ එමා කොරොනල් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ චෝදනා මත ඇමෙරිකාවේ ඩලස් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
 
31 හැවිරිදි එමාට හෙරොයින්, කොකේන්, මෙතම්ෆෙටමින් සහ මරිජුවානා බෙදා හැරීමේ කුමන්ත්‍රණයකට සහභාගී වූ බවට චෝදනා එල්ල වී තිබෙනවා.
 
තවද සිය සැමියා වූ එල් චාපෝ හෙවත් ගුස්මාන්ට මෙක්සිකෝ සිරගෙදරින් පැනයෑම සඳහා ඇය සහාය වූ බවටද චෝදනා එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ.
 
views487 Views
comment
අතීතයේ මතකයන් එක්ක  බොහෝ දෙනෙක් පසු කාලයේදී සතුටක් ලබනවා. ඇතැම් අය ඒ මතකයන් හේතුවෙන් දුක් වෙන අවස්ථාත් දකින්න ලැබෙනවා. මේ කියන්න යන්නේ අතීතයේ සුන්දර මතකයන් යළි මතක් කර දුන් ඡායාරූප කිහිපයක් ගැනයි.  
 
views305 Views
comment
රෝහිත රාජපක්ෂ වගේම ටට්යානා රාජපක්ෂ කියන්නේ නිරන්තරයෙන්ම සමාජ මධ්‍යයේ කතාබහට ලක් වෙන චරිත දෙකක්. බොහෝ දෙනෙක් ආදරේ කරන මේ දෙන්නා තමයි රාජපක්ෂ  පවුලට හා හා පුරා කියලා මුලින්ම මුණුබුරෙක් අරගෙන ආවේ.  නැවත වතාවක් උතුම් මව් පිය පදවිය ලබන්න මේ දෙන්නා සුදානම් වන බවට ආරංචි වෙනවා. ඒ වගේම මව් පිය පදවියට සුදානම් වෙන ඡායාරූප කිහිපයක්ම සමාජජාල මාධ්‍යවලට එකතු කරලා තියෙනවා.
 
views518 Views
comment
කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් හි සිදුවූ රිය අනතුරකින්, සුපිරි ගොල්ෆ් ක්‍රීඩක Tiger Woods බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. 15 වතාවක් ගොල්ෆ් ප්‍රධාන ශූරතාව දිනාගත් 45 හැවිරිදි ටයිගර් වුඩ්ස් සැත්කමකට භාජනය කර ඇති බවත් සඳහන්. 
views265 Views
comment
සමාජ මාධ්‍යය කියන්නේ දවසින් දවස අලුත් නිර්මාණ වගේම අලුත් අලුත් ඡායාරූප එහෙම එකතු වෙන තැනක්.
 
මෙරට මෙන්ම විදෙස් රටවලත් ජනප්‍රිය සහ කලා ක්ෂ්‍රේතයේ නියැලෙන තරු රැසක් පළකරපු ඡායාරූප එකතුවක් මෙහි දැක්වෙනවා.
 
හිරු ගොසිප් පාඨක ඔබේ රසස්වාදය වෙනුවෙන් එලෙස සමාජ මාධ්‍යයේ පළවූ ඡායාරූප කිහිපයක් පහතින්...
views266 Views
comment
දණ්ඩනීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අපරාධ නඩු පැවරීම නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බව පාස්කු ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කර තිබෙනවා.
 
එහි අවසන් වාර්තාව ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබූ අතර, එය අද ජනාධිපති ලේකම් කාර්යාලය මගින් කථානායකවරයා වෙත භාරකෙරුණා.
 
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ පිටපතක් කථානායකවරයා වෙත අද භාරදෙනු ලැබුවේ ජනාධිපතිවරයාගේ නීති කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් හරී ගුප්තා රෝහණධීර මහතා විසින්.
 
පාස්කු කොමිසමේ අවසන් වාර්තාවෙන් නිර්දේශ ගණනාවක් සහ නිගමන 10ක් ඉදිරිපත් කර තිබෙනවා.
 
views582 Views
comment
අධ්‍යක්ෂකවරයෙකු , තිර රචකයෙකු මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන ජයසේකර අපොන්සුගේ උපන්දිනය අද දිනට යෙදී තිබෙනවා.
 
මේ හේතුවෙන් ප්‍රවිණ ඡායාරූප ශිල්පී දයාන් විතාරන සිය මුහුණු පොතේ සටහනක් තබා තිබෙනවා.
 
එම සටහන පහතින්.....
views418 Views
comment
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දෙදින නිල සංචාරයක් සඳහා අද පස්වරුවේ දිවයිනට පැමිණියා.
 
කටුනායක ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ පස්වරු 4 ට පමණ පාකිස්ථාන ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකින් පාකිස්ථානු අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස දිවයිනට පැමිණි බවයි.
 
එහිදී අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පිළිගනු ලැබුවා.
 
අනතුරුව පාකිස්තානු අග්‍රාමාත්‍යවරයා වෙත මෙරට යුද හමුදාවේ උත්තමාචාරයක් පිළිගැන්වීම සිදුකෙරුනා.
 
මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ජා අරලියගහ මන්දිරයේදී ආරම්භ වී තිබෙනවා.
 
views251 Views
comment
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර බව අද නිවේදනය කළා.
 
එම නිවේදනය නිකුත් කිරීමත් සමඟ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිල ෆේස්බුක් ගිණුමේ කවරයේ ඡායාරූපයට ශ්‍රී ලංකා සුපිරි පිතිකරු උපුල් තරංග ගේ ඡයාරූපයක් එක්කර තිබුණා.
 
උපුල් තරංග සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුනේ සියලු යහපත් දේ අවසනායකට එළඹිය යුතු බැවින් වසර 15 ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමු ගැනීමට තීරණය කල බවයි.
views315 Views
comment
“...කට්ටකින් ඇන්නම ලේ එන්නේ ඇයි දන්නවද?
ලේ එළියට ඇවිත් බලනවා, ඇන්නේ කවුද කියලා..”

“ආදරේට රජයෙද පෞද්ගලිකද අදාළම නැත....!!”

බුකිය කියන්නේ දවසින් දවස අලුත් වෙන අලුත් Memes එහෙම එකතු වෙන තැනක්.. මේ තියෙන්නේ මේ සතියේ බුකියේ හුවමාරු වුනු නිර්මාණශීලි පෝස්ට් කිහිපයක්....
views1,336 Views
comment
තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙන බව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු උපුල් තරංග සිය නිල ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.
views525 Views
comment
“අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ වඩාත් කැපී පෙනෙන
දර්ශන කිහිපයක් දැන් අප සතුයි...!”

අඟහරු ග්‍රහයා මතට නාසා ආයතනය විසින් යවනු ලැබූ යානාව (MARS ROVER) පිළිබඳව ප්‍රවෘත්තිය මේ වන විට ලෝකයේම කතාබහට ලක් වන පුවතක්..

කෙසේ වෙතත්, අඟහරු මතට ගිය මෙම සුවිශේෂී යානයේ පළමු වීඩියෝ පටය මේ වන විට නාසා ආයතනය විසින් නිකුත් කර තිබෙනවා.
views381 Views
comment
[1]      «      3426   |   3427   |   3428      »      [5524]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top