Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
24
"එතකොට මට වයස අවුරුදු 22 යි, හැබැයි යාපනයෙන් එළියට ගිහින් නෑ. සිංහල භාෂාව ගැන කිසිම දෙයක් දන්නෙත් නෑ..." - තර්ජනී ශිවලිංගම්

- "එතකොට මට වයස අවුරුදු 22 යි, හැබැයි යාපනයෙන් එළියට ගිහින් නෑ. සිංහල භාෂාව ගැන කිසිම දෙයක් දන්නෙත් නෑ..." - තර්ජනී ශිවලිංගම්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

22 Views

"මෙච්චර උස වුණේ ඇයි කියලා දන්නේ දෙයියෝ තමයි.." 
 
"දැන් මගේ වයස අවුරුදු 40යි. මේ වෙද්දී මම මගේ ඉලක්ක ඔක්කොම ජයගෙන තිබෙනවා.."
 
යාල් දේවි දුම්රියේ නොපැමිණියද ඈ ‘යාල්පානම්’ සිට කොළඹට ආවාය. එසේ ආ ඇය ලෝකය හඳුනාගත්තේ ‘යාල්පානම්’ නැතහොත් යාපනයෙන් ආ තැනැත්තියක් වශයෙන් නොවේ.
 
ලෝකය ඈ හඳුනන්නේ ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි ක්‍රීඩිකාවක ලෙසය. ඇය ලෝක දැල්පන්දු පිටියේ ශ්‍රී ලංකා උස දේවී ය.


‘මම 2004 වසරේ මඩකලපු විශ්ව විද්‍යාලයේ සරසවි සිසුවියකු ලෙස සිටිය දී වවුනියාවේ විවෘත දැල්පන්දු තරගාවලියක් පැවැත් වුණා.
 
ඒ තරගාවලිය සංවිධානය කළේ ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය විසිනුයි. ඒ කාලේ සම්මේලනයේ සභාපතිනිය ලෙස කටයුතු කළේ එවකට ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මියයි. දැල්පන්දු සංගමයේ ලේකම් ලෙස ට්‍රික්සි නානායක්කාර මහත්මිය කටයුතු කළා. දැල්පන්දු විනිසුරු ජූඩ් ජයසේකර, තිලකා ජිනදාස යන අය එදා මාව දැක්කා. එහෙම දැකපු ගමන් දැල්පන්දු පුහුණු වෙන්න කොළඹ එන්න කිව්වා.’ තර්ජනී ශිවලිංගම්සංවාදයට මුල පුරමින් තම දැල්පන්දු ගමනේ ආරම්භය ගැන කීවාය.
 
‘එතකොට මට වයස අවුරුදු 22 යි. හැබැයි යාපනයෙන් එළියට ගිහින් නෑ. සිංහල භාෂාව ගැන කිසිම දෙයක් දන්නෙත් නෑ. මේ ආරාධනය ගැන මම කල්පනා කළා. අන්තිමට මගේ විශ්ව විද්‍යාලයේ උපකුලපති, මගේ පුහුණුකාරිණී පැටිම්මා ට්‍රාන්සිස්ට් සහ මගේ දෙමව්පියන්ගෙන් අවසර අරගෙන කොළඹ එන්න හිත හදාගත්තා.
 
ඒ ආපු ගමන තමයි මේ.' ඈ පවසන්නේ සතුටිනි.
 
ඒ අනුව හයසින්ත් විජේසේකර පුහුණුකාරිණී යටතේ 2007, 2008, 2011, 2012, 2014, වසරවලත් තිලකා ජිනදාස මහත්මිය යටතේ 2009, 2010, 2016, 2017, 2018, 2019 පුහුණුවීම් කර ජාතික පිල නියෝජනය කරන්නට ඇයට අවස්ථාව හිමිවිණි.
 
'මම මුලින්ම ජාතික දැල්පන්දු පිලට තේරුණේ 2009 වසරේ දී යි. එතැන ඉඳලා මම එහි නිත්‍ය සාමාජිකාවක් වුණා.' ඈ කීවාය. ඒ අනුව 2009 ආසියානු දැල්පන්දු ශුරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකාවක් වූ ඇය එහි හොඳම පන්දු විදින්නිය ලෙස ද සම්මාන දිනා ගත්තාය. එසේම ඈ 2012 ආසියානු තරගාවලියේ සහ 2014 ආසියානු දැල්පන්දු තරගාවලියේ අනුශුරයන් වූ ජාතික කණ්ඩායමේ ද සාමාජිකාවකි.
 
පළමු වටයෙන් ඉවත්ව සිටියදීත් 2011 ලෝක දැල්පන්දු ශුරතාවයේ හොඳම පන්දු විදින්නිය ලෙසට ඇය සම්මානයට පාත්‍රවීම ද සුවිශේෂීය. 2017 දී ඇය ජාතික කණ්ඩායමෙන් ඉවත් වූ අතර යළි ජාතික කණඩායමේ දොරටු විවර වන්නේ 2018 වසරේ දී ය.
 
'මම සේවය කරන්නේ බැංකුවක  ඒ නිසා වෙළෙඳ සේවා දැල්පන්දු තරගාවලියේ දී  බැංකුව නියෝජනය කරලා 2017 වසරේ දී ඕස්ට්‍රේලියානු 'සිටි වෙස්ට් ෆැල්කන්ස්' දැල්පන්දු සමාජයට ශිෂ්‍යත්වයක් හිමිකරගත්තා.' තර්ජනීය පවසන්නීය.
 
සිටි වෙස්ට් ෆැල්කන්ස් සමාජයට ක්‍රීඩා කිරීමට සමත්වීමත් සමඟ ඇය විදේශ දැල්පන්දු සමාජයක් සඳහා ක්‍රීඩා කළ එකම ශ්‍රී ලාංකික දැල්පන්දු ක්‍රීඩිකාව බවට ද පත්වූවාය.
 
යළි ජාතික කණ්ඩායම හා එක්වීමෙන් අනතුරුව 2018 ආසියානු දැල්පන්දු ශුරතාව දිනා ගැනීමට ඇය දැක් වූ දායකත්වය අමතක කළ නොහැකිය. ඒ අනුව තර්ජනී දැක්වූ කැපී පෙනෙන ආක්‍රමණශීලී කුසලතා වෙනුවෙන්
 
තරගාවලියේ හොඳම ක්‍රීඩිකාවට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබුවා ය.
 
ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2011 වසරේ දී ලෝකයේ හොඳම පන්දු විදින්නියට හිමි සම්මානය හිමි කර ගත් ඇය 2009 සහ 2012 වසරවල ආසියාවේ හොඳම පන්දු විදින්නිය ලෙසින් ද සම්මානයට පාත්‍රවිණි.
 
2019 වසරේ එක තරගයකදී වැඩිම ගෝල් ගණනක් ලබාගනිමින් (ගෝල් 77ක්)ලොව වයස්ගතම ක්‍රීඩිකාවක් රැස්කළ වැඩිම ලකුණු වාර්තාවට හිමිකම් කීවාය. එසේම ඈ සහභාගිවූ තරග 07කදී වැඩිම
 
ගෝල් ගණනක් එනම් ගෝල් 348ක් ලබා ගැනීමට සමත් වීම ද කැපී පෙනෙයි.
 
‘මුලින්ම මම කොළඹට එද්දී බොහෝ අපහසුතා තිබුණා. මුලින්ම මම වැඩියෙන්ම පීඩා වින්දේ භාෂා ප්‍රශ්නයෙනුයි. ඒ නිසා මම හරිම බයෙන් තමයි හිටියේ. මොකද ඉස්සර මට සිංහල පොඩ්ඩක්වත් බැහැ. දමිළ හා ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේ ලිවීමේ හැකියාව නම් තිබුණා. අනෙක මම කොළඹ ආවේ ජයන්ති සෝමසේකරන් කියන අක්කත් එක්ක.එයාටත් සිංහල බැහැ.
 
ඒ වගේම මට ඇදුම්, සපත්තු ලබා ගැනීමේදීත් අපහසුතාවයක් තිබුණා. කැමැති විදිහට ඇඳුම් අඳින්න බැහැ. මගේ ඇඟේ ප්‍රමාණයට හරියන ඇඳුම් හා සපත්තු මිලට ගන්න සාප්පුවල නැහැ. මට ගැලපෙන්න ඒවා විශේෂ මිනුම් වලට සකස් කළයුතුයි. එතකොට විශාල මුදලක් වියදම් කරන්න සිදුවුණා. ඒ වගේම කෑම පිළිබඳවත් ගැටලු තිබුණා. ඒත් මම පසුබැස්සේ නෑ. හැම බාධකයක් මැදින්ම ඉදිරියටම ගියා. අදටත් ඉතින් ගැටලු තමයි.
 
මගේ උස අඩි 6-අගල් 11යි. මට අක්කලා 3ක් සහ මල්ලී කෙනෙක් ඉන්නවා. ඒ අය නම් මම තරම් උස නැහැ.සාමාන්‍යයි.’ ඈ ස්වකීය ජීවිතයේ යතාර්ථය ගැන පවසන්නීය.
 
‘ ඇත්තම කියනවා නම් මම සමාජයට එන්නත් ආස නැහැ. මොකද සමාජය ඇතුළේ බොහෝ අය මගෙන් ප්‍රශ්න අහනවා. මම  බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ ඉඳලා දැන්නම් යාපනය චුන්නාගම්  බැංකු ශාඛාවේ සේවය කරනවා.' ඇය කීවේ ඇගේ මානසික ලෝකයේ ස්වභාවය ගැනය.
 
' බැංකුවේ හිටපු පාලන අධිකාරිය ක්‍රීඩාව වෙනුවෙන් අවශ්‍ය නිවාඩු ඇතුළු පහසුකම් මට නො අඩුවම සැපයූවා. ඒ නිසයි මට ලෝකයේම ප්‍රසිද්ධ වෙන්න හැකිවුණේ. මගේ සේවා ආයතනයට වගේම මට උදව් උපකාර කළ සැමට මම හදවතින්ම ස්තුති කරන්න කැමතියි.
 
දැන් මගේ වයස අවුරුදු 40යි. මේ වෙද්දී මම මගේ ඉලක්ක ඔක්කොම ජයගෙන තිබෙනවා. ඒත් රටට ඕන වෙලාවක තවදුරටත් මගේ සේවය ලබා දෙන්න මම සූදානම්.' ඈ පවසන්නේ හැඟුම් බරවය.
 
'මම වගේ උස ක්‍රීඩිකාවන් ඉන්නවාද කියලා මමත් හොයනවා. නමුත් මෙච්චර කාලෙකට මුණගැහිලා නෑ. ඒත් මම මේ තරම් උස වුණේ ඇයි කියලා දන්නේ දෙයියෝම තමයි.' ඈ කියන්නීය.
 
'අපි උතුරු පළාතෙන් තරුණ කාන්තාවන් සොයා දැල්පන්දු ක්‍රීඩාව දියුණු කරන්න උත්සාහයක් ගන්නවා. නමුත් අපිට මෙහේ තියෙන පහසුකම් අඩුයි. කොළඹ ඇවිල්ලාත් ඒක කරන්න බෑ. මොකද නවාතැන් පහසුකම් වෙනුවෙන් වගේම කෑම බීම වෙනුවෙන් ලොකු මුදලක් වියදම් කරන්න සිද්ධ වෙනවා. පාසල් ළමුන්ට ඒ වගේ වියදම් දරන්න විදියක් නැහැ. අනෙක මේ පළාතේ දෙමව්පියන්ට එතරම් ආදායමක් නැහැ. ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා මෑතකදී යාපනයට ඇවිත් ක්‍රීඩාව සම්බන්ධයෙන් සාකච්ජා කළා. උතුරට ක්‍රීඩා පහසුකම් ලබා දෙනවා කියලත් පොරොන්දු වුණා. මාවත් හමුවුණා. ක්‍රීඩාව වෙනුවෙන් ඔහු හොද මෙහෙවරක් කරයි කියලා මට විශ්වාසයි.' තර්ජනී ශිවලිංගම් අපේක්ෂාවක සේයාවක් මුහුණේ රුවාගනිමින් කියන්නීය.
 
'අනාගත දරු පරපුරට මට පවසන්න දෙයක් තියෙනවා. මට අවසාන වශයෙන් ඔවුන්ට කියන්න තියෙන්නේ ජීවිතයේ කුමන බාධා ආවත් සියලු බාධා මැද්දේ ඉදිරියටම යන්න අධිෂ්ඨාන කරගන්න කියලයි. ආපස්සට හැරෙන්න එපා.' ක්‍රීඩා හා සංවාදය අවසන් කරමින් ඈ පැවසූවාය.
 
උදුලා පිරිස්
සිළුමිණ 
 
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top