මේ දක්වා අදාළ කාන්තාවගේ අනන්‍යතාවය තහවුරු වී නැහැ....
මළසිරුර ගමන් බෑගයේ දමා 143 මාර්ග අංකය සහිත හංවැල්ලේ සිට රැගෙන ඇවිත්...
කොළඹ - වේල්ල වීදිය ප්‍රදේශයේදී හමුවු හිස කදින් වෙන්කළ කාන්තා මළ සිරුර සහිත ගමන් බෑගය රැගෙන ආ ආකාරය පිළිබඳව තවත් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අදාළ පුද්ගලයා විසින් හංවැල්ල සිට පිටකොටුව දක්වා ධාවනය වූ බස් රථයකින් එම ගමන් බෑගය රැගෙනවිත් ඇති බවට තහවුරු වී ඇති බවයි.
කොළඹ - වේල්ල වීදිය ප්‍රදේශයේ ගමන් බෑගයක තිබී හිස කඳින් වෙන් කළ කාන්තා මළ සිරුරක් හමු වුණේ ඊයේ පස්වරු 1 ට පමණ.
ප්‍රදේශවාසින් විසින් ඒ පිළිබඳව වේල්ලවීදිය පොලිසිය දැනුවත් කිරීමෙන් පසු පොලිස් නිල සුනඛයින් යොදා ගනිමින් පොලිසිය පරීක්ෂණ ආරම්භ කළා.