පෙරේදා දහවල් කාලයේ කොළඹ වේල්ල වීදියේ ගමන් බෑගයක තිබි හමුවූ කාන්තා මළ සිරුර කුරුවිට ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි කාන්තාවකගේ බවට සැක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසනවා. එමෙන්ම මෙම සිද්ධියට අදාළ අදාළ සැකකරු බුත්තල පොලිස් ස්ථානයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයකු බවත් ඔහු සහ අදාළ කාන්තාව පෙබරවාරි 28 වන දින හංවැල්ල ප්‍රදේශයේ ලැගුම්හලකට පැමිණ ඇති බවටත් මේ දක්වා කරන ලද පරීක්ෂණවලදී හෙලි කර ගෙන තිබෙනවා.
මෙතෙක් කරන ලද පරීක්ෂන වලින් හෙලිවී තිබෙන්නේ මාර්තු පලවන පෙරවරු 11ට පමණ මෙම සකකරු ලැගුම්හලෙන් බෑගයක් සමඟ පිටව ගොස් ඇති බවය. මෙම ගමන්මල්ලේ තිබූ සිරුරෙ හිස නොමැති නිසා මේ සම්බන්ධයෙන් තොරතුරු සනාථ කර ගැනීමට ඩීඑන්ඒ පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මෙතෙක් කරන ලද පරීක්ෂණ හරහා මතු කරගත් පර්යේෂණය සාක්ෂිවලින් සනාථ වී ඇත්තේ මෙම කාන්තාව සමග පැමිණි පුද්ගලයා බුත්තල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු බවයි. මෙම පුද්ගලයා අදාළ කාන්තාව සමග අනියම් සම්බන්ධතාවක් පවත්වා ඇති බවටත් තොරතුරු හෙළිකර ගෙන තිබෙනවා.
උප පොලිස් පරීක්ෂකවරයාගේ වයස 52ක් බවත් සඳහන්