මේ දක්වා අදාළ කාන්තාවගේ අනන්‍යතාවය තහවුරු වී නැහැ....
මළසිරුර ගමන් බෑගයේ දමා 143 මාර්ග අංකය සහිත හංවැල්ලේ සිට රැගෙන ඇවිත්...
කොළඹ - වේල්ල වීදිය ප්‍රදේශයේදී හමුවු හිස කදින් වෙන්කළ කාන්තා මළ සිරුර සහිත ගමන් බෑගය රැගෙන ආ ආකාරය පිළිබඳව තවත් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අදාළ පුද්ගලයා විසින් හංවැල්ල සිට පිටකොටුව දක්වා ධාවනය වූ බස් රථයකින් එම ගමන් බෑගය රැගෙනවිත් ඇති බවට තහවුරු වී ඇති බවයි.
කොළඹ - වේල්ල වීදිය ප්‍රදේශයේ ගමන් බෑගයක තිබී හිස කඳින් වෙන් කළ කාන්තා මළ සිරුරක් හමු වුණේ ඊයේ පස්වරු 1 ට පමණ.
ප්‍රදේශවාසින් විසින් ඒ පිළිබඳව වේල්ලවීදිය පොලිසිය දැනුවත් කිරීමෙන් පසු පොලිස් නිල සුනඛයින් යොදා ගනිමින් පොලිසිය පරීක්ෂණ ආරම්භ කළා.
කාන්තා මළසිරුර සහිත ගමන් බෑගය, අදාළ පුද්ගලයා විසින් වේල්ලවීදිය ප්‍රදේශයට රැගෙන එන ආකාරය දැක්වෙන CCTV දර්ශනද නිකුත් වුණා.
කෙසේ වෙතත් මේ දක්වා අදාළ කාන්තාවගේ අනන්‍යතාවය තහවුරු වී නොමැති අතර, මළසිරුර ගමන් බෑගයේ දමා 143 මාර්ග අංකය සහිත හංවැල්ලේ සිට පිටකොටුව බලා ධාවනය වු බස් රථයක රැගෙන විත් ඇති බවට තොරතුරු වාර්තා වි තිබෙනවා.
ඒ අනුව අදාළ බස් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර, එහි රියදුරුගෙන් සහ කොන්දොස්තරවරයාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී යම් පුද්ගලයෙක් ගමන් බෑගයක් රැගෙන හංවැල්ල ප්‍රදේශයෙන් බස් රථයට ගොඩ වු බව සනාථ කර ගෙන තිබෙනවා.
අදාළ පුද්ගලයා විසින් මළසිරුර බහාලු බෑගය හංවැල්ල ප්‍රදේශයෙන් බස් රථයකට දමා ගෙන රැගෙන එන ආකාරය දැක්වෙන CCTV දර්ශන සහ පිටකොටුව ප්‍රදේශයෙන් බස් රථයෙන් බැස යන ආකාරය දැක්වෙන CCTV දර්ශන අප වෙත ලැබී තිබෙනවා.
සැකකරුගේ ගමන් මාර්ගය සෙවීම සඳහා වේල්ලවීදිය ආශ්‍රිත ප්‍රදේශවල CCTV දර්ශන තවදුරටත් උපයෝගී කරගන්නා බව විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා.
මේ අතර, අදාළ සැකකරු කාන්තා මළසිරුර සහිත ගමන් බෑගය රැගෙන ත්‍රිරෝද රථයකින් හංවැල්ල බස් නැවතුම් පොළ වෙත පැමිණෙන ආකාරය දැක්වෙන දර්ශනද අප වෙත ලැබී තිබෙනවා.
මේ අතර, හංවැල්ල නගරයේදී කාන්තා ඇඳුම් සහිත බෑගයක් ද පොලිසිය විසින් සොයා ගනු ලැබුවේ අද පෙරවරුවේයි.
ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළ හංවැල්ල පොලිසිය ඊට පොලිස් නිල සුනඛයින්ගේද සහය ලබාගත්තා.
පොලීසිය පැවසුවේ මෙලෙස සොයාගත් ඇඳුම් බෑගය සහ මියගිය කාන්තාව අතර සබඳතාවක් පවතින්නේදැයි විමර්ශන අරඹා ඇති බවයි.
මේ අතර, මියගිය කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් තොරතුරු හමුවූ හංවැල්ල බස් නැවතුම් පොළට කිලෝමීටර් 3 ක් පමණ නුදුරින් පිහිටි නිරිපොළ ප්‍රදේශයේ වක්ඔයේ තිබී පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුරක්ද පොලීසිය සොයා ගත්තේ ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීම මතයි.
සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරික්ෂණය අද පස්වරුවේ අවිස්සාවේල්ල මහෙසේත්‍රාත්වරියගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, දේහය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට නියමිතව තිබෙනවා.