"පොලිසිය මාව හොයාගන්න පුළුවන්තැනක සූසයිඩ් කරගන්නවා.."
"කාන්තාවගේ සොයුරා දේශපාලනඥයෙක්.."
අධිකාරි මුදියන්සේලාගේ ප්‍රේමසිරි 52 නමැති විවාහක උප පොලිස් පරීක්ෂකවරයා සොයා බඩල්කුඹුර, වෙහරගොඩ නිවසට පොලිස් කණ්ඩායම් ගියවිට සැකකරු නිවසේ පසුපස දොරින් කැලෑවකට පැන ඇති බවට අනාවරණය වී තිබෙනවා.
ඝාතනයට ලක්වී ඇත්තේ ලිනියාකුමාර දුලනිගේ දිලිණි යසෝධා ජයසූරිය (30) නමැති කුරුවිට, තෙප්පාගම, බඩෝගම පදිංචිකාරියක් . මෙම මියගිය කාන්තාවගේ සොයුරා ප්‍රාදේශීය දේශපාලනඥයෙක් . සැකකරු විවාහකයකු වන අතර නිවසට පොලිස් කණ්ඩායම් යන විට ඔහු බිරිඳ සමග සිටි බවත් අනාවරණය වී තිබෙනවා.
සැකකරු ඉකුත් 27 වැනිදා බුත්තල පොලිසියෙන් නිවාඩු ලබා පැමිණ එදින රාත්‍රී 10.00ට පමණ මෙම කාන්තාව සමග හංවැල්ලේ පිහිටි හෝටලයක 106 වැනි කාමරය කුලියට ගෙන තිබෙනවා.. එම හෝටලයේ සිටියදී කාන්තාව සමග තුන් වතාවක් පිටතට ගොස් ඇති අතර එම හෝටලයෙන් පිටව ගොස් ඇත්තේ පෙරේදා (01දා) උදෑසන 10.00ට පමණයි . එලෙස පිටව යෑමට පෙර මෙම කත ඝාතනය කර ඇතැයි අනාවරණය වේ. හෝටලයේ බිල රුපියල් 4100ක් ගෙවා සැකකරු පිටව ගොස් ඇත්තේ ත්‍රිරෝද රථයකින් බවත් සඳහන්. ඒ හංවැල්ල නගරයටයි . කාන්තාව ඝාතනය කළ පසු බහාලූ බෑගයද එම ත්‍රිරෝද රථයේ දමාගෙන ගොස් තිබෙනවා. නවතැන්පොළේදී ඝාතනය සිදුකළ පසු සැකකරු හෝටල් කාමරය සම්පූර්ණයෙන් පිරිසුදු කර ඇතැයි හෙළිවන බවත්, සඳහන්.
මරා දමා පැය ගණනකට පසු මෙම කාන්තාවගේ හිස කඳෙන් වෙන් කරන්නට ඇති බව අනුමාන කෙරෙනවා. අධික රුධිර වහනයක් නොවී ඇත්තේ ඝාතනය වී පැය ගණනකට පසු ගෙල කැපූ නිසා විය හැකි බව විමර්ශන කණ්ඩායම් කියයි. කාන්තාවගේ හිස මෙතෙක් හමුවී නැහැ. මෘත දේහය බහාලූ බෑගය වේල්ලවීදියෙන් හමුවූ බවට මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග සැකකරු යැයි විශ්වාස කළ හැකි අයකු හෝටල් හිමිකාරිනියට දුරකථන ඇමතුමක් ලබාදී තමාගේ තොරතුරු පිටතට ලබාදුනහොත් මරා දමන බවට තර්ජනය කර තිබෙනවා.
මෙම ඝාතනය වූ කාන්තාව නිවසින් පිටවී ඇත්තේ ශ්‍රීපාද වන්දනාවේ යන බව පවසා යැයිද පොලිසිය අනාවරණය කරගෙන ඇති අතර සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවසට පොලිසිය ගිය මොහොතේ කැලෑවට පනින්නට පෙර බිරිඳගෙන් සමාව ඉල්ලා ලිපියක්ද තබා ගොස් තිබෙන බවත් සඳහන් . ‘‘මම ලොකු වරදක් කළේ. ඔයාලට නින්දා අපහාස විඳින්න වෙයි. ඒවා විඳ දරාගෙන ජීවත් වෙන්න. අම්මගේ තුන් මාසේ දානේ දෙන්න. පොලිසිය මාව හොයාගන්න පුළුවන්තැනක සූසයිඩ් කරගන්නවා’’ යැයි ලිපියේ සඳහන් කර තිබෙනවා.
සැකකරුට වයස අවුරුදු 18 දරුවකු හා අවුරුදු දහයක දරුවකු ඇති බවත් සඳහන්. මෙම දරුවන් හා බිරිඳ පොලිසිය සමග ඊයේ (02දා) රාත්‍රියේ කැලෑබද ප්‍රදේශයට ගොස් කෑගසමින් අමතා ඇතත් ඔහු පැමිණ නැහැ.