"පත්තරකාරයින්" තමන්වත් මේගන්වත් අමු අමුවේ ඝාතනය කරන බවට චෝදනා එල්ල කළ හැරී කුමරු රජ පවුලේ සියලු කටයුතු-වලින් ඉවත් වෙන්න අසීරු තීරණයක් ගන්නවා.
හිටි හැටියේම මේ දෙපළ ගැන අලුත්ම ආරංචියක් එනවා. ඒ තමයි ඔවුන් දෙදෙනා විසින් Oprah සඳහා ලබා දුන්නා ය කියන සම්මුඛ සාකච්ඡාව..
මෙය තරමක් ආන්දෝලනාත්මක සාකච්ඡාවක් බවට පත් වෙන්නේ, හැරී කුමරු තමන්ගේ මවගේ මරණය ගැනත්
"නොකියා යම් දෙයක්" ප්‍රකාශ කිරීම නිසයි.
හැරී කුමරු එහිදී පවසා ඇත්තේ, ඉතිහාසය යළි සිදු වේ යැයි බියකින් තමන් පසුවන බවයි.
(හැරීගේ මව වන සුරූපී ඩයනාගේ මරණයට රජ පවුලත් සම්බන්ධයි කියලා ඔහු නොකියා කියන බවයි එයින් හැඟවෙන්නේ.)චාල්ස් කුමරුගෙන් වෙන්වුනු ඩයනා කුමරිය, තනිවම ජීවිතයට කෙසේ නම් මුහුණ දුන්නා ද යන්න තමන්ට සිතන්නටවත් අපහසු බව, හැරී කුමරු මෙහිදී සඳහන් කරලා තියෙනවා.
"කවුරුන් හෝ ඔබව නිහඬ කළාද? ඔබ නිහඬ වුණාද" යනුවෙන් මේගන් කුමරියගෙන් Oprah ප්‍රශ්න කර ඇති නමුත්, ඇය ඒ සඳහා නිශ්චිත පිළිතුරු ලබා දී නැහැ.
කෙසේ වෙතත්, මේ සම්බන්ධ සම්මුඛ සාකච්ඡාව යම් ආන්දෝලනයක් ඇති කර ඇති අතර, රජ පවුල ද යම් කැළඹීමකට පත්ව ඇති බවක් විදෙස් වාර්තා සඳහන් කරනවා.
Dailymail ඇසුරිනි.