Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
19
සත් පත්තිනි පිහිට ලැබදෙන කිරිඅම්මා දානය ගැන මේ දේවල් ඔබ දැන සිටියාද..?

- සත් පත්තිනි පිහිට ලැබදෙන කිරිඅම්මා දානය ගැන මේ දේවල් ඔබ දැන සිටියාද..?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5 Views

පත්තිනි දානය, කිරි අම්මා දානය, කිරි දානය, කිරි දේව දානය යන නම්වලින් විවිධ ප්‍රදේශවල හඳුන්වනු ලබන කිරි අම්මාවරුන්ගේ දානය පුරාණයේ සිට මේ දක්වාම ලංකාව තුළ ඉතා ප්‍රචලිත බාරහාර ඔප්පු කිරීමක් ලෙස හඳුන්වාදෙන්නට පුළුවන්.. 


පත්තිනි මෑණියන්ගේ පිහිට, ආරක්‍ෂාව, රැකවරණය ලබා ගැනීමට බාර වී එම බාරය ඔප්පු කිරීමට කිරි දානය දීම සිදු කරනවා.. මුල් කාලීනව කුඩා දරුවන් උදෙසා මෙන්ම ගැබිනියන් උදෙසා කිරි දාන බාර වුවද අද මෙන්ම මෙය බාල, වැඩිහිටි, තරුණ, මහලු යන සියලුම වයස් මට්ටම්වල අය සඳහා ද බාර වීම දැකිය හැකියි..

කොහොම වුණත්, පත්තිනි දේවිය උදෙසා දෙන කිරි දානය දෙවියන් විසින් නොසැදුව ද, දෙවියන් විසින් සාදනවා යැයි ජනප්‍රවාදයේ ඇති ‘දෙයියන්ගේ ලෙඩ’ එනම් සරම්ප, පැපොල, කම්මුල්ගාය, කක්කල්කැස්ස වැනි වෛරස් රෝග දුරුකර ගැනීමට මෙන්ම දරුවකු මව්කුස පිළිසඳ ගැනීමේ සිට දරුවා ප්‍රසූත කරන තුරු ඇති විය හැකි ලෙඩ රෝග සමනයට පත්තිනි දේවියට පුදනු ලබනවා..

ඊට අමතරව ආර්ථිකය යහපත් කර ගැනීමට වතුපිටි, ඉඩකඩම් ආරක්‍ෂා කර ගැනීමට, කුඹුරු ගොවිතැන් ආදිය සරුකර ගැනීමට, ඇස් වහ, කටහව, හෝවහ, අඬෝවැඬියා, වස්දොස් ආදී දෝෂ හරණයට, අමුනුෂ්‍ය බිය, අණවින, කොඩිවින හදිහූනියම් ආදිය නැති කර ගැනීමට මෙම පත්තිනි දේවිය උදෙසා දෙන කිරි දානය භාවිතා කරනවා.. අතැම් නිවෙස්වල චාරිත්‍රයක් ලෙස වසරක් පාසා කිරි දානය දීම ද දැකිය හැකියි... ඔවුන් එයින් නිවසට ශ්‍රියාකාන්තාව හෙවත් ලක්‍ෂ්මි දේවිය වැඩම කරවා ගැනීමට අපේක්‍ෂා කරනවා..

පත්තිනි දේවියගේ පිහිට පතන කිරි අම්මා දානය

අතීත ඇවතුම් පැවතුම් අනුව සිදු කරන්නා වූ පිළිවෙත් අද සමාජයෙන් ගිලිහි යමින් පවතිනවාට වඩා නූතන මෝස්තර ක්‍රමවේද ඊට එකතු වී සංකරවීමක් දකින්නට ලැබෙනවා...

එයට ප්‍රධානම හේතුව වශයෙන් සමාජ මාධ්‍ය තුළින් විවිධ රටවල හා විවිධ පළාත්වල පවතින්නා වූ තත්ත්වයන් අද සැණෙකින් සමාජගතවීම යැයි කිව හැකියි... අප සංස්කෘතිය තුළ පැවතියා වූ පුද පුජා ක්‍රමවේද ද මෙම නූතන සංකරතාවට හසුවී විවිධ ආකාරයෙන් ප්‍රදර්ශන අංගබවට පත්වෙමින් තිබෙනවා.. මේ අතර අතීත ගැමිසමාජය තුළ තිබුණු ප්‍රධානම දානමය කටයුත්තක් වූ “කිරි අම්මා දානය” අද විවිධ පුද්ගලයෝ සංදර්ශන සහිත අංගයක්බවට පත් කරගෙන සිටිනවා...

පත්තිනි මෑණියන් වන්දනීයත්ව තැන්හී තබා සිදු කරනු ලබන කිරි අම්මා දානය පැරණි සිරිත් චාරිත්‍ර අනුව නිවරැදිව සිදු කරන ආකාරය අපි අද සොයා බලමු..

මෙහි අතීත කතා රැසක් ඇති බැවින්... මෙය ඉතාම කෙටි හැඳින්වීමකි.

කිරි අම්මා යනු කවුද?

කිරි මවක් ලෙස සලකනු ලබන්නේ දරුවෙක් වෙනුවෙන් දෙතනින් කිරිදෙනු ලබන මවකටයි... ඇය කිරි දෙනු ලබන්නේ කුළුඳුල් දරුවාට නම් තවත් විශේෂත්වයක් ඇති බව ඇතැම් පළාත්වල විශ්වාසයක්ද පවතින අතර ඇතැම් ප්‍රදේශවල කිරි මවක් ලෙස දරුවන් කිහිප දෙනකු වැදු මවුරුන් සුබ යැයි විශ්වාසයක් පවතිනවා...

මෙහිදී එම මව අංගවිකල, අශුද්ධ,දුරාචාරී, හා ස්වාමියා මිය ගිය තැනැත්තියක්වීම කිරි දානයකට වාඩීවීමට නුසුදුසු ලෙස කියාපාන්නියක් ලෙස සැලකෙන අතරම පිරිමියෙකුගේ මෙන් මුහුණේ රැවුල ඇති කාන්තාවන් ද මස් මාළුවිකුණන හෝ මත්පැන් පානය කරන කාන්තාවන්, කේලාම් කියමින් උනුන් කොටවන කාන්තාවන් මෙම කටයුත්තට නුසුදුසු ලෙස සලකනු ලබනවා..

කිරි අම්මා දානයට සුදුසු කාලය වේලාව

හිරු එළිය පොළොවට පතිතවීමට පෙරාතුව ආරම්භ කරන මෙම කටයුත්ත සිදු කිරීම කොස්නැටි පෙනෙන ආලෝකයේදී ආරම්භ කොට විනාඩි හතළිස් නවයකට පමණ පැයකට ආසන්න කාලයක් ඇතුළත අවසන් කළ යුතු වෙනවා.. ජනවහරේ කියැවෙන අයුරින් කහ කැටේට ඉර පෑයීමට පෙර මෙය නිම විය යුතු වෙනවා... එහිදි එක් පත්තිනියකට විනාඩි හත බැගින් වෙන් කොට තැබීම යැයි කියැවෙනවා..

පළමුව කිරි අම්මාවරුන්ගේ දානය සඳහා සුබ සහ කිළි රහිත දිනයක් තෝරා ගතයුතු වෙනවා... අතීතයේදී විශේෂයෙන් සෙනසුරාදා මෙවැනි ආකාරයේ දින තෝරා බේරා වෙන් කර ගත්තද මේ වන විට නිවාඩුව හා පහසු දින මේ සඳහා යොදාගනු ලබනවා... මෙසේ තෝරා ගන්නා දිනයට දින තුනක් කලින් සිටවත් නිවැසියන් මස් මාළුවලින් තොර නිර්මාංශ විය යුතුයි..

මෙසේ දානයට තෝරා ගත් දිනයට පෙර දින හවස ගෙහිමි කාන්තාව විසින් ඒ සඳහා තෝරා ගත් කිරි අම්මාවරුන් සත්දෙනාගේ නිවාසවලට ගොස් බුලත් කොළයක් පිරි නමා ආරාධනා කිරීම සිදු කරනවා..

කිරි අම්මාවරුන්ගේ දානයට සකස් කරන කැවිලි

කැකුළු හාල් කිලෝ 7 ක කිරිබතක් (කිරිබත් කැට 56)

කිලෝ 2 ක කිරියා (කැබලි 56)

කැකුළු හාල් කිලෝ 2 ක හැදි කැවුම්(කැවුම් 56)

ඇඹුල්කෙසෙල් ගෙඩි 56 ක්

මීට අමතරව පහත දේවල්ද සුදානම් කරගත යුතුය.

කිතුල් හකුරු කෑලි 8 ක්

පඬූරු 8 (කාසි) ක්

බුලත් විට 8 ක්

කෙසෙල් කොළ 7 ක්

ලොකු බෑග් 7 ක්

මැටිපහන් 08 ක්

කෝපි කෝප්ප 08 ක්

කපුරු පෙත්තක්

පහන්තිර 15 ක්

වර්තමානය වන විට කාසි පඬුරුවලට අමතරව අම්මාවරුන් හට පිරිකරක්ද පුජා කරන බැවින් එය දානය පුද දෙන අයගේ කැමැත්ත අකමැත්ත අනුව සිදු කරනු ලබනවා..

කිරි අම්මා දානය හා පිළිවෙත් විශ්වාස සිරිත්...

මෙසේ සුදානම් කර ගන්නා දානය කපුටන් හැඬීමට පෙර දී අවසන් කළ යුතු යැයි පැරණි විශ්වාසයක් පවතීනවා... එමෙන්ම දානය නොඉඳුල්ව තබාගත යුතු බැවින් එහි ලුණු ඇඹුල් බැලීමවත් සිදු නොකරනු ලබන අතර ආහාර පිසීමට අත්ගුණයෙන් දක්ෂකම් ඇති අය රස ආදිය ප්‍රමාණයෙන් දැනුවත්වීම මගින් එය මනා ලෙස සිදු කරනවා...

කිරි අම්මාවරුන්ට දානය දීමට හේතු වශයෙන් බොහෝ සලකනු ලබන්නේ කුඩා දරුවන්ගේ රෝගාබාධ අවස්ථාවල සිදුකරනු ලබන භාරවීම් හේතුවෙන්.. මෙසේ භාරවීම සිදු කරන්නේ පත්තිනි මෑණියන්ට වන අතර භාරවීම බොහෝ සිදු කරන්නේ ගෙවත්තේ ඵලදැරූ පොල් ගසක ගොක් කොළ වළල්ලක් බැඳ දෙවියන් උදෙසා වෙන් කිරිමෙන්... ඒසේ ගොක් බැඳි ගසේ කිසිදු ඵලයක් නිවැසියන් හෝ ලේ නෑදෑයින් පරිහරණය නොකරන අතර මෙම ගොක් වළල්ල නිදහස් කරනු ලබන්නේ කිරි දානයෙන් අනතුරුවයි.. ගොක් බැඳීමේ මෙම චාරිත්‍රය මේ වන විට ඒවෙනුවට පඬුරක් ගැට ගසා භාරවීම සිදු කරනු ලබන අතර භාරය නිදහස් කරන තුරු එම පඬුර උස් තැනක තැන්පත් කරනු ලබනවා.. භාරය නිදහස් කර එම පඬුර ලෙහා දමන අතර පැරණි සිරිත අනුව භාරය වූයේ ගොක් බැඳීමෙන් නම් භාරය නිදහස් කරන්නේ ගොක් බැඳි ගසෙන් පොල් කඩා නොයිඳුලේ තෙල් සිඳ එම තෙල්වලින් දානය නිමා කිරිමෙන් අනතුරුවයි...

කිරි අම්මාවරුන් නිවසට පිළිගැනීම හා දානය දීම

කිරි දානයට මොහොතකට පෙර නිවස පිරිසිදු කර සුදුහඳුන් සමග කහ දියර පොල් කිරිවලට මිශ්‍රකර නිවසේ සෑම තැනම ඉසීම සිදු කර සුවඳ දුම් ඇල්ලීම සිදු කරනවා.. නිවස දොරකඩ කහදියර මිශ්‍රණයකට කපා දැමූ දෙහි දමා බඳුනක් තැබීම සිදු කරන අතර එයින් මුහුණ අත් පා සෝදා ගෙන එලූ පාවඩ අතරින් කිරි අම්මාවරුන්ට පැමිණීමට සිදුකරනු ලබනවා.. මේ පිළිබඳ කියැවෙන කවි අතර මෙසේද සඳහන් වෙනවා..

පිරිසුදුවට පිරිවට ඇඳ පේ වෙන්නේ

දානෙට සත්දෙන එන බව දන්නේ

පත්තිනි දෙවියොත් සමඟ වඩින්නේ

කඩුල්ල ගාවට ඇවිත් සිටින්නේ

කිරි අම්මාවරුන් අතර එක් අයෙකු ප්‍රධානත්වය ගෙන කටයුතු කරන අතර එම ප්‍රධාන කිරි අම්මා නිවසට ඇතු`ඵ වෙන්නේ පත්තිනි සළඹ හා පත්තිනි මෑණියන්ගේ රුවක්ද රැගෙනයි..

පත්තිනි සළඹ හා පත්තිනි රුව ඒ වෙනුවෙන් වෙන්කළ ස්ථානයක තැන්පත් කරනු ලබයි. ඉන්පසු ගෘහමූලිකයා බුද්ධ පුජාව,ගිලන්පස බුදුරාජාණන් වහන්සේට පූජා කිරීමෙන් අනතුරුව පන්සිල් ගෙන බුද්ධ වන්දනාවෙන් පසු පත්තිනි මෑණියන් වෙනුවෙන් පුද පූජා ආරම්භ කරනු ලබනවා..

කිරි අම්මාවරුන්ට භාරයවීමට ආතුර හේතුව ප්‍රමුඛ කොට ගෙන සෙත් ශාන්තිය සිදු කරන අතර මෙහිදී පැමිණි සියලුම මවුවරුන්ගේ ආශිර්වාදය ආතුරයා වෙත ලබා දෙන අතර ගායනා කරනු ලබන කවි හා ආශිර්වාද ගාථා හඬ නගා කියැවීම අම්මාවරුන් අතර ප්‍රධාන කිරි අම්මා විසින් සිදු කරනු ලබනවා..

වර්තමානයේ නොයෙකුත් සංදර්ශන අංග හා ඇඳුම් ආයිත්තම් සහිතව මෙම සාම්ප්‍රදායික චාරිත්‍ර හැඩවීම සිදු කර ඇති අතර එවැනි අංගයන් ද මානසික සුවයකට යම් පිටුබලයක් ඇති වී තිබෙන අයුරු දකින්නට තිබෙනවා..
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top