පොලිසිය ගැන මේ දවස්වල අපිට අහන්න ලැබෙන්න ඒ තරම් හොඳ දේවල් නෙවෙයි. ඔවුන්ට හිතක් පපුවක් නෑ කියලා තමයි සමහරු කියන්නේ. ඒත් ඒ දේ එහෙම නෙවෙයි කියලා මේ ඡායාරූප දැක්කමට ඔබට තේරෙයි. මේ දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සාරානාත් සමරකෝන් මහතාට වහාම ක්‍රියාත්මක වන පරිදි පිළියන්දල පොලිසියට ස්ථාන මාරුවක් ලැබීම ගැන පොලිසියේ අයගේ හිතේ තිබ්බ දුක.
සාරානාත් මහතා 18 දින දඹුල්ල පොලිසියෙන් පිටත්ව යන්නට සුදානම්වෙද්දී පොලිසියේ සියලු නිලයන්, පොලිස් කාන්තාවන් ඒ මහතා බදාගෙන පැයක පමණ කාලයක් පොලිසිය තුල හඬා වැටෙන්නට වුණා.
සිවිල් සංවිධාන නායකයෝද මේ අවස්ථාවට පැමිණ හඬා වැටෙන්නට වී ඇති අතර දඹුල්ල ප්‍රදේශයේ මහා සංඝරත්නය ද පොලිසියට වැඩම කොට ස්ථාන මාරුව ලබායන සාරානාත් මහතා දඹුල්ල ප්‍රදේශයට මාස 18ක් කාලයක් තුල කල සේවය ඇගයීමට ලක්කර තිබෙනවා.