Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
16
“...මම ඩුවට් කරන්නේ සමිතා එක්ක විතරයි ! කවී දුව ‘සාරා’ව ගොඩක් අගය කරනවා.. සංගීතය තමයි මගේ ජීවිතය..” - අතුල අධිකාරි (දිවිතුරාහි තරුපති) කලකට පසු කතා කරයි.. - Photos

- “...මම ඩුවට් කරන්නේ සමිතා එක්ක විතරයි ! කවී දුව ‘සාරා’ව ගොඩක් අගය කරනවා.. සංගීතය තමයි මගේ ජීවිතය..” - අතුල අධිකාරි (දිවිතුරාහි තරුපති) කලකට පසු කතා කරයි.. - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

41 Views

අතුල අධිකාරි..
එහෙම නැත්තම්... "දිවිතුරා" හි තරුපති කිව්වම ඔබ ඔහුව දැන අඳුනනවා.
 
මේ දවස්වල අතුලගෙයි, හෙක්ටර්ගෙයි අලුත් ගීතයටත් බොහෝම හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
 
පසුගිය දවසක අතුල සතිඅන්ත පුවත්පතක් සමඟ මේ විදිහට පෞද්ගලික ජීවිතේ තොරතුරු හුවමාරු කරගෙන තිබුණා.


අතුල අධිකාරිට ‘සාරා’ට ලැබෙන ප්‍රතිචාර එහෙම කොහොමද?
ප්‍රතිචාර නම් ගොඩක් හොඳයි. මොකද හෙක්ටර්ටත් ඉන්නවා හොඳ ප්‍රේක්ෂකයෝ පිරිසක්. සින්දුවත් ලස්සනයි. ඩෙන්සිල් නුගේගොඩ ලියපු සින්දුවක්.
 
මේ අදහස ආවේ හෙක්ටර්ට ද? අතුලට ද?
නාට්‍ය රඟපාන කාලේ මට හෙක්ටර්ව දවස් දෙකක් වගේ හම්බවුණා. ඒ කාලෙ ඉඳලා තමයි සින්දුවක් කරමු කියලා කිව්වේ. ටික කාලයක් ගියා ඒ වැඩේ එළිදක්වන්න.
 
රූප රචනාව ගැනත් කතා කරමු නේද?
මම කැමැතියි ඒ රූප රචනාවට, සංදේශ් බණ්ඩාර කියන්නේ අපේ ක්‍ෂේත්‍රයේ දක්ෂ ජනප්‍රිය චරිතයක්. හෙක්ටර්ගේ නිල්වන් මුහුදු තීරයේ ගීතයේ රූප රචනාවත් කළේ එයා. ඒ නිසා තමයි මේ වැඩේටත් සම්බන්ධ කරගත්තෙ.
 
අතුල ගොඩක් සමීප කීබෝර්ඩයට. හැබැයි මේ ගිතය ඇතුළේ අතුල ගිටාරය තමයි භාවිත කරන්නේ?
මම සාමාන්‍යයෙන් ඒ කාලේත් ගිටාර් ප්ලේ කරනවා. 2017 වසරේ ඉඳලා මට වැඩිපුර ගිටාර් ගහන්න ආසාවක් ආවා. ඒක නිසයි මේ වැඩේට ගිටාරය භාවිත කළේ. අනික හෙක්ටර් ඇවිල්ලා හොඳ සෙක්සර් ෆෝන් වාදකයෙක්.
 
පිරිමි දෙන්නෙක් ඩුවට් කරනවා අඩුයි. මොකද මේ හඬවල් දෙක ගැන හිතන්නේ?
ලංකාවේ නම් ඇත්තට ම පිරිමි හඬවල් දෙකකින් ගීත ඇහෙනවා අඩුයි. මම ගොඩක් වෙලාවට ඩුවට් කියලා කිව්වේ සමිතා එක්ක. මම සාමාන්‍යයෙන් වෙන අයත් එක්ක ඩුවට් කියනවා හරි අඩුයි. මේක හෙක්ටර්ගේ අදහස. මම ඒකට කැමැති වුණා. දෙදෙනාම පැති දෙකකින් රසිකයන් අතර ජනප්‍රියයි. ඒ නිසා අපි දෙන්නා ගීතය කළා.
 
ගීතය එළිදක්වලා කෙටි කාලයකින් යූ ටියුබ් එකේ ටේ‍රන්ඩින් වුණා.?
සාමාන්‍යයෙන් ගීතයක් කරන්නේ ටේ‍රන්ඩින් බලාගෙන නෙමෙයි. නමුත් අපි ක්‍ෂේත්‍රයේ වෘත්තීය මට්ටමින් කරනකොට ගොඩක් දුරට ගීතයට සමාජ මාධ්‍යයක් බලපානවා. විශේෂයෙන් තරුණ පරපුර ටීවී බලනවා අඩුයි. ෆෝන් අතේ තියාගෙන ඉන්නවා. ඒ නිසා ගීතයක් කරනකොට සෝෂල් මීඩියාවලට මාර්කට් කරනවා.
 
කාලෙකට පස්සේ නේද ගීතයක් එළියට ආවේ?
ඔව්. 2011 වසරේ හිත අස්සට ගීතය කළාට පස්සේ ඔක්කොම කළේ තනි ගීත. ආලෙන් වෙලාගන්න, දෛවය සරදමින් ,ඉවසයි ද මන්දා වැනි ගීත කළාට පස්සේ ඩුවට් කළේ නැහැ. මම අවුරුදු පහකින් විතර අලුත් සින්දුවක් අවට් කළෙත් නැහැ. පාරාදීසේ ජනප්‍රිය වුණාම ඒක මගේ මුල්ම ගීතය. 88 තමයි ඒක කළේ. සමහරු හැබැයි ඒක අලුත් ගීතයක් කියලා හිතුවා. ඒක අලුත් ගීතයක් නෙමෙයි. ඊට පස්සේ තමයි මගේ ගීතයක් ආවේ.
 
තරුපති අතුලගේ ජීවිතයට බලපෑවේ කෙසේද?
1996 සහ 2002 වසරවල තමයි මම රඟපෑවේ. මම ටෙලිනාට්‍යයක රඟපෑවේ අවුරුදු 18 කට වගේ පසුවයි. චාමර තමයි මට මේ ආරාධනාව සිදුකළේ. ඇත්තට ම තරුපති මගේ ගමනට ලොකු ආගමනයක් වුණා. එළියේදි සමහරු මට කතා කරන්නේ තරුපති කියලා.
 
හෙක්ටර් සමග එකතුවෙලා ප්‍රසංගයක් කරන්න සූදානම් ද?
සමහර විට එහෙමත් කරයි.
 
අලුත් ගීතයක් කළා නේද?
ඔව්. පැණි සොයන නුඹ කොහෙද සමනලියේ කියලා ගීතයක් කළා. ඒක බොහෝ දුරට මේ අවුරුද්දේ අවසානයේ හෝ ලබන වසරේ මුල එළිදක්වන්න නියමිතයි.
 
ප්‍රසංග වේදිකාවේ වැඩ කටයුතු එහෙම කොහොම ද?
කොරෝනා වසංගතයෙන් පසුව රටේ අරගලයක් ඇතිවුණ නිසා ඒ කාලයේ සෑහෙන පසුබෑමකට ලක්වුණා. දැන් ආපසු ප්‍රසංග පවත්වනවා. මම ප්‍රසංග තුනකට සහභාගි වුණා. පුදුමාකාර සෙනඟක් හිටියා. මිනිස්සුන්ට මොනවත් ප්‍රශ්න තිබුණත් ඔළුව ටිකක් නිදහස් කරන්ගන්න මේ වගේ දේවල්වලට කැමැතියි.
 
ප්‍රසංගවලට ගියහම මිනිස්සු කතා කරන්නේ අතුල කියල ද? තරුපති සර් කියල ද?
නැහැ. ඇත්තට ම කතාබහ කරන්නේ තරුපති සර් කියලා එච්චරමයි රසිකයෝ අතරට ඒ චරිතය ගිහින් තියෙනවා. ගොඩක් අය මට දැන් සර් කියලා කියන්නේ. මම එච්චර කැමැති නැහැ මට සර් කියලා කියනවට.
 
ඩෙන්සිල්ගේ පදරචනය ගැන කතා කළොත්?
මම ඩෙන්සිල්ව දන්නේ සන්ෆලවර් පටන්ගත්ත කාලේ ඉඳලා. ඒ කියන්නේ 1985, 1986 වසරවල ඉඳන්. ඒ හිතවත්කම අදටත් තියෙනවා. හෙක්ටරුයි මමයි ඒ වචන ටික අල්ලලා ගියා.
 
හඬ පරාසයක් ගැන කොහොමද? හිතවේ?
අපි දෙන්න එක ආරයේ ගීත ගායනා කරන දෙන්නෙක් නෙමෙයි. එක ආරේ ගීත ගායනා කරන දෙන්නෙක් ගළපන්න ලේසියි. ආර දෙකක ගිත ගායනා කරන කොට සංගීත අධ්‍යක්‍ෂවරයා අතරේ තමයි වැඩේ තියෙන්නේ.
 
ආපසු චරිතයක් ලැබුණොත් රඟපානවද?
රඟපෑම ගායනයකට වඩා ටිකක් කාලය ගතවෙන වැඩක්. කාලය නාස්තිවෙන වැඩකුත් වෙනවා. එහෙම බැලුවහම රඟපෑනවට වඩා ගායනා කරන එක මට පහසුයි. ඇත්තටම දිගටම රඟපාන්න ලොකු බලාපොරොත්තුවක් නැහැ.
 
ආපසු කණ්ඩායම් සංගීතයට එකතුවෙන්න අදහසක් තියෙනව ද?
සංගීත කණ්ඩායමක් පටන්ගන්න අදහසක් නැහැ. සන්ෆලවර් නීල් එක්ක සන්ෆලවර් රියූනියන් එක අපි පටන් ගත්තා. ඒකත් එක්ක ඉදිරියේදී ප්‍රසංග කිහිපයක් පවත්වනවා.
 
රසිකයන්ට මොනවද කියන්න තියෙන්නෙ.
අවුරුදු හතළිහක් විතර ක්‍ෂේත්‍රයේ ඉඳලා අදටත් ඔවුන් මගෙන් අලුත් ගීත බලාපොරොත්තු වෙනවා. මම කරන හැම ගීතයක්ම රසිකයන් වැළඳගත්තා. මේකත් ඒ විදියට වැළඳ ගනීවි කියලා හිතුවා. ඒකත් වේගෙන යනවා. සංගීතය තමයි මගේ ජීවිතය. මම වෙන ව්‍යාපාර මොකුත් කරන්නේ නැහැනේ. සංගීතයත් එක්ක දිගට ම ඉන්න තමයි අදහස.
 
ආපසු යුග ගීතයක් කරන්න අදහසක් නැතිද?
සමිතා එක්ක ඩුවට් එකක් කරන්න අදහසක් තියෙනවා. ඒක ලබන අවුරුද්දේ කරන්න බලාපොරොත්ත වෙනවා. මගේ දුව කවින්ද්‍යා එක්කත් සින්දුවක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒකත් මේ දිනවල නිර්මාණය වේගෙන යනවා.
 
කවි දුව ‘සාරා’ ගැන මොනවද කිව්වේ?
එයා ගොඩක් අගය කනවා. වගේම විඳිනවා.
 
දිනේෂ් විතාන
ඡායාරූපය – දිනුක චමෝද්
දිවයින මීවිත

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top