ජනප්‍රිය නිලි රිතු ආකර්ෂා පසුගිය දවසක ඇක්සිඩන්ට් වුණා කියලා හැමතැනම කතාවෙන්න ගත්තා. ඒ සිද්ධිය ගැන හිරු ගොසිප් අපි ඉස්ඉස්සෙල්ලාම ෆොටෝත් එක්කම විස්තරේ ඔබට ගෙන එන්න කටයුතු කළා.
පාර්ලිමේන්තු පාරේ බැරියර් කඩාගෙන රිතූ ගිහින් තිබුණේ මහ රෑ එනගමන් නින්ද ගියපු නිසා කියලයි ආරංචි වුණේ. ඔය අස්සේ ඇක්සිඩන්ට් එක ශේප් කරගන්න රිතූ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට කතා කළා කියලත් කතාවක් ගියා. ඇත්තටම එදා රෑ කතාකළේ කාටද කියලා හිරු ගොසිප් අපි රිතූගෙන් ඇහුවා.
එදා සිදුවුණ අනතුර ගැන ඇය අපිට විස්තර කළේ මෙහෙමයි.
“මම එදා ෂූටින් ගියේ උදේ පාන්දර 4.00ට විතර. ෂූටින් තිබ්බා 12 පහුවෙනකල්ම. එනකොට තෙහෙට්ටුව වැඩිකමටම මට නින්ද ගියා. පාර්ලිමේන්තුව ළගදි හරවන්නේ නැතිව පාර්ලිමේන්තුව කඩාගෙන මම ගියා.
මගේ තාත්තා පොලිස් නිලධාරියෙක්. තාත්තා එක්ක හිටපු පොලිස් නිලධාරියෙක් තමයි එතන ඒ වෙලාවේ හිටියේ. එවෙලේම මම තාත්තට කෝල් කළා. විනාඩි 05ක් 10ක් ඇතුළත තාත්තා එතනට ආවා.
තාත්තා පොලිසියේ කියලා මට කිසිම සහයෝගයක් හම්බවුණේ නැහැ. තාත්තගේ ඇදුරුම්කමට මගෙත් එක්ක පොලිසියට ආවා. පොලිසිය මට්ටමින් ආ යුතු රාජකාරි සියළුම දේවල් කරලා තමයි මාව එව්වේ.
කිසිම මන්ත්‍රි කෙනෙක්ටවත් කාටවත් කතා කළේ නැහැ . මොකද කතා කරන්න ඕනෑකමක් නැහැ මට . ඒ වෙලාවේ තාත්තා හිටිය නිසා. හැබැයි මං කතා කළත් මම හිතනවා වැරදි නැහැ කියලා. මොකද අපිට කරදරයක් වෙලා තියෙන වේලාවට මනුස්සයෙක්ට කතා කරන එක එච්චර ලොකු දෙයක් නෙමෙයි“ කියලයි රිතූ අපිට කිව්වේ.
වාහනය හැප්පුණු අවස්ථාවේ ලබාගත් ඡායාරූප.......