Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
24
ජපන් හපනුන්ගේ පාසල් අධ්‍යාපනය

- ජපන් හපනුන්ගේ පාසල් අධ්‍යාපනයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

“ජපනා හපනා” යන සුප්‍රකට කියමන නොදන්නා ලක්වැසියකු නොමැති තරම්ය.

එය ඒ තරම්ම අපට සමීපය. ලෝකයේ අනෙක් රටවල මිනිසුන්ට සාපේක්‍ෂව සිරුරින් කුඩා වුවත් ඔවුන්ගේ ශරීර සුවතාව සහ ආචාරශීලී ගුණය පිළිබඳ ලෝකය පුරාම ප්‍රසිද්ධ වී සිටිති. 
 
ලෝකයේ සාක්ෂරතාව ඉහළ අගයක් ගන්නා රටවල් කිහිපය අතර ජපානයට ලැබී ඇත්තේ නොදෙවැනි තැනකි. ඔවුන්ගේ සාක්‍ෂරතාවේ ප්‍රතිශතය 99.9%කි. ඒ දියුණු රටක් වෙන ඔවුන් ගිය ගමන පිටුපස ඇත්තේ ජපාන අධ්‍යාපන ක්‍රමය බව ඔවුන්ගේ පිළිගැනීමය.
 
ජපානයේ මූලික අධ්‍යාපනය ලෙස ගැනෙන ප්‍රථම වසරේ සිට හය වැනි වසර දක්වා සහ පහළ ද්වීතීයික අධ්‍යාපනය ලෙස ගැනෙන හත්වැනි වසරේ සිට නවවැනි වසර දක්වා අධ්‍යාපනය එරට දරුවන්ට අනිවාර්යය. නවවැනි වසර දක්වා ජපන් දරුවන් පොදු පාසල්වල ඉගෙන ගැනීම ද තවත් සුවිශේෂ ලක්‍ෂණයකි. නවවැනි වසරෙන් පසුව ජපානයේ පාසල් අධ්‍යාපනය දරුවන්ට අනිවාර්ය නොවේ. එහෙත් ජපන් පාසල් දරුවන්ගෙන් 94.3%ක්ම ඉහළ ද්විතීයික අධ්‍යාපනය හෙවත් දහ වැනි වසරේ සිට ‍ෙදාළොස් වැනි වසර දක්වා අධ්‍යාපන කාර්යයෙහි නිරත වෙති. 
 
අදට වසර දහ පහළොවකට පමණ පෙර, පෙර පාසල් අවධියේම දරුවන්ට අකුරු ඉගැන්වූවා අපට අමතක නොවේ. ඉන්පසුව, පෙර පාසලේදී දරුවන්ට අකුරු ඉගැන්වීම නීතියෙන් තහනම් කර තිබුණත් පෙර පාසල් ගුරුවරු අකුරු උගන්වන බව නොරහසකි. දරුවන් රජයේ පාසලට ඇතුළත් කිරීමට පෙර අකුරු ඉගෙන ගෙන නොතිබුණොත් පාසලේදී පසුබෑමකට ලක්වෙතැයි මවුපියන් තුළ පවතින මිථ්‍යා මතය නිසා පෙර පාසලේදීම දරුවන්ට අකුරු ඉගැන්වීම ඔවුහු බලාපොරොත්තු වෙති. මුදල් පසුපස දුවන අපගේ තරගකාරී අධ්‍යාපන රටාව නිසා, පෙර පාසල් පාලකයෝ සිතන්නේද කුඩා දරුවන්ට අකුරු ඉගැන්වූවේ නැතිවුවහොත් තමන්ගේ පෙර පාසලට මවුපියෝ දරුවන් නොඑවති කියාය. එම නිසා මොන නීති තිබුණත් තමන්ගේ ගමන යෑමට ඔවුහු පෙලඹී සිටිති. 
 
අකුරුවල ඇති සංකීර්ණ බව නිසා කුඩාම දරුවකුට නිසි පරිදි අක්‍ෂර මාලා ග්‍රහණය කරගැනීමට අපහසු බවය, අධ්‍යාපන මනෝවිද්‍යාඥයන්ගේ  මතය වන්නේ. අපේ දරුවන් පෙර පාසල් යෑමට මැළිකමක් දක්වන්නේ මේ හිරිහැරය නිසාය. පුංචිම දරුවන්ට අකුරු ඉගැන්වීම ඔවුන්ගේ පෞරුෂය ගොඩනඟා ගැනීමට ඉවහල් වනවාද? 
 
ජපන් පාසල් අධ්‍යාපනයේ තත්ත්වය මීට හාත්පසින්ම වෙනස්ය. ජපන් අධ්‍යාපන ක්‍රමය තුළ ජපන් දරුවකු පාසලට ඇතුළත් වී මුල් වසර තුන තුළ කිසිම විභාගයකට සූදානම් නොකරති. එම නිසාම පාසලේ පළමු වසර තුන තුළ අකුරු උගන්වා දරුවන් පීඩාවට පත් නොකරති. මෙම වසර තුන තුළ සිදු කරන්නේ දරුවන් තුළ හොඳ පුරුදු ඇති කිරීමට සහ පෞරුෂත්වය වර්ධනය කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමය. අනෙක් අයට ගරු කිරීම, පරිසරයට සහ සතා සිවුපාවන්ට ආදරය කිරීම වැනි දේ ගුරුවරුන් විසින් කියා දී හුරු කරති. මේ කාලය තුළදී ළමා මනසට ස්වයං හික්මීම, සාධාරණත්වය, අධිෂ්ඨානය, පරිත්‍යාගශීලී වීම, කාරුණික බව සහ සානුකම්පිත බව වැනි ගුණාංග දරුවන් තුළ රෝපණය කරති. 
 
අප රටේ පාසල්වල ප්‍රාථමික පන්ති පිරිසුදු කරන්නේ එම පන්තිවල ඉගෙන ගන්නා දරුවන් නොව, මවුපියෝය. එසේත් නැත්නම් මවුපියන්ගෙන්ම එකතු කරගත් මුදල්වලින් නඩත්තු වන සේවකයන්ගේ ශ්‍රමයෙනි. එහෙත් ජපානයේ පාසල්වල දරුවන් ඉගෙන ගන්නා පන්ති පමණක් නොව නානකාමර, වැසිකිළි, කැසිකිළි, මිදුල් සුද්ද පවිත්‍ර කරන්නේ දරුවන්මය. වසර පුරා පවිත්‍රතා කටයුතු කරන ආකාරයන් දක්වමින්, දරුවන් කුඩා කණ්ඩායම්වලට බෙදා කාලසටහනකට අනුව ඔවුන් එම කාර්යයන්වල යොදවති. 
 
මේ ක්‍රියා මඟින් ජපන් අධ්‍යාපන ක්‍රමය බලාපොරොත්තු වන්නේ දරුවන් කණ්ඩායම් හැඟීමෙන් වැඩ කිරීම, තමන් පමණක් නොව පරිසරයම පිරිසුදුව තබාගැනීමට පෙලඹවීම, අනෙක් අයට උපකාර කරමින් කටයුතු කිරීමට හුරු කිරීම ආදියයි. එමෙන්ම අතුගෑම, පොළොව පිරිසුදු කිරීම, ජනේල සුද්ද කිරීම ආදී දේවල්ද ඒ ඒ පාසල් දරුවන් විසින්ම කරගනු ලබයි. මෙවැනි දේ ජපන් අධ්‍යාපන ක්‍රමයේ අනිවාර්ය අංග බවට පත්කර ඇත්තේ, එවැනි වෘත්තීන්වල නියැළෙන මිනිසුන් හට  ගරු කිරීමටත් පොදු ස්ථාන පිරිසුදුව තබාගැනීමටත් කුඩා අවධියේ සිටම ඔවුන් හුරු පුරුදු කිරීමේ අපේක්‍ෂාවෙනි. 
 
අප රටේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී ගණිතය විෂය අසමත්ව උසස් පෙළ පන්තිවල ණයට ඉගෙන ගන්නා හෝ පාසලෙන් ඉවත්වන දරුවන් සංඛ්‍යාව සැලකිය යුතු ප්‍රමාණයකි. ජපානයේ පාසල්වල ගණිතය විෂය උගන්වන අපූරු ක්‍රමය මෙරට අධ්‍යාපනයටද යොදා ගතහොත් ඉහත කී අවාසනාවන්ත ඉරණමෙන් දරුවෝ මුදා ගත හැකිවනු හැකිය. 
 
ඉගැන්වීම තුළින් ඉගෙනීම පහසු වන බව ජපන් ජාතිකයෝ විශ්වාස කරති. එම නිසා ගණිතය ඉගැන්වීමේදී ඔවුන් යොදාගන්නේ දරුවන් සාකච්ඡා කරමින් ඉගැන්වීම් කරන ප්‍රායෝගික ක්‍රමවේදයකි. ගණිත ගුරුවරයා පන්ති කාමරයට පැමිණි පසු අදාළ දිනයේ ඉගැන්වීමට නියමිත පාඩම් කොටස් පිළිබඳව කෙටි හැඳින්වීමක් කරයි. ඉන්පසු ඔහු එම පාඩම වඩාත් හොඳින් අවධාරණය කිරීමට උදාහරණයක් ද යොදා ගනී. ඉන්පසු එම පාඩමට අදාළ ගණිත ගැටලුවක් කළු ලෑල්ලේ සටහන් කරයි. එය විස¼දා දරුවෝ ගුරුවරයාට ඉදිරිපත් කරති. ඔවුන්ගෙන් නිවැරදිව ගණිත ගැටලුව විසඳූ එක් අයෙක් තෝරාගෙන පාඩම ඉදිරියට කරගෙන යෑමට එම දරුවාට පැවැරේ. ඉන්පසු එදින ගුරුවරයාගේ පන්ති කාමරයේ කාර්ය භාරය අවසන් වෙයි. ඉන්පසු ගුරුවරයා බවට පත්වන්නේ පෙර කී සිසුවාය. 
 
මෙලෙස පන්තියක ඉගෙනගන්න සෑම දරුවකුටම  ගුරුවරයකු වීම සඳහා අවස්ථාව උදා වේ. මේ සම්පූර්ණ කාලය තුළදී සිසුන්ව නිරීක්‍ෂණය සැබෑ ගුරුවරයා අවශ්‍ය තැන්වලදී පමණක් ඔවුන්ට මඟපෙන්වීම් කරයි. මේ ආකාරයට ගණිත ගැටලු සාකච්ඡා කිරීම සහ තව කෙනකුට ඉගැන්වීම තුළින් ඒවා ඉතා පහසුවෙන් ග්‍රහණය කරගත හැකි බවයි ජපන් අධ්‍යාපනඥයන්ගේ අදහස වන්නේ. ජපන් පාසල් අධ්‍යාපන පද්ධතිය තුළ ක්‍රියාත්මක කෙරෙන මෙම ඉගැන්වීම් ක්‍රමවේදය ඉතාමත් සාර්ථක, මෙන්ම සිසුන් තුළ එම විෂය කෙරෙහි ඇල්මක් ඇති කරන ආකාරයේ ඉගැන්වීමක් බව ඔවුන්ගේ විශ්වාසයයි. 
 
අපගේ පාසල් දරුවන්ට එක් එක් කාලවලදී එක් විධියේ දිවා ආහාර වේලක් සැපයුවා අපට මතකය. බිස්කට්, බත්, කොළකැඳ, කිරි පාසලෙන් නොබිව් දරුවෙක් මීට දශක තුනකට පමණ පෙර පාසල් ගිය දරුවන් අතර නොමැතිය. මේවා දිවා ආහාර වේලක්ම නොවුණත් ඊට වැඩියමක් නම් නොලැබිණි. මේවා සෞඛ්‍ය ආරක්‍ෂිතද පෝෂ්‍යදායීද කියන සැකය එදා අපට නොදැනුණත් අතීතය මතක් කරන අපට අද දැනේ. අද දරුවන් දිවා ආහාරයද උදේ ආහාරයද රැගෙන යන්නේ නිවෙසෙන් හෝ චූන් පාන්කාරයාගෙනි. එසේත් නැත්නම් පාසලේ ආපනශාලාවෙනි. අද අපේ දරුවන්ගේ දිවා ආහාර වේල සම්පූර්ණ වන්නේ ෂෝට්ඊට්ස් හෙවත් ක්‍ෂණික ආහාරවලිනි. මේවා බහුල ලෙස ආහාරයට ගැනීම නිසා ස්ථුලභාවය, දියවැඩියාව වැනි රෝගවලට ගොදුරු වූ බොහෝ ළමයින් පිරිසක් සිටින බව වෛද්‍ය සමීක්‍ෂණ තුළින්ද සනාථ වී තිබිණි. එහෙත්, අධ්‍යාපන බලධාරීන්ගේ හෝ සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය ප්‍රමාණවත්ව ඒ දෙසට යොමුවී ඇති බවක්ද අපට නොපෙනේ. 
 
එහෙත් ජපන් අධ්‍යාපන ක්‍රමය තුළ සමබර ආහාර වේලක් පාසල් දරුවන්ට ලබාදීම සඳහා විශේෂ වූ අවධානයක් බලධාරීන් වෙතින් යොමු වී තිබේ. මූලික සහ පහළ ද්විතීයික අධ්‍යාපනය ලබන සෑම දරුවකුටම ජපන් රජය මඟින් දහවල් ආහාර වේල ලබා දෙයි. සිසුන්ට ලබා දිය යුතු ආහාර වර්ග සහ ප්‍රමාණයන් තීරණය කරනු ලබන්නේ පෝෂණවේදීන් විසිනි. බත්, එළවළු, මස්,මාළු සහ නැවුම් එළකිරිවලින් මෙම ආහාර වේල බොහෝදුරට පරිපූර්ණ වේ. අතුරුපස සඳහා යොදාගන්නේ පලතුරු සහ යෝගට් පමණි. 
ජපන් සිසුන් ආහාර ගැනීම සිදු කරගන්නේ පන්ති කාමරයේ සිටය. ආහාර ගන්නා අතරතුරදී අදාළ ආහාරවල පෝෂණය සහ ඒවා සකස් කරනා ආකාරය ගැන ගුරුවරයා සමඟ සාකච්ඡා කරති. එමඟින් අපේක්‍ෂා කරනුයේ ගුරුවරයා සහ දරුවන් අතර මනා සම්බන්ධතාවක් ගොඩනැඟීමයි. 
 
ජපානයේ සාම්ප්‍රායික අභිලේඛන විද්‍යාව හඳුන්වන්නේ සෝදෝ (shodo) ලෙසය. උණ ගසේ කෙඳිවලින් සැකසූ පින්සලක් ආධාරයෙන් අකුරු ලිවීම මෙහිදී සිදු කරයි. ජපන් ජාතිකයන් එය සලකන්නේ ජපන් චිත්‍ර කලාව මෙන්ම ඉතා වැදගත් කලාවක් ලෙසය. ජපන් ජාතිකයන්ට අනන්‍ය වූ කාව්‍ය ශාස්ත්‍රය හයිකු (Haiku)ය. සීමිත වචන සංඛ්‍යාවකින් සහ සරල බස් වහරක් යොදා ගනිමින් ගැඹුරු ජීවන අර්ථයක් සහ රසයක් පාඨකයන් තුළ ඇති කිරීම හයිකු සම්ප්‍රදායේ අපේක්‍ෂාව හෝ විශේෂතාවයි. 
 
ජපන් පාසල්වල අනෙකුත් සාමාන්‍ය විෂයයන්ට අමතරව ඉහත සඳහන් කළ ඵඩධඤධ අභිලේඛන විද්‍යාව සහ ජපන් හයිකු කාව්‍ය සම්ප්‍රදාය ගැන විශේෂ අවධානයක් යොමු කරමින් උගන්වනු ලබයි. ඒ තුළින් ජපන් බලධාරීන් බලාපොරොත්තු වන්නේ ළමා අවධියේ සිටම දරුවන් ජපන් සංස්කෘතියට ගරුකරවීම සහ සියවස් ගණනාවක් පැරණි ඔවුන්ගේ සම්ප්‍රදායන් ආරක්‍ෂා කරගෙන ඉදිරියට ගෙනගොස් මතු පරපුරට ලබාදීමයි. 
 
මේ දේවල් නිසා ජපන් පාසල් අධ්‍යාපන ක්‍රමයද ලෝකයේ අනෙක් රටවල් අතර රටවල දරුවන් ප්‍රමුඛ ස්ථානයට පැමිණ තිබේ. අප වැනි රටවල දරුවන් පාසල් යන්නේ ඔවුන්ගේ වුවමනාවටම නොව නිවෙසින් මවුපියන්ගේ සහ පාසලෙන් කෙරෙන අසීමිත බලපෑම නිසාය. එම නිසා දරුවන්ට තේරුම් එන වයස පසු කරන විට ඔවුන් පාසලෙන් කට්ටි පැනීමට පෙලඹේ. එහි අනිසි ප්‍රතිඵලය වන්නේ දරුවන්ගේ පාසල් කාලය සහ  අධ්‍යාපනය අතරමඟ කඩාකප්පල් වීමය. 
 
එහෙත් ජපන් සිසුන්ගේ පාසල් පැමිණීමේ සම්භාවිතාව 98%කට වැඩිය. ඒ අතරින් 91%ක පිරිසක් පන්තියේදී ගුරුවරයා පවසන දේ පිළිබඳව මනා අවධානයකින් හෝ අවබෝධයකින් පසුවන බවත් සමීක්‍ෂණ මඟින් අනාවරණය කරගෙන තිබේ. 

 

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top