ජලාශවල දියනෑමට ගොස් හදිසියේම දියේ ගිලි මියගිය අය පිලිබඳව පසුගිය කාලය පුරා දිවයිනේ නන්දෙසින් තොරතුරු වාර්තා වුණා.
ඒහා සමාන තවත් පුවතක් මේ වන විට ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා. හොඳම යහළුවන් දෙදෙනෙක් වූ මෙම ළමුන් දෙදෙනා දියනෑමට ගොස් ඇත්තේ ගිං ගඟේයි.
ඔවුන් දෙදෙනා දියකෙළිමින් ගිං ගඟේ සිට ඇති අතර එක් වරම දෙදෙනාගෙන් අයෙක් දියේ ගිලී ගොස් තිබෙනවා. අනෙක් මිතුරාද සිද්ධිය දැක ඇති අතර කරකියාගත නොහැකි වූ ඔහු මහ හයියෙන් කෑ ගසා අසල ඔරුවක සිටි අයෙකුට තම මිතුරා ගිලුණු බවට පවසා තිබෙනවා.
ඔහු වහාම පැමිණ ගිලුණු දරුවා සොයන්නට වුනත් එම වෑයම අසාර්ථක වී තිබෙන අතර පසුව ප්‍රදේශවාසීන්ගේ සහයයෙන් දරුවාගේ සිරුර සොයගැනීමට සමත්වී තිබෙනවා.
මෙලෙස මියගිය සිසුවාගේ වයස අවුරුදු 17ක් වන අතර මොහු සමඟ ගිය අනෙක් සිසුවාට ප්‍රදේශවාසීන් සහ මිය ගිය සිසුවාගේ නෑ හිතවතුන් පහර දී තිබෙන බවටද ආරංචි වනවා.