ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එහිදී එක්සත් ජාතික පක්ෂයට අමාත්‍ය ධුර 33කුත්, ඉතිරි 17 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් හිමි වනු ඇති බවයි.
හිටපු අමාත්‍ය රවී කරුණානායක වැඩිදුරටත් කියා සිටියේ පළමුව කැබිනට් ඇමතිවරු 30 දෙනෙකු පත් කර ඉන් අනතුරුව පාර්ලිමේන්තුව රැස්වී සෙසු පිරිස පත් කර ගන්නා බවයි.
ඊට අදාළව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡා පැවැත්වෙන බව ද ඔහු කියා සිටියා.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂය සහ නිදහස් පක්ෂය අතර ජාතික ආණ්ඩුවක් සඳහා වන සාකච්ඡාවල තවත් අදියරක් පසුගිය 23වනදා ක්‍රියාත්මක වුණා. මෙහිදී අමාත්‍ය ධුර බෙදා ගැනීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරන බවයි නිදහස් පක්ෂ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ. ඊට අදාළව යෝජනා කිහිපයක් මීට පෙර ඉදිරිපත් වී තිබුණා.
ඒ අනුව අමාත්‍ය ධුරවලින් 45% ක් නිදහස් පක්ෂයටත් 55% ක් එක්සත් ජාතික පක්ෂයටත් හිමිවන අයුරින් අමාත්‍ය ධුර වෙන් කර ගැනීම එක් යෝජනාවක්.