සීගිරියේ සුන්දර හිරු උදාව නරඹන්න හිතාගෙන, පාන්දරම පා ගමනින් සීගිරි පිවිසුමට ඇතුළු වුණු විදේශිකයන් පිරිසකට තමයි මේ නොසිතූ අනතුරට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. සීගිරිය "රාමා හන්දියේදී" රෑ කළුවරේම මේ අය ඉස්සරහට කඩා වැදිලා තියෙන්නේ වන අලියෙක්..
වන අලියා එකපාරටම මේ විදේශිකයන් පිරිසට පහර දෙන්න පන්නාගෙන ඇවිත් තියෙනවා. ඒ වෙලාවේ බය වෙච්ච පාරට කට්ටියම දුවන හැටි CCTV වල පැහැදිලිවම පේන්න තියෙනවා.
හැබැයි මේ හැමදේම සිද්ධ වෙනකොට එතැන ලොකු විනාශයක් වෙන්න තිබ්බ ඉඩ නැති කළේ ඒ වෙලාවේ මුර කුටියේ සේවයේ හිටපු සේවක මහතායි. තමන්ගේ ජීවිතය ගැන පවා නොසිතා, ක්ෂණිකව ක්‍රියාත්මක වුණු මේ නිර්භීත සේවකයා කලබල වෙලා හිටපු විදේශිකයන්ව වහාම ආරක්ෂිත ස්ථානයකට යොමු කරන්න කටයුතු කරලා තියෙනවා. අන්තිමට ඔහුත් ඉතාමත් සූක්ෂ්ම විදියට අලියාගෙන් බේරිලා දිව යනවා.
සීගිරිය කියන්නේ වනජීවී කලාපයක්. ඒ නිසා රාත්‍රී කාලයේ හෝ අලුයම කාලයේ මේ පැතිවල ගමන් බිමන් යද්දී මීට වඩා දහස් වාරයක් සැලකිලිමත් වෙන්න. වන සතුන්ගේ හැසිරීම් කවදාවත් හිතන්න බෑ. සැමවිටම ආරක්ෂක උපදෙස් පිළිපදින්න, තනියම රෑ වල්වල ගමන් බිමන් යන්න එපා...