පසුගිය 11වනදා රාත්‍රියක සිදු වූ සිදුවීමක් නිසාවෙන් තම මව කවුරුන්ද යන වග අමතක වූ පාපතර පුතෙකු පිළිබඳව පුවතක් වැල්ලවාය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
නිවසට මිතුරෙකුද ගෙන්වාගෙන කටගොන්නක් බී උන්මන්තකයෙකු මෙන් හැසිරුණු මොහු විසින් වරෙක කුස්සියේ තිබූ ලිප කුඩුපට්ටම් කරන්නට වී තිබෙනවා. පසුව මවට මහ හයියෙන් කෑ ගසා බැන වැදී ඇති පාපතරයා ඇයට කුඩු කළ ලිපේ කැබලි ඉවත් කරන්නට කියා තිබෙනවා.
ගමටම ඇසෙන්නට කෑ ගසන පුතාගේ සද්දයට නවත්වන්නටදෝ සිතා ඇය කිසිවක් නොකියා ලිපේ කැබලි ඉවත් කර රාත්‍රී 12ට පමණ නින්දට ගොස් තිබෙනවා. වෙරිමතින් සිහියක් නොමැතිව නිවසේ ඒ මේ අත වැනෙමින් සිටි මෙම පාපතරයා පසුව මව නිදාසිටි කාමරය වෙත ගොස් ඇත්තේ පෙව් මව්කිරේ ගෞරවයත් අමතක කරමිනුයි.
පසුව මව නිදාසිටි ඇඳවෙත ගොස් ඇති මොහු ඇයගේ කකුල් ස්පර්ශ කරමින් බලහත්කාරකම් කරන්නට උත්සාහ කර ඇති අතර වෙනසක් දැණුනු නිසා අවදි වී බලන විට ඇය දැක ඇත්තේ තම පුතා ඒ අසල සිටින බවයි.
මව අවදි වූවත් ඇයට තවදුරටත් බලහත්කාරකම් කරන්නට තැත් කළ මෙම පාපතරයාගෙන් මිදී ඇය කෙසේ හෝ පලාගොස් තිබෙනවා. ගංජා භාවිතයට දැඩිව ලොල්ව ඇති මොහුගේ මහ පොළොව නුහුලනා ක්‍රියාව පිළිබඳව පසුදින මව විසින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා. වහාම ක්‍රියාත්මක වූ පොලිසිය නරුමයා අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විට ඔහු බන්ධනාගාර ගතකර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
මෙලෙස හිරිහැරයට ලක්වූ මවගේ වයස අවුරුදු 74ක් වන අතර ඇයගේ පුතාගේ වයස අවුරුදු 32ක්. මීට පෙර මෙම පාපතරයා අනියම් කාන්තාවක් නිවසේ රඳාවාගෙන ඇයට වද හිංසා කරන්නට වී ඇති බවත් පසුව ඇය නිවසින් පන්නා ඇති බවත් පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා.