තුන්දෙනෙකු පොලිස් දැලේ පැටලෙයි !
අසල්වැසි ඉඩමක සිට කැපූ කිතුල් ගසකට යටවීමෙන් වැලිපැන්න - ගබඩාහන්දිය ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවක් අද ජිවිතක්ෂයට පත්වුණා.
ඇය 52 හැවිරිදි වියේ පසුවන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
ඇය පදිංචි ඉඩමට යාබද ඉඩමේ හිමිකරු තවත් දෙදෙනෙකු සමඟ එක්ව කිතුල් ගස කපා ඇති අතර ඔවුන් එය අඩක් කපා ඔවුන්ගේ ඉඩම දෙසට කඹයක් ආධාරයෙන් ඇදීමට උත්සාහ කළත් ගස අනෙක් ඉඩමට ඇද වැටී තිබෙනවා.
එම අවස්ථාවේ අදාළ ඉඩමේ ළිඳක දියනාමින් සිටි මෙම කාන්තාව ගසට යටවී ඇති අතර බරපතල තුවාල ලැබූ ඇය රෝහල් ගත කරන විටත් මියගොස් සිටියා. ගස කැපූ තිදෙනා මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.