වැඩි දෙනෙක් වැඩුණු සුනඛයින්...
ඔවුන් නිරාහාරවයි ඉඳලා තියෙන්නෙ....
මරා දැමීම පිණිස වධකාගාරයකට ගෙන යනු ලබන සුනඛයින් පිරිසක් ගැන අතිශය සංවේදි පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම පුවත වාර්තා වන්නේ කාම්බෝජයෙන්. කුඩා ලෝහ කූඩු හයකට දමා මෙම අසරණ සුනඛයින් සිර කර ඇති ඡායාරූප පෙළක් ඩේලිමේල් විසින් නිකුත් කර තිබුණා.
කාම්බෝජයේ කම්පොන්ග් චෑම් යන ප්‍රදේශයට මොවුන් මරා දැමීම පිණිස ගෙන යමින් සිට තිබෙනවා.
අන්තර්ජාතික සත්ව සුබසාධන පුණ්‍යායතනයක් විසින් මේ ගැන මුලින්ම අනාවරණය කර තිබුණු අතර මෙම කෲර කටයුත්තට ඔවුන්ගෙන් දැඩි විරෝධය මතුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
කෙසේ වෙතත් බලධාරින් විසින් මෙම සුනඛයින් රැගෙන යමින් සිටි වාහනයේ සිටි රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පැටවුන්ගේ වැඩි දෙනෙක් වැඩුණු සුනඛයින් වන අතර බොහෝ දෙනෙක් දින ගණනක් නිරාහාරව සිට ඇති බවයි බලධාරින් සඳහන් කළේ.
මුදාගත් සුනඛයින්ට කඩිනමින් ආහාර සහ ඖෂධ ලබා දීම සිදු කරන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
Dailymail ඇසුරිනි.