Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
21
2021 වසරේ පෙබරවාරි මාසයේ පරිදි නැවතත් දින සකස් වන්නේ වසර 823කට පසුවද...?

- 2021 වසරේ පෙබරවාරි මාසයේ පරිදි නැවතත් දින සකස් වන්නේ වසර 823කට පසුවද...?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19 Views

දින දර්ශන සම්බන්ධයෙන් විව්ධාකරයේ විස්මිත ජනක නිරීක්ෂණ පිළිබඳ සටහන් විටින් විට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙනවා. මේ අතර ඇතැම් විට ව්‍යාජ සටහන්ද හුවමාරු වෙනවා. වසර 823කට වරක් සිදුවන සිදුවීම් යනුවෙන් සටහන් මීට පෙර ද විවිධ අවස්ථා වලදී හුවමරු වී තිබෙනවා.
 
මේ ආකාරයට පසුගිය දිනක දී පළවූ සටහන් පෙළකින් දක්වා තිබු 2021 වසරේ පෙබරවාරි මාසය පරිදි නැවතත් දින සකස් වන්නේ වසර 823කට පසුව යන්න සම්පුර්ණයෙන්ම අසත්‍ය සටහනක් බව අප Factcrescendo විමර්ෂණයෙන් අනාවරණය වුණා.


ෆේස්බුක් පිටු කිහිපයක මෙම වසරේ පෙබරවාරි මාසයේ සඳුදාවල් 4ක් අඟහරුවාදා දවස් 4ක් බදාදාවල් 4ක් බ්‍රහස්පතින්දාවල් 4ක් සිකුරාදාවල් 4ක් සෙනසුරාදා දින 4ක් සහ ඉරිදා දින 4ක් සහිත බවට සටහනක් එක් කර තිබුනා.මේ ආකාරයට නැවතත් වසර 823 කට පසුව එළඹෙන බවට එම සටහනේ වැඩි දුරටත් සඳහන්ව තිබුනා.

 
බොහෝ දෙනෙක් මෙම කරුණු ගැන උනන්දු වී තිබු බැවින් අප මේ පිලිබඳව වැඩිදුරටත් සොයා බැලීමට තීරනය කලා.
 
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 
 
අප මේ පිලිබඳව කරුණු සොයා බැලීමට මෙම වසරේ පෙබරවාරි දින දර්ශනයේ දින කෙසේ සකස් වී දැයි සොයා බැලුවා. එම දින දර්ශනය පහත පරිදියි

 
මෙම වසරේ පෙබරවාරි දින මාසයේ දින දර්ශනයට අනුව සතියේ දවස් 7ම 4 බැගින් දින යෙදෙන බව අපට පෙනී ගියා.ඉන් අනතුරුව අප මෙම සටහන් වල සඳහන් පරිදි මේ ආකාරයට පෙබරවාරි මාසයක් වසර 823 කට පසුව එළඹෙන්නේ ද යන්න පිලිබඳව සොයා බැලුවා.
 
අපගේ සොයා බැලීමට අනුව 2022 වසරේද මේ ආකාරයට සතියේ සැම දවසක්ම 4 වරක් යෙදෙන බව පෙනී යනවා.ඒ ආකාරයට බොහොමයක් වසර වල පෙබරවාරි මාසයේ දින 4 බැගින් සතියේ දින 7 යෙදෙන බව අපට දැකගන්න පුලුවන්.

 
දින 29ක් පවතින අධික වසරවල් හැර අනෙකුත් සෑම වසරකම පෙබරවාරි මාසයකම දින 28ක් තිබෙනවා. ඒ අනුව අධික අවුරුද්දක් නොවන සෑම අවුරුද්දක ම පෙබරවාරි මාසයේ  ඉරිදා, සදුදා ,අගහරුවාදා ,බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සහ සෙනසුරාදා වන දිනයන් දින 4 බැගින් ඇති බව පෙනී යනවා.
 
ඉන්පසුව අප සමාජ මාධ්‍ය සටහන් වල දක්වා තිබු පරිදි සදුදා දිනයකින් ආරම්භ වී දින 28 කට පසුව ඉරිදා දිනයකින් අවසන් වන පෙබරවාරි මාසයක් මීට පෙර සහ ඉදිරියට එළැඹෙන අවස්ථාවන් පිළිබඳව ද පරීක්ෂා කළෙමු. මෙහිදී අපට දැකගන්නට ලැබුණේ එයද වසර අටසිය විසි තුනකට සැරයක් සිදුවෙන සංසිද්ධියක් නොවන බවයි. 
 
ඉහත දක්වා ඇති පරිදි මීළඟට මෙය 2027 වසරේ සිදුවන බව අපට දැකගනන්ට ලැබුණා. එසේම මීට පෙර ද 2010 සහ 2016 යන වසර වලදී ද මෙය සිදුවී තිබෙනවා. 2010 වසරේ සිට 2100 වසර දක්වා පෙබරවාරි මාසයේ සඳුදා දිනයන් යෙදෙන දවස් දැක්වෙන සටහනක් මෙතනින්. එම කාලසීමාව තුළ එවැනි අවස්ථා 14ක් අපට දැකගනන්ට ලැබෙනවා.
 
මේ පිලිබඳ ලොව බොහෝ ප්‍රදේශ වල ද මීට පෙර අසත්‍ය සටහන් පළවූ අතර ඉංග්‍රීසි බසින් සිදුකළ කරුණු විමර්ෂණයක් මෙතනින්
 
Conclusion (අවසාන නිගමනය)
 
ඉහත කරුණු අනුව සලකා බලන කල මෙම වසරේ පෙබරවාරි මස සඳුදා සිට ඉරිදා දින දක්වා දින 4 බැගින් යෙදෙන බව සත්‍ය කරුනක් නමුත් වසර 823 කට වරක් මෙම සිදුවීම සිදුවන බවට පැවසෙන පුවත සම්පුර්ණයෙන්ම අසත්‍යක්. අධික අවුරුද්දක් නොවන සෑම වසරකම මෙය සිදුවේ.
 
එසේම පෙබරවාරි මස 01 වැනිදා සඳුදා දිනයක් වීමද වසර 823 කට සැරයක් සිදුවන්නක් නොවේ. මෙය මීට පෙර 2016 වසරේ සිදුවූ අතර නැවත වරක් 2027 වසරේ ද සිදුවෙයි.
 
මෙම ලිපිය සම්පූර්ණයෙන්ම,  Factcrescendo අඩවියෙන් උපුටාගන්නා ලදි...
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top