Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
20
“...මම විජේ මහත්තයා වැටිලා හිටපු තැනම බිම වාඩි වුණා.. දහවල් තද අව්ව නිසා ඒ ලේ නිකම් දඟලනවා වගේ දැක්කේ.. මම ලේන්සුව අරගෙන ඒ පස් ටිකක් එකතු කරගත්තා.” - විජයට වෙඩි තියපු තැන, ලේ පස් එකතු කරන් අවුරුදු 33ක් තිස්සේ රකින ගැහැනියක්

- “...මම විජේ මහත්තයා වැටිලා හිටපු තැනම බිම වාඩි වුණා.. දහවල් තද අව්ව නිසා ඒ ලේ නිකම් දඟලනවා වගේ දැක්කේ.. මම ලේන්සුව අරගෙන ඒ පස් ටිකක් එකතු කරගත්තා.” - විජයට වෙඩි තියපු තැන, ලේ පස් එකතු කරන් අවුරුදු 33ක් තිස්සේ රකින ගැහැනියක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13 Views

“මහ පාරේ මිනිස්සු එහෙට මෙහෙට අඬ අඬා පිස්සුවෙන් වගේ දිව්වේ...”

“මේ අවුරුදු 33 පුරාම මම ඒ දේ කළා. මම මැරෙනකම්ම ඒ දේ කරනවා.”

මිනිසුන් අතර ඇතිවන බැඳීම් මහ පුදුමාකාරයි. සමහරු හිතනවා එහෙම බැඳීම් ඇති වෙන්නේ ආදරයත් එක්කයි කියලා. ඒක ඇත්ත. බැඳීම් නොකැඩී පවතින්නත්, මැරෙනතුරු ඒවා තිබෙන්නත් සවිමත් බැඳීම් තිබිය යුතුමයි.

සමහරු මේ දිහා බලන්නේ වැරදි විදිහට. එහෙම අය හිතන්නේ ඒකට ආදරවන්තයන් විදිහට සබඳතා ගොඩනඟා ගත යුතුයි කියලා.


ඒක එහෙම ඒ විදිහට වෙන්න ඕනෑ කියලා නියමයක් නැහැ. සහෝදර ප්‍රේමය වුණත් ගෞරවනීය තත්ත්වයට පත්වෙද්දී එහෙම පරිසරයක් ගොඩනැඟෙනවා.

අපි මේ විදිහට පෙරවදන තැබුවේ අමුතුම, ඒ වගේම වෙනස්ම විදිහේ කතන්දරයක් ඔබට කියන්න හිතාගෙනයි.

1988 අවුරුද්දේ පෙබරවාරි මාසේ 16 වැනිදා නාඳුනන තුවක්කුකරුවකුගේ කුරිරු වෙඩි වරුසාවකට මැදි වුණේ අපේ රටේ ජනප්‍රියම රංගන ශිල්පියා වෙලා හිටපු විජය කුමාරණතුංගයි. විජය මැරී ඇද වැටුණා. මොහොතකින් එතැනට ආ පොලිසිය හා සෙසු අය විජය රෝහල කරා රැගෙන ගියා. මේ මොහොතේ එතැනට දුවගෙන ආ එක්තරා තරුණ මවක් විජයගේ රුධිරයෙන් තෙත් වුණු මහපොළොවේ පස් ගොඩක් ළඟ වාඩිවුණා. ඊළඟට ඇය අතේ තිබුණු ලේන්සුවට ඒ රුධිරය මුසු පස් ටිකක් එකතු කර ගත්තා.

ඉන්පසු ඇය ඒ ටිකත් අරගෙන යන්න ගියා. එදා ඉඳලා පසුගිය පෙබරවාරි 16 වැනිදා වෙනකම්ම ඇය ඒ පස් ටික පරිස්සමට රැකබලා ගත්තා. ඇය කවුද? විජය එක්ක එහෙම බැඳීමක් ඇති වෙන්න තරම් ඇයට හේතු තිබුණද? “මව්බිම” අපි ඇය හමුවුණේ මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගන්නයි.

“විජය මහත්තයා මට දෙවි කෙනෙක් වගේ කෙනෙක්. මම එදා හිතුවෙත්, අද හිතන්නේත් ඒ විදිහටමයි. මගේ හුස්ම ටික පිටවෙනතුරුත් මං හිතන්නේ එහෙමයි.”

මෙසේ කීවේ අප සොයා ගිය ගැහැනියයි. පිටකෝට්ටේ පදිංචි මේ කාන්තාවගේ නම පුෂ්පා රංජනීයි. අද 65 හැවිරිදි ඇය තිදරු මවක්.

“මට මේ කතාව කියන්න අවුරුදු 35කට එහා යන්න වෙනවා. ඇත්තටම මම විජේ මහත්තයව හඳුනගත්තේ, එයත් එක්ක හිතවත් වුණේ පුදුමාකාර විදිහකට. ඒ කතාව මම දැන් කියන්නම්.”

මේ වෙද්දි පුෂ්පා රංජනී සිටියේ රැකියාවක් සොයමිනුයි. පමුණුවේ ශ්‍රී සුචරිතෝදය ළමා නිවාසය පවත්වාගෙන ගිය මොරවක මහත්මිය (මොරවක අක්කා) ඇයට උදවු කරන්නට ඉදිරිපත් වුණා.

මොරවක අක්කා මට හරිම හිතවත්. ඒ හින්දම දවසක් එයා මට කිව්වා “ඔයාට හොඳ රස්සාවක් ලැබෙන්නයි යන්නේ. කැමැතිද ජර්මනියේ ළමා නිවාසෙක රැකියාවකට යන්න කියලා.” මම “හා” කිව්වා. ඊට පස්සේ ඇය මට කිව්වා එහෙම නම් ඔයාට විජය කුමාරණතුංග මහත්තයව හම්බවෙන්න යන්න වෙනවා කියලා. මම ඒ වෙද්දි දැනගෙන හිටියා මොරවක අක්කා විජය මහත්තයා එක්ක ගොඩක් හිතවත් කියලා. ඒ නිසාම මම විජය මහත්තයා මුණ ගැහෙන්න බොරැල්ල කින්සි රෝඩ් එකේ ගෙදර ගියා. මම එදා ගියේ මගේ මාස පහේ දුවත් වඩාගෙන. විජය කුමාරණතුංග එදා රංජනීට කියා දුන්නේ කවදාවත් අමතක නොවන අපූරු පාඩමක්. ඒ පාඩම අදටත් හදවතේ තැන්පත් වී තිබෙන බවත්, විජය කුමාරණතුංගයන් ගැන එදා අතිවිශාල ගෞරවයක් ඇති වූ බවත් ඇය කියනවා.

“මට රංජනි කියලා කතා කරලා ඇහුවා මේ දරුවාගේ වයස කීයද” කියලා. ඊළඟට ඇහුවා “මේ දරුවව දාලා ඔයා අනුන්ගේ දරුවන්ව බලාගන්න යන එක නරකයි කියලා හිතෙන්නේ නැද්ද” කියලා. “කවුද එතකොට මේ දරුවට කිරි දෙන්නේ?” කියලත් හෙමිහිට ඇහුවා.

ඊට පස්සේ කිව්වා “අඩුපාඩු තියෙනව නම් මම උදවු කරන්නම්. දරුවන්ව බලාගෙන ඒ අය එක්ක ඉන්නවා නම් හොඳයි“ කියලා. මට ඒ වෙද්දි තවත් පොඩි දරුවෝ දෙන්නෙක් හිටියා. ඒවා ගැනත් අහලා තමයි විජය මහත්තයා එහෙම කිව්වේ.

පුෂ්පා රංජනී එදා ආපහු ගෙදර ගියේ විජය කෙරෙහි උපන් භක්තියකින්. ඒ විජය කතා කළ විදිහ ගැන, ගැටලුව පහදා දුන් විදිහ ගැන රංජනී තුළ වූයේ පුදුමාකාර පැහැදීමක්. ඊට පස්සේ තවත් දවසක ආපහු මට විජය මහත්තයව හම්බ වුණා. ඒ ශ්‍රී සුචරිතෝදය ළමා නිවාසයේදී.

විජයට සුචරිතෝදය ළමා නිවාසය සමඟ තිබුණේ පුදුමාකාර බැඳීමක්. ඔහු දාන මාන පමණක් නොව පෞද්ගලික මුදල් පවා ඒ වෙනුවෙන් වැය කරමින් ළමා නිවාසය පවත්වාගෙන යන්න පෙරමුණ ගත්තා.

විජය මහත්තයා ඔය කියන දවසේ කාර් එකෙන් බැහැලා යතුරු කැරැල්ල කරකව කරකව හිනාවෙවී අපි ඉස්සරට ආවා. විජය මහත්තයා එහෙම ඇවිත් “ආ රංජනී කොහොමද? දැන් අර අදහස වෙනස් වුණා නේද? කමක් නැහැ. අඩුපාඩු තිබුණොත් මට කියන්න කෝ” කියලා කිව්වා.

විජය කුමාරණතුංග එහෙම කියාගෙන දරුවන් අතරට ගියා. ඒ දරුවෝ හැම කෙනේම අන්න අපේ තාත්තා ඇවිත් කියලා විජය මහත්තයා දිහාට දුවගෙන ආවා.

විජය ශ්‍රී සුචරිතෝදය ළමා නිවාසයේ හැදී වැඩෙන දරු දැරියන් 200ටම තාත්තා වී සිටි බව පුෂ්පා රංජනී කියනවා. ඒ ලස්සන අත්දැකීමත් පුෂ්පා රංජනීට විජය කුමාරණතුංගයන් ගැන පැහැදීමට තවත් හේතුවක් වුණා.

විජය මහත්තයා මේ ළමා නිවාසයට ඇවිත් දරුවෝ එක්ක ඉන්න හැටි මං බලා හිටියේ පුදුමාකාර ආසාවකින්. දරුවෝ වඩා ගන්නවා. ඒ වගේම දරුවන් වටකරගෙන කතා කරනවා. ඒ විතරක් නෙමෙයි, එක දවසක් දරුවෝ එක්කම නිවාසය වටේ ඇවිදිලා ඇවිත් සාක්කුවේ තිබුණු සල්ලි වගයක් අරන් මොරවක අක්කට දීලා කිව්වා “ගැහැනු ළමයි ඉන්න පැත්තේ තාප්පය නැහැ. එතැන හොඳ තාප්පයක් බඳින්න. නැත්නම් මේ දරුවන්ට ආරක්ෂාවක් නැහැ කියලා.”

“ඒ වගේම තාප්පෙට යන මුළු වියදම මට කියන්න. හෙට අනිද්දම වැඩ පටන් ගන්න” කියලත් කිව්වා.

මේ සියලු දේ මේ විදිහට සිදුවෙද්දී පුෂ්පා රංජනී විජය ගැන කොතරම් පැහැදුණාද කියලා කිව්වොත් ඇය විජයට උදවු කරන්න හිතාගෙන විජයගේ මහජන පක්ෂයටත් බැඳුණා. කොහොමත් පුෂ්පා රංජනීට දේශපාලන පොරපිටිය නුහුරු තැනක් වෙලා තිබුණෙත් නෑ. මොකද ඇගේ බාප්පා, ජයදේව බොතේජු ඒ වෙද්දී වාමාංශික දේශපාලනයේ නිරතව ගම් සභාවට තේරී පත්වී සිටියා.

ඉන් පස්සේ මම ශ්‍රී ලංකා මහජන පක්ෂයේ මහරගම ආසනයේ කාන්තා අංශයේ ලේකම්වරියක් විදිහට වැඩ කරන්න පටන් ගත්තා. මම ස්ටැන්ලි තිලකරත්න මහත්තයට වගේම අයිවන් ජයසේකර හා උපාලි කොඩිකාර මහත්තුරු වෙනුවෙන් වැඩ කළා. ඒ වෙද්දි ඔවුන් හිටියේ විජය මහත්තයා එක්ක.

පුෂ්පා රංජනීගේ සැමියා පමුණුවේ රෙදිපිළි වෙළෙදාමේ යෙදී සිටි, තරමක් බීමටද ඇබ්බැහි වී සිටි කෙනෙක්. විජය ඔහු හොඳ මාර්ගයට ගන්නට උත්සාහ කළ හැටිත් පසු කාලයේ ඔහු ක්‍රියාකාරී මහජන පක්ෂ සාමාජිකයකු වූ හැටිත් පුෂ්පා රංජනී සිහි කළා.

ඒ දවස්වල හැම අවුරුද්දෙම මුල අයිවන් ජයසේකර මහත්තයා සංගීත ප්‍රසංගයක් පවත්වනවා. මේ සන්දර්ශනයේ අවුරුදු 25ක් එක දිගට ගීත ගැයූ ගායක ගායිකාවන්ට විජය මහත්තයාගේ අතින් සම්මාන දුන්නේ 1988 අවුරුද්දේ ජනවාරි මාසේ.

එදා මේ උත්සවයට විජය මහත්තයා ආවා. ඊට පස්සේ අපි කෑම කන්න පටන් ගත්තා. මගේ මහත්තයා ඒ වෙලාවේ හිටියේ ටිකක් විතර මත්පැන් පානය කරලා.

විජය මගේ සැමියා, ආරිසේන ළඟට ගිහින් ඔහුගේ අත අල්ලාගෙන කනට කර යමක් කියන හැටි මට පෙනුණා.

ඊට පස්සේ මම එයාගෙන් ඇහුවා මොනවද විජය මහත්තයා ඔයාට කුටු කුටු ගාලා කිව්වේ කියලා. එතකොට මගේ මහත්තයා කිව්වා “මට මාර අවවාදයක් දුන්නා. ඒක මගේ හිතට තදටම වැදුණා කියලා.

“විජය මහත්තයා මගේ ස්වාමිපුරුෂයාට කිව්වලු ඔයාට පොඩි දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා නේද? දරුවෝ ගැන හිතන්න. මමත් ඉඳලා හිටලා ටිකක් බොනවා. හැබැයි පුරුද්දක් විධියට බොන්නේ නැහැ. ඔයත් එහෙම පුරුදු වෙන්න” කියලා.

“කොහොම හරි එදා ඒ කතාවෙන් පස්සේ මගේ මහත්තයා, මැරෙන කල්ම බීම නැවැත්තුවා. ඒ අවවාදය දීලා ගිහින් ටික දවසකට පස්සේ තමයි විජය මහත්තයා ඝාතනය වුණේ.”

පුෂ්පා රංජනීට විජය කුමාරතුංග නම් වූ හෘදයාංගම මිනිසා ගැන ඒ ආකාරය පැහැදීම ඇති වූ අවස්ථා බොහෝය.

“අපි හුඟක් දැන හඳුනා ගත්තට පස්සේ පක්ෂයට සල්ලි හොයන්න කැට අරගෙන සෙනඟ අතරට ගියා. විජය මහත්තයා වට්ටියක් අරගෙන සල්ලි එකතු කරන්න අපි එක්ක ආවා. මිනිස්සු චන්ද්‍රිකා මැතිනියට වඩා විජය මහත්තයා වටේ එක්රොක් වුණා. ඇත්තටම විජය මහත්තයට මිනිස්සු එහෙම ළං වුණේ විජය මහත්තයා දුප්පත් අය එක්ක හුඟක් ළෙන්ගතුව කතා කරපු හින්දා”

“විජය මහත්තයට තිබුණේ රත්තරන් හදවතක්. කලාකරුවන්ට දේශපාලනය තේරෙන්නේ නැහැ කියලා කියනවා අදත් ඇහෙනවා. ඒත් විජය මහත්තයා වගේ කලාකරුවන්ට දේශපාලනය හොඳින් කරන්න පුළුවන්කම තිබුණා. නොමිනිස්සු, තිරිසන් ගති ඇති අය විජය මහත්තයව මරා දැම්මෙත් ඒකයි.”

මේ ආකාරයට විජය ගැන වඩාත් පැහැදීමෙන් සිටි පුෂ්පා රංජනීට තමන්ගේ ජීවිතයේ ඇසූ අභාග්‍යසම්පන්නම ආරංචිය අහන්න ලැබුණේ 1988 පෙබරවාරි 16 වැනිදා දහවල් 12.30ට පමණය.

“අපි ඒ වෙද්දී හිටියේ දෙමටගොඩ ශ්‍රී වජිරඥාන මාවතේ තිබුණු පක්ෂ කාර්යාලයේ. ආරංචිය ආපු ගමන් අපි පිස්සු වගේ අඬා අඬා වාහනවල නැඟලා පොල්හේන්ගොඩ ගෙදරට ආවා.” ඒ ආ හැටියේ මම විජේ මහත්තයා වැටිලා හිටපු තැනට දිව්වා. එතකොටත් මහත්තයව අරන් ගිහින්.!”

“මම විජේ මහත්තයා වැටිලා හිටපු තැනම බිම වාඩි වුණා. එතැන බිම පස් එක්ක ලේ ගංගාවක් හැලිලා තිබුණා. දහවල් තද අව්ව නිසා ඒ ලේ නිකම් දඟලනවා දඟලනවා වගේ තමයි මම දැක්කේ. මම ඒ මොහොතේම ලේන්සුව අරගෙන ඒ පස් ටිකක් එකතු කරගත්තා. මැරෙනකම්ම විජය මහත්තයව මතක් වෙන්න තියා ගන්නයි මම ඒ ලේ පස් ටික ගත්තේ.”

මේ ආකාරයට එකතු කරගත් විජය කුමාරණතුංගයන්ගේ රුධිරය මුසු පස් ඇය අවුරුදු 33ක් තිස්සේ පණ දෙවැනි කොට රැකගත්තා. ඇතැම් අවස්ථාවලදී ඒ පස් වීදුරු බෝතලයකට දමා පර්ස් එකේ තබා ගත් අවස්ථාද තිබුණා.

“විජය මහත්තයා මැරුණු දවසේ මිනිස්සු අඬපු හැටි මම කවදාවත් වෙන කිසිම මළගෙදරක දැකලා නෑ. මහ පාරේ මිනිස්සු එහෙට මෙහෙට අඬ අඬා පිස්සුවෙන් වගේ දිව්වේ. අපිත් එහෙමයි ඇඬුවේ. කොහොම හරි එදා මම හිතාගත්තා හැම අවුරුද්දකම විජය මහත්තයාව මරලා දාපු දවසේ මම විජය මහත්තයාගේ පිළිරුව ළඟට එනවා කියලා. මේ අවුරුදු 33 පුරාම මම ඒ දේ කළා. මම මැරෙනකම්ම ඒ දේ කරනවා.”

පුෂ්පා රංජනී මේ ආකාරයට විජය මතකය සමඟ ජීවත් වෙද්දී ඇය ඇසුරු කළ බොහෝ අය ඇය සතුව මේ රුධිරය මුසු පස් තිබෙන බව දැන හිටියා. ඒ අනුව තමයි මෙවර විජය අනුස්මරණ උත්සවය සංවිධානය කරද්දී විජය පදනමේ සභාපති ධම්මික තිසේරා මහතා ඇගෙන් කාරුණික ඉල්ලීමක් කළේ.

“මම ඒ ඉල්ලීමට අනුව මා ළඟ තිබුණු ඒ පස්වලින් කොටසක් දුන්නා. අනෙක් ටික මා ළඟ තවමත් තියාගෙන ඉන්නවා. ඒක හැමදාම මා ළඟ තියේවි” පුෂ්පා රංජනී හෙමිහිට කිව්වා.

අද වන විට පුෂ්පා රංජනී, ජීවන් කුමාරතුංග මහතා හා අතිශය සමීප හිතවත්කමින් යුතුව සිටිනවා. ඇය ඒ සම්බන්ධවත් අප සමඟ කතා කළා.

“විජය මහත්තයාගේ ගති පැවැතුම් බොහොමයක් ජීවන් මහත්තයා ළඟත් තියෙනවා. මම ඒ නිසාමයි අවුරුදු 33ක් පුරාම එතුමා එක්ක ඉන්නේ. සමහර අවස්ථාවලදී ජීවන් මහත්තයා කතා කරන විධිය, හැසිරෙන විධිය දැක්කම මට විජය මහත්තයව මැවිලා පේනවා.”

“ඒ වගේම මම චන්ද්‍රිකා මැතිනිය හමුවෙන්න නිතර නිතර යනවා. එතුමියත් මා එක්ක හුඟාක් හොඳයි.”

“ඇත්තටම කියනවා නම් අදත් මම ඒ පවුලට භක්තිවන්තයි. ආදරයත් එහෙමයි. ඒ සේරම විජය මහත්තයාගේ මනුස්සකම හින්දා.”

සමන් ප්‍රියංකර නම්මුනිගේ
ඡායා - මංජුල දයාවංශ
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්..
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top