Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
18
රත්ගම ගිනියම් කළ ද්වීත්ව ඝාතනයේ සුළමුළ හෙළි වෙයි - අත්අඩංගුවට ගත් බකලයා සියල්ල පොලිසියට වමාරයි

- රත්ගම ගිනියම් කළ ද්වීත්ව ඝාතනයේ සුළමුළ හෙළි වෙයි - අත්අඩංගුවට ගත් බකලයා සියල්ල පොලිසියට වමාරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9 Views

ඉකුත් 05 දින රාත්‍රි අබිරහස් ලෙස මරා දමා තිබූ බූස්ස මලිදුව පහලවත්ත පදිංචි මිහිඳුකුලසූරිය නුවන් චින්තක නමැති 34 හැවිරිදි දෙදරු පියා හා රත්නෝදාගම නිවෙසේ තනිවම පදිංචිව සිටි විශ්‍රාමික ගුරුවරියක් වූ පැස්කුවෙල්හන්දි කුසුමාවතී ද සිල්වා (73) යන දෙදෙනාගේ අබිරහස් ඝාතන සම්බන්ධයෙන් සැකකරුවකු පෙරේදා (16දා) අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී සිද්ධිය පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වූ බව පොලිසිය පැවැසීය.


විශ්‍රාමික පාසල් ගුරුවරිය ඝාතනය කළ ස්ථානයේ ලේ මත තිබූ සැකකරුවකුගේ අඩි සලකුණක පාදයක ඇඟිල්ලක් සටහන් නොවීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති පාදයක ඇඟිල්ලක් අහිමි බකල් සරත් නමැති පොල් කඩන්නා පිළිබඳ ඇතිවූ සැකයක් මත හා ගුරුවරිය ළඟ මුදල් ඇති බව හා ඇය මරා එම මුදල් පැහැරගත හැකි බවට කුරුඳු වාඩියේදී පවසා තිබීම හේතුවෙනුත් ඔත්තුකරුවන්ගෙන් ලද තොරතුරු මතත් මෙම පුද්ගලයා එදින සිටම අතුරුදන් වීම පිළිබඳව ඇතිවූ සැකයක් මතත් මොහු පසුපස පොලිසිය පන්නා ඇත.
 
ඔහුගේ නිවසට ගොස් විමසූ විට බිරිය පවසා ඇත්තේ ඇය සමඟ රණ්ඩු වී නිවසින් පිටත්ව ගිය බවත් තොරතුරක් නොදන්නා බවත්ය.
 
පොලිසියට කට්ටි පනිමින් සිටි මොහු රජ්ගම දෝලිකන්ද සිට උඩහමුල්ල දෙසට ගමන් කරමින් සිටින බවට ලද තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය මොහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සියලු තොරතුරු අනාවරණය වී තිබේ.
 
ඔහුගෙන් ලබාගත් තොරතුරු අනුව අත්අඩංගුවට ගත් පොල් කඩන්නාගේ හිතවතකු වන කුරුඳු තළන්නකුද සිද්ධියට සම්බන්ධ බවට අනාවරණය කරගෙන ඇත. කුරුඳු තළන්නා මියගිය නුවන්ගේ බිරිඳ සමඟ අනියම් සම්බන්ධතාවක් පවතින බැවින් මීට පෙර කුරුඳු තළන්නාට බැන තර්ජනය කර ඇත. ගුරුවරිය මරා එන අතරතුරදී බීමත්ව පැමිණි නුවන් ද හමුවී ඇත. එම විරසකය හේතුවෙන් අසල තිබූ පාළු නිවසකට රැගෙන ගොස් මෙසේ පිහියෙන් ඇන ගෙල සිර කර ඔහුද මරා දමා ඇත.
 
ඒ වනවිට ඒ අසලින් ගිය පුද්ගලයකු අසල තිබූ වැටට මුවාවී සිද්ධිය බලා සිට ඇත.
 
මේ වනවිට මෙම සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරගෙන යමින් සිටින අතර කුරුඳු තළන පුද්ගලයා සොයා විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇත.
 
මේ දක්වා පරීක්‍ෂණ කටයුතු අවසන් නොමැති අතර ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙම සැකකරු ඊයේ (17දා) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා පැය 24ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය කළ ඉල්ලීම ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී මහත්මිය අවසර ලබා දුන්නාය. කන්දගේ සරත් නොහොත් බකල් සරත් නමැත්තාව මෙසේ රඳවා තබා ගැනීමට අවසර දී ඇත. 
 
පොලිස් සැරයන් ජී.වී.ඩබ්. ප්‍රියන්ත මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය. 
 
දකුණු පළාත් ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ද සිල්වා, ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ යන මහත්වරුන්ගේ අධීක්‍ෂණයෙන්, ගාල්ල කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාර විකුම් ගිනිගේ, ගාල්ල ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි දුල්ෂාන් නාගහවත්ත යන මහත්වරුන්ගේ උපදෙස් මත රත්ගම ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ප්‍රභාත් විතානගේ, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක පී. එල්. ජී. පුෂ්පකුමාර, උප පොලිස් පරීක්‍ෂකවරුන් වන ඩබ්ලිව්. ජයසිංහ, ආර්. එම්. එම්. රංජිත්, පොලිස් සැරයන්වරුන් වන ජී. වී. ඩබ්. ප්‍රියන්ත (13413), ටී. රංගන (3011) පොලිස් කොස්තාපල් ආර්. කේ. සංජීව (93707) ඇතුළු නිලධාරීහු මේ පිළිබඳව පරීක්‍ෂණ සිදු කරති.
 
අම්බලන්ගොඩ _ ධර්මදාස සිරිවර්ධන
මව්බිම 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top