පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා සහ වෙලේ සුදා අතර සම්බන්ධයක් පැවැති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රසිද්ධ කළ සිද්ධිය හුදු දේශපාලන මඩක් පමණක් බව අනාවරණ වුණා. පසුගියදා දෙමළ ප්‍රගතශීලි සන්ධානයේ නායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මනෝ ගනේෂන් මාධ්‍යයට කළ අනාවරණයකින් මේ බව පැහැදිලි වුණා.
ජාතික විධායක සභාව පිහිටුවූයේ නව රජයේ දින 100 වැඩපිළිවෙළ යටතේයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිසියට නියෝග කර ඇත්තේ වෙලේ සුදා සම්බන්ධ විමර්ශන පිළිබද ජාතික විධායක සභාව හමුවේ කරුණු දක්වන ලෙසයි.විධායක සභාව එක් අවස්ථාවකදී වෙලේ සුදා සම්බන්ධයෙන් කරුණු විමසීමට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර කැඳවනු ලැබුවා.
වෙලේ සුදා සම්බන්ධ පොලිස් විමර්ශනවල ප්‍රගතිය එහිදී විමසා සිටියා.
අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයා ප්‍රශ්න කළේ ආර්. දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් වෙලේ සුදාගේ ප්‍රකාශය පිළිබද විමර්ශනයේ වර්තමාන තත්ත්වය පිළිබඳවයි. එහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර පැවසුවේ වෙලේ සුදා සහ ආර්. දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ සබඳතාවක් ගැන කියූ ප්‍රකාශය කිසිදු සාක්ෂියක් නොමැති පදනම් විරහිත අසත්‍යයක් බවයි.
එම ප්‍රකාශයත් සමග ජාතික විධායක සභාවේ සාමාජික වික්‍රමබාහු කරුණාරත්න මහතා දන්වා සිටියේ ආර්. දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා ගැන සාක්ෂි සොයාබැලීමටත් ප්‍රථමයෙන් පොලිසිය මාධ්‍ය හමුවක් පවත්වා කරුණු දැක්වීම බරපතල වැරැද්දක් වන අතර, එය එම මන්ත්‍රීවරයාට සිදුකළ බලවත් අසාධාරණයක් ද වන බවයි.
පොලිසියේ ප්‍රකාශයත් සමග රටේ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වූවා සේම ජනතාව අතර බොරු ප්‍රචාරයක් පැතිර ගිය බවද වික්‍රමබාහු කරුණාරත්න මහතා පෙන්වා දුන්නා. රටේ වැරදි මතයක් නිර්මාණය කළ පොලිසිය එය යළි නිවැරදි නොකරන්නේ මන්දැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුජිත ජයසුන්දරගෙන් ජාතික විධායක සභාවේ වික්‍රමබාහු කරුණාරත්න සෘජුව විමසා සිටියා.
එහිදි නියෝජ්‍ය පොලිස්පති පුජිත ජයසුන්දර කිසිවක් නොකියා නිරුත්තර විය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා සහ වෙලේ සුදා අතර සම්බන්ධයක් පිළිබඳ කිසිදු සාක්ෂියක් හෝ හෝඩුවාවක් නොමැති බවට දැන් තහවුරු වී ඇත. තවද මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාගෙන් දින 04ක් දිනකට පැය 08 බැගින් සී.අයි.ඩී කළ ප්‍රශ්ණ කිරීමේදී ද මන්ත්‍රීවරයා පුන පුනා ප්‍රකාශ කළේ වෙලේ සුදා නැමැත්තෙකු කිසිදා හමුව නැති බවත් එවැනි පුද්ගලයෙකු ගැන කිසිදා අසා හෝ නැති බවත් ය.
මෙවැනි පසුබිමක කඩිමුඩියේ මාධ්‍ය සාකච්‍ඡාවක් පවත්වා කිසිදු පරීක්ෂණයකින් තොරව දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ නම සඳහන් කිරීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කටයුතු කිරීම දැඩි මතභේදකාරී තත්ත්වයකි. මෙවැනි ජනතාවාදී නායකයෙකු පිළිබඳ චෝදනාවක් කිරීමේදී කෙරෙන සාමාන්‍ය පටි පාටිය වන්නේ ඒ පිළිබඳව නිසි සොයාබැලීමකින් පසුව තොරතුරු හෙළිදරව් කිරීම වුවත් මෙහිදී සිදු වූයේ එයට හාත්පස වෙනස් දෙයකි.
ඒ අනුව, සියළු පරීක්ෂණ වලින් මෙය අසත්‍යක් බවට හෙළිවී ඇති අතර මාධ්‍ය සාකච්ඡා පවත්වා ආර්. දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට මඩ ගැසීමට ඉක්මන් වූ පොලිසිය අද රටට සත්‍ය හෙළි නොකොට මුනිවත රකිමින් සිටී.
මේ සියළු කරුණු අනුව පෙනී යන්නේ වර්ථමානයේ පොලිසිය දේශපාලනීකරණයට ලක්ව ඇති බව නොවේද ? මනෝ ගනේෂන් මහතා මේ පිළිබඳව හිරු Hard Talk වැඩසටහනේදී කළ හෙළිදරව්ව සහිත වීඩියෝව පහතින්....VIDEO