Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
29
2028 තීරණාත්මකයි ! - ලොවම හෙල්ලූ ලෝක බලවතා දෙකට, චීනය එකට - කොරෝනා මැද එළියට ආ අලුත්ම ආරංචිය - Photos

- 2028 තීරණාත්මකයි ! - ලොවම හෙල්ලූ ලෝක බලවතා දෙකට, චීනය එකට - කොරෝනා මැද එළියට ආ අලුත්ම ආරංචිය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6 Views

2028 වෙනකොට අසල්වැසි ඉන්දියාවට කුමක් වේවී ද ?
 
මීට පෙර ප්රක්ෂේපනය කර තිබූ කාලයට වඩා වසර පහකට කලින් චීනය ලොව දැවැන්තම ආර්ථිකය බවට පත්වෙමින් වසර 2028 වනවිට ඇමරිකා එක්සත් ජනපදය අභිබවා යන බව ලෝක ආර්ථිකය පිළිබඳ නවතම සමීක්ෂණ වාර්තාවක් සඳහන් කරයි.


බ්රිතාන්යයේ පවත්වාගෙන යන ආර්ථික සහ ව්යාපාර සමීක්ෂණ මධ්යස්ථානය (CEBR) නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වන්නේ කොවිඩ් 19 "දක්ෂ ලෙස" කළමනාකරණය කිරීම මගින් චීන ආර්ථිකයේ සාපේක්ෂ වර්ධනය ඉදිරි වසර කීපය තුළ එක්සත් ජනපදය සහ යුරෝපය සමඟ සංසන්දනය කිරීමේදී ඉහළ යනු ඇති බවය.
 
මේ අතරතුර, වසර 2030 වන විට ඉන්දියාව, ලෝකයේ තුන්වැනි විශාලතම ආර්ථිකය බවට පත් වනු ඇති බව ද එම වාර්තාවේ සඳහන් වේ.
 
ආර්ථික සහ ව්යාපාර සමීක්ෂණ මධ්යස්ථානය (CEBR) විසින් ලෝක ආර්ථික ලීග් ලැයිස්තුව සෑම වසරකම නිකුත් කරනු ලබන්නේ දෙසැම්බර් 26 වැනිදා ය.
 
කොරෝනා වසංගතයෙන් මුලින් ම බැට කෑවේ චීනය වුවද අතිශයෙන් ම දැඩි වූ නීති පනවමින් ඉන් මිදෙන්නට හැකි වූ හෙයින් යුරෝපා රටවලට මෙන් ආර්ථිකය එක්තැන් කරවන ලොක්ඩවුන් කරා නැවත නැවතත් යාමට ඔවුනට අවශ්ය නොවුණි.
 
එහි ප්රතිඵලයක් වශයෙන්, දැවැන්ත ආර්ථිකයක් සහිත වෙනත් රටවලට මුහුණ දීමට සිදුවූ ආකාරයේ ආර්ථික අවපාතයකට 2020දී චීනය ලක් නොවීය. ඒ වෙනුවට 2%ක ආර්ථික වර්ධනයක් 2020දී චීනයේ සිදුවනු ඇති බවට ඇස්තමේන්තු කර ඇත.
 
කොරෝනා වසංගතය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපද ආර්ථිකයට මරු පහරක් එල්ල විණි.
 
වසංගතයට ගොදුරු වී එරට 330,000කට අධික පිරිසක් මිය ගිය අතර ලේඛන ගතවී තහවුරු වූ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්යාව මිලියන 18.5 ඉක්මවා ගියේය.
 
එක්සත් ජනපදයට සිදු වූ ආර්ථික හානිය මූල්ය ප්රතිපාදන සහ මහා පරිමානයේ මූල්ය උත්තේජක ඔස්සේ වසා ගැනුණු බව සැබවි; නමුත් ලබන වසර තුළ රැකියා විරහිත ජනතාවගෙන් මිලියන 14කට සහන දීමනා නොමැති වන තත්වයක් එක්සත් ජනපදයේ ඇති විය හැකි බවට දේශපාලන මත ඉදිරිපත් වී තිබේ.
 
කෙසේ නමුත්, කොවිඩ් 19 වසංගතය සහ ඊට අනුරූපව සිදුවූ ආර්ථික බිඳ වැටීම් චීනයට වාසිදායක තත්වයක් උදා කර ඇති බව ඉහත කී සමීක්ෂණ වාර්තාවේ සඳහන් වේ.
 
එහි තවදුරටත් සඳහන් වන්නේ, "වසංගතය නිමා වීමෙන් අනතුරුව 2021 දී ශක්තිමත් ආර්ථික පොලාපැනීමක්" හේතුකොට ගෙන එක්සත් ජනපද ආර්ථිකයේ වාර්ෂික වර්ධනය, 2022 සිට 2024 දක්වා 1.9%ක් වන අතර ඉන් පසු වසර වලදී එය 1.6ක වර්ධනයකින් පවතිනු ඇති බවය.
 
නමුත් චීන ආර්ථිකය 2025 වනතෙක් 5.7%ක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කරන බවත් 2026 සිට 2030 දක්වා එය 4.5%ක වර්ධනයකින් පවතිනු ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.
 
වසර 2000දී ලෝකයේ සමස්ත ආර්ථිකයෙන් 3.6%ක් චීනය සතුව පැවතුණි. මේ වන විට 17.8ක් දක්වා තම පංගුව වැඩි කර ගැනීමට චීනය සමත් වී සිටී. වසර 2023 වන විට චීනය "ඉහළ ආදායම් ලාභී ආර්ථිකයක්" බවට පත්වනු ඇති බවට ද ඉහත සමීක්ෂණ වාර්තාව අනාවැකි පල කරයි.

චීන ආර්ථිකයට වාසිසහගත වී ඇත්තේ කොවිඩ් වසංගතය කල්තියා පාලනය කර ගැනීම පමණක් නොවේ. ආර්ථික සහ ව්යාපාර සමීක්ෂණ මධ්යස්ථානයේ (CEBR) උප සභාපති ඩග්ලස් මැක්විලියම්ස් පවසන පරිදි නවීන නිෂ්පාදන ආදී කර්මාන්ත සඳහා කඩිනම් ප්රතිපත්ති සම්පාදනයන් ඇතිකිරීම හේතුවෙන් ද චීන ආර්ථිකය වේගවත් වී ඇත.
 
චීනය ලෝකයේ විශාලතම ආර්ථිකය බවට පත් වුවද එක්සත් ජනපද වැසියෙකුට වඩා චීන වැසියෙකුගේ ආර්ථික මට්ටම ඉතා දුප්පත් වනු ඇත
 
"එක් මට්ටමකින් මධ්යගත පාලනයක් පවත්වාගෙන යන ගමන් අනෙකුත් ක්ෂේත්ර තුළ නිදහස් වෙළඳ ආර්ථිකයක් පවත්වාගෙන යාමට ඔවුන් උත්සාහ කරන බවක් තමයි නෙනෙන්නට තියෙන්නේ. විශේෂයෙන් ම තාක්ෂණික නිමැවුම් ක්ෂේත්රය ඉදිරියට තල්ලු කර ගැනීම සඳහා ඔවුන්ට උදව් වෙන්නේ ඒ නිදහස් වෙළඳ ආර්ථික කොටස තමයි." ඔහු බීබීසීයට පැවසීය.
 
කෙසේ නමුත්, එක්සත් ජනපදය අභිභවා චීනය ලෝකයේ විශාලතම ආර්ථිකය බවට පත් වුවද එක් පුද්ගලයෙකු සතු දල වත්කම ගත් කල එක්සත් ජනපද වැසියෙකුට වඩා චීන වැසියෙකුගේ ආර්ථික මට්ටම ඉතා දුප්පත් වනු ඇත. එක්සත් ජනපදයේ මෙන් හතර ගුණයක ජනගහනයක් චීනය සතු ය.
 
එක්සත් රාජධානිය යුරෝපා හවුලෙන් ඉවත් වීමෙන් අනතුරුව 2021 සිට 2025 දක්වා එක්සත් රාජධානියේ වාර්ෂික ආර්ථික වර්ධනය 4%ක් විය හැක. එය 2026 සිට 2030 දක්වා 1.8%ක වාර්ෂික වර්ධනයකින් පවත්වාගෙන යනු ඇත. එක්සත් රාජධානියේ ආර්ථිකය ද 2020 දී හැකිළීමට ලක් විය.
 
වසර 2019 දී ඉන්දියාව ලෝකයේ පස්වැනි විශාලතම ආර්ථිකය බවට පත්වෙමින් එක්සත් රාජධානිය අබිභවා ගියේය. නමුත් කෝවිඩ් වසංගතය හමුවේ ආර්ථිකය කඩා වැටීම නිසා ඉන්දියාව යළිත් එක්සත් රාජධානියට පසුපසින් සිට ගත්තේය. වසර 2024 වන තුරු ඉන්දියාව නැවත පස්වැනි ස්ථානයට නොපැමිණෙන බව CEBR වාර්තාව සඳහන් කරයි.
 
වසර 2027 දී ඉන්දියාවේ ආර්ථිකය ජර්මනිය අබිභවා යන අතර 2030 වන විට ජපානය පසු කර යනු ඇත.
 
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම BBC සිංහල වෙබ් පිටුවෙන්...


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top