1 Views
ජනප්‍රිය නිළි ආක්ෂා සුදාරි සහ හංසි සිතාරා කියන නිරූපිකාව අතර ඇතිවුණු ප්‍රශ්නයේ ඇත්ත නැත්ත හරියටම ඉස්සෙල්ලාම ඔබ දැනගත්තේ හිරුගොසිප් තුළින්...ඒවගේම කාටත් හොයාගන්න බැරිවුණු හංසි සිතාරාගේ photos එක්කමයි අපි ඒ සිද්දිය වාර්තා කලේ.නමුත් මේ සිද්දිය විකෘති කරලා වාර්තා කරපු අනිත් වෙබ්අඩවි සහ පුවත්පත් සිද්දියට සම්බන්ද ඇත්ත හංසි සිතරාගේ photos වෙනුවට පල කරලා තිබුනේ වෙනත් කෙනෙක්ගේ photos.ඒ ජීව්‍යා හංසි පෙරේරා.පෞද්ගලික හේතුවක් නිසා මීට අවුරුද්දකට එකහමාරකට කලින් ජීව්‍යා නිරුපන ක්‍ෂේත්‍රයෙන් ටිකක් ඇත්වෙලා තියෙනවා.කොහොම වුනත් වගකීමකින් තොරව කටයුතු කරන සමහර මාධ්‍ය නිසා ජීව්‍යා පහුගිය දවස් වල සැහෙන්න අපහසුතාවයට පත්වෙලා.ඇය ඒ ගැන අපිට කිව්ව කතාවයි මේ......
මං ඉස්සෙල්ලාම හිරු ඒකට ස්තුතිවන්ත වෙනවා මට කතා කලාට.මොකද මේ සිද්දිය නිසා පහුගිය දවස්වල මං ලොකු ප්‍රශ්නයකට මැදි වෙලයි හිටියේ.ඇත්තටම ඔය රණ්ඩුව මොකද්ද කියලා විතරක් නෙමේ හංසි සිතාරා කියන්නේ කවුද කියලවත් මං දන්නේ නැ.එයාව මං දැකලවත් නැ.එයා වෙනුවට සමහර මාධ්‍යවලින් හොයන්නේ බලන්නේ නැතුව දාලා තිබුනේ මගේ photos.මගේ නම ජීව්‍යා හංසි පෙරේරා.මේකට මාව කොහොම සම්බන්ද වෙලා මගේ photos වැටුනද කියන්න මම දන්නෙ නැ.මෙහෙම වැරදීමක් සුළුවෙන් වෙන්න විදිහක් නැනේ.මේගොල්ලෝ එච්චර හොයන්නේ බලන්නේ නැතුව එක එක sites වලින් photos අරන් දාලා.මං පුද්ගලික ජීවිතේදී කොහොමටත් ඔය වගේ ප්‍රශ්න ඇතිකරගත්ත කෙනෙක් නෙමේ.එනිසා මගේ ලඟින්ම ඉන්න අයනම් මෙහෙම දෙයක් වෙන්න බැ කියල දන්නවා.එත් මේ වැරැද්ද නිවැරදි කරගන්න,කවුද මේ හංසි සිතාරා කියන්නේ කියලා දැනගන්න මං එයාගේ ෆොටෝ එකක් හොයා හොයා හිටියේ.එතකොට පුළුවන්නේ මොකද්ද මේ මගෙයි එයාගෙයි තියෙන සම්බන්දෙ කියල දැනගන්න.එතකොට තමයි මං දැක්කේ හිරු website එකේ සිද්දියට සම්බන්ද හංසිගේ photos තියෙනවා.ඕගොල්ලෝ විතරයි ඇත්ත photos දාල තිබුනේ.
මාධ්‍ය කියන්නේ වගකීමෙන් වැඩකරන්න ඕනේ පිරිසක්.මට මේ සිද්දිය දුරදිග ගෙනියන්න ඕනේ නැ.මේ රණ්ඩුවට මගේ සම්බන්දයක් නැ කියලා වෙච්ච වැරැද්ද නිවැරදි කරනවනම් මට ඒ ඇති.මීට පස්සෙවත් ඔයවගේ දෙයක් දාද්දි හොයල බලලා ඇත්ත සිද්දිය වාර්තා කරන්න කියලා මං ඒ අයගෙන් ඉල්ලනවා.







