Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
07
“කොටහලු මඟුල් ගෙයක් වුණා කියමු, මුවෝ 50ක් 60ක් එහෙම නැත්නම් රංචුවක් වුණත් බිලි වෙන්න පුළුවන්...” - තොග පිටින් මුවෝ මරන මොකක්ද මේ එල්ලන ‘මන්ද’...?

- “කොටහලු මඟුල් ගෙයක් වුණා කියමු, මුවෝ 50ක් 60ක් එහෙම නැත්නම් රංචුවක් වුණත් බිලි වෙන්න පුළුවන්...” - තොග පිටින් මුවෝ මරන මොකක්ද මේ එල්ලන ‘මන්ද’...?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6 Views

දඩයක්කරු සහ දඩ වැද්දා අතර ලොකු වෙනසක් තියෙනවා...

කුකුළු මස් කිලෝවක් 470යි. එහෙම එකේ 500 ගාණේ මුවා ගන්න එක නරකයැ..
 
“ඇලි සතුන්ට මිනිස්සුන්ගේ පැලියාව - සත්තු නැත්තටම නැති වේවි වගේ” මෙලෙස පැවැසූ වයෝවෘද්ධයා සත්ත්ව විද්‍යාඥයෙක් හෝ වාග් විද්‍යාඥයෙක් නොවේ. ඔහු සර්ව සම්පූර්ණ ගැමියෙකි.


රුක්ගහවිලියානුවෙකි. දඩයම පිළිබඳ තවදුරටත් හොඳ හිත් ඇත්තෙකි. අත්තනගලු, කෑගලු රක්ෂිතයන්ගේ හොඳ හැටි කරක් ගැසූවෙකි. ''යාළුවා! දඩ කෙළියේ ගිහින් හිස් අතන් ගෙදර ආවත්! හිතට කිසිම ආරෝවක් නැහැ. හඳ එළියේ දැක්ක මුව රංචු, ගෝන්නු ඒ ගොල්ලෝ අං තට්ටු පටලෝගෙන කරන හරඹ මතක් කරගෙන හිටියැහැකි.''
 
මීමින්නෙක්වත් නැතිව මම ගෙදර ඇවිදින් ඉස්තෝප්පුවේ ඇනතියාගෙන මහ රෑ වෙන දේවල් ගැන හිතන්න ගන්නවා. ඒකට තමයි දඩ කෙළිය කියන්නේ. සතෙක් දෙන්නෙක් එළා ගන්න පුළුවන්-බැරි මොක වුණත් කමක් නැහැ. හොඳ දඩයක්කාරයෙක් මම විශ්වාස කරන විධියට කවම කවදාවත් “මන්ද” අටෝලා සත්තු බිම දාන්නේ නැහැ. එහෙම ගත්තම දඩ කෙළිය කියන්නේ පරිසරය එක්ක බැඳුණු දෙයක්. අනෙක අපි තවමත් රිංගන්නේ පොඩි පොඩි කැලෑ දෙණිවල. දඩයමක් කරගන්න මහ කැලෑවට රිංගනවා කියන්නේ ශිල්ප ගණනාවක් ප්‍රගුණ කිරීමක්. මම පදවිය _ බුද්ධංගල ඉඩම් අස්වද්දී ඔන්න දවස් හතර පහ මහ කැලෑවෙ රැඳිලා තියෙනවා.
 
අප මෙලෙස සිතමු. ඔහු වනසත්ත්ව ලෝලියෙකි. සැබෑ දඩයක්කරුවෙකි. වනසත්ත්ව ලෝලියෙක් තුළ දඩයක්කරුවකුට පැවැතිය හැකිද යන්න සඳහා උදාහරණ සපයන්නෙකි. ඔහුගේ අදහස් මත පැළපදියම් වුවහොත් සැබැවින්ම මේ මොහොත වෙන්ව ඇත්තේ දඩයක්කරුවන්ට නොව මස් වැද්දන්ටය. දඩයක්කාර හිතක් දැන කියා ගැනීමට එතරම් අවස්ථාවක් උදා වී නොතිබුණද ඔහු පවසා සිටින යුරු: දඩ වැද්දා පහසුවෙන් හැඳින දැනගත හැකිය. එය සැබෑය: දඩයක්කරු සහ දඩ වැද්දා අතර සුවිශාල හිඩැසක් තිබේ. ඒ හිඩැස පිරවිය හැක්කේ අත්දැකීම් සමුදායකින් කීම යුක්ති යුක්තය.
 
පදවි වැවට නැඟෙනහිරට වන්නට වවුනියාවට යාව කදිම බිම් කඩක් වේ. පැවැති යුද ගැටුම් නිසාවෙන් මේ බිම වනසත්ත්ව පරාදීසයක්ව පැවැතියේ. නමුත් අද එහි වනස්පතීන් මෙන්ම සතා සිවුපාවුන්ද මුහුණ දී ඇත්තේ රුදුරු ඉරණමකට යැයි කීම නිවැරැදිය. මෙම බිම්කඩ දකුණු ලක මිනිසුන්ගෙන් පිරී යත්ම මෙම ඇබැද්දිය ආරම්භ වී යැයි කීම තවදුරටත් යුක්ති යුක්තය. එතෙක් මෙහි පැවැතියේ සාම්ප්‍රදායික සහ පාරම්පරික දඩයම, දඩ මස් වෙළෙ‍දාමක් බවට පත්වූයේ ක්‍ෂණිකවමය. ඒ සඳහා කල් මැරීමක් සිදු නොවිණි. වවුනියාවට යාබද ඕනෑම උප නගරයකින් මුව මස් කිලෝ ගණනින් තොග මිලට ගැනීම දක්වා මෙම සත්ත්ව සංහාරය දුරදිග ඇදී තිබේ.
 
“උත්සවයට මුව මස් කිලෝ සීයක් ගියා. කුකුළු මස් කිලෝවක් 470යි. එහෙම එකේ 500 ගාණේ මුවා ගන්න එක නරකයැ” එලෙස තපුල්ලන මිනිසුන් මෙහි එමටය. එම මිනිසුන් මැද සැබෑ මිනිසෙක්ද වේ. ඔහු උම්බලකඩ කැබැල්ලක්වත් නොකන්නෙක් ලෙස නාමකරණය කළ නොහැකි නමුත් මේ බිම්කඩ තුළ සිදුවන වන සත්ත්ව සංහාරය පිළිබඳ ඔහුට ඇත්තේ නිරවුල් වූ නිවැරැදි අදහසකි. එතකුත් නොවේ. ඔහුට සවන් දීම වටින්නේ ඔහු සැබෑ පරිසරවේදියෙක් ලෙස සතුන් සහ සතුන්ගේ චර්යාවන් ගැනද දැනුමැත්තෙක් වන බැවිනි.
 
“ඒ කාලේ දඩයමේදී අපේ ඈයෝ කැත්ත, තුවක්කුව, කෙටේරිය, පිහිය, පොරව වගේ සරල අවිආයුධයි පාවිච්චි කළේ. ඒ අතරේ ‘මන්ද’, උගුල, හබක, ලූල එක්ක පතහ පාවිච්චි කළා. සතුන් දඩයමේදී අපේ පැරැන්නෝ ‘මන්ද’ භාවිත කළේ ගෝනුන්, මුවන්, ඌරන්, ඉත්තෑවන් හා හාවුන් දඩයම් කරගන්න. හාවෝ රෑනක් හේනකට පැන්නොතින් බලාගෙන ඉද්දී හේන පාළුවෙනවා. ඒ හින්දා මදු තබලා තමයි හාවෝ හේනට එන එක වැළැක්කුවේ.
 
හාවාට මදු ගැහුවේ බිමේ ඉඳලා අඟල් 6ක් පමණ උඩින් මන්ද හිටින විධියට. මන්දේ විෂ්කම්භයත් අඟල් 6කට වඩා වුණේ නැහැ. මේ මුදු අපේ ඈයෝ හදා ගත්තේ කැලේ තිබුණු තද වැල්වලින්. ඊට පස්සට පහු තමයි ඔය නොයෙකුත් කේබල් වර්ග දඩයම එක්ක එකතු වුණේ. තද වැලකින් සිදුවන්නේ අවම හානියක්. ඉස්සෙල්ලා කිව්වා වගේ හාවටයි මීමින්නටයි එකම මන්ද භාවිත කරන්න පුළුවන්. ගොයම් පැළ කන්න එන හාවෝ අල්ලන්න දිග කම්බියක මදු ගොඩක් ගහපු වැලක් තිබුණා. හාවාට, මුවාට, ගෝනාට, ඌරාට මදු ගහන්නේ එක එක විධියට.
 
ඌරාට මන්දක් ගහද්දී මන්දේ ශක්තිය වැඩිවෙන්න ඕනෑ. ඌරාට මදු ගහද්දී මන්දේ විෂ්කම්භය අඩියක් පමණ ප්‍රමාණයට ගත්තා. මන්ද අඩියක් පමණ උසින් තිබ්බේ මන්දේ එක පැත්තක් තවත් පැත්තකට යාවෙන විධියට. ඌරාට මදු ගහද්දී අත්වැරැද්දක් වෙන්නම බැහැ. මම දැකලා තියෙන විධියට ඌරාට ගහන මන්ද කොලොන් කොළවලින් ඔතනවා. ගෝනටයි මුවාටයි මදු ගහන්නේ ඒ සත්තු යන කැලෑ පාරේ අඩි 4ක් පමණ උඩට වෙන්න. නුග ගහේ එල්ලෙන වැල්වලට දඩයක්කාරයෝ කිව්වේ අරලු වැල කියලා. නුග ගහක මන්ද ගහද්දී ගොඩක් වෙලාවට අරලු වැල තමයි ප්‍රයෝජනයට ගත්තේ. අරලු වැල හරි හයිය වැලක්. උගුල අටවද්දී අපේ ඈයෝ වැඩිපුරම භාවිත කළේ උල් කැන්ද කෝටු. උගුල අඩි 5ක් පමණ දිගයි. අඟල් තුනක් විතර වට ප්‍රමාණයකින් යුක්තයි. හැබැයි මේ ප්‍රමාණය තමන් දඩයම් කර ගන්න සතාගේ ප්‍රමාණය අනුව වෙනස් වෙනවා.
 
හබක කියන්නෙත් හොඳ දඩයම් උපක්‍රමයක්. සත්තු දිය බොන්න එන තැන්වල තමයි හබක වැඩිපුර ඇටෙව්වේ. හැබැයි හබකෙන් අල්ලන්න හැකි වුණේ හාවා, මීමින්නා වගේ පොඩි සත්තු. මුවා, ගෝනා වගේ සත්තු හබකට අහුවෙන්නේ නැහැ. ඒ හින්දා හේන් ගොවිතැනේදී හබක කියන්නේ ඉතාමත් හොඳ දඩයම් මාදිලියක්. ලොකු සත්තු බිම දාන්න හබකට වඩා බලවත් වුණේ ලූල. හබකක් අටවද්දී ඒ සඳහා ප්‍රයෝජනයට ගත්තේ ලියන් ලීයක්. ලියන් ලීය බොහෝම සවි ශක්තිමත්. ඉස්සෙල්ලා කිව්ව ලූල හබක මෙන් අට ගුණයක් දහ ගුණයක් මෙන් විශාලයි. ලූල හදන්නේ එක කන්දක පාමුල ඉඳලා තවත් කන්දක පාමුල දක්වා.
 
එහෙම හදා ගත්ත ලූලට ගොඩක් අහුවෙන්නේ ලොකු සත්තු. සාම්ප්‍රදායික දඩයමේදී අපේ පැරැන්නෝ දඩයම් මාදිලිය සකසා ගත්තේ සත්තුන්ගේ ප්‍රමාණය බලලා. එතකොට සත්තුන්ට සිදුවෙච්ච හානිය අවමයි. නාහිල්ල කෝටු, කළු පැණි, මෝහ, දීක්තැද්ද වගේ ලීවලින් හදා ගත්ත ලූලට අලියෙක් වුණත් මෙල්ල කරන්න පුළුවන්.
 
ඒ විධියට තමයි අපේ පැරැන්නෝ දඩයම් ක්‍රම ලක ලෑස්ති කර ගත්තේ. ඒ විධියට සිදු කරපු දඩයමෙන් මහ ලොකු හානියක් සිද්ධ වුණේ නැහැ. සාම්ප්‍රදායික ක්‍රමයට සිදු කරන දඩයම එක අතකින් පරිසර හිතකාමීයි. උදාහරණයක් විධියට අම්පාර ප්‍රදේශයේ මේ වෙද්දී වල් ඌරු ගහනය අධිකයි. ඒ ප්‍රදේශවල ජීවත් වෙන මිනිස්සුන්ගේ සංස්කෘතික, ආගමික, ඇදහිලි විශ්වාසත් එක්ක සාම්ප්‍රදායික දඩයම වෙනස් මුහුණුවරක් ගන්නවා. අපේ පාරම්පරික දඩයම හැම අවස්ථාවකදීම සංස්කෘතිය හා සංස්කෘතියත් එක්ක බැඳුණු අනෙකුත් කරුණු කාරණා එක්ක බැඳිලයි තිබුණේ. මිනිස්සු තාක්ෂණය හොයාගෙන දුර ගමනක් යන්න ලක ලෑස්ති වෙද්දී සාම්ප්‍රදායික දඩයම යල්පැන ගිය දෙයක් බවට පත් වුණා.
 
දැන් මේ ප්‍රදේශවල වැඩිපුරම ඉන්න සතා තමයි මුවා. විශේෂයෙන් තිත් මුවා. තිත් මුවෝ කඳුකර වනාන්තරවල දක්නට ලැබෙන්නේ නැහැ. තිත් මුවන් වැඩිපුර ඉන්නේ පඳුරු සහ වන තීරු අතරින්පතර පිහිටි තැනිතලා බිම්බල. ඒ කියන්නේ මේ වගේ ප්‍රදේශවල. තිත් මුවන්ගේ ගහනය වැඩිවෙන්න ගංගා ඉවුරු, එළිමහන් බිම් අත්‍යවශ්‍යයි. හැබැයි තිත් මුවෝ බොහෝ වෙලාවට රාත්‍රි කාලයේදී රංචු විධියට සරණවා දක්නට ලැබෙන්නේ නැහැ. ඒ අය හවස් ජාමේ තමයි රංචු විධියට වනයේ සරන්නේ. සාමාන්‍යයෙන් තිත් මුවෝ රංචුවක මුවන් 50-60ක් පමණ දක්නට ලැබෙනවා. වැදගත්ම කාරණය තමයි මේ තිත් මුවෝ රංචු කැලෑව කොච්චර ලොකු වුණත් ඒ අයට අදාළ නිශ්චිත භූමියකටම සැරීම.
 
වැව් පිටියක් නම් ඒ අය ඒ වැව් පිටිය අවට පමණයි සරන්නේ. ඒ කියන්නේ සුපුරුදු වාස භූමිවලින් ඒ අය වැඩි අෑතකට නොයන බව. අනෙක් කාරණය තමයි තිත් මුවන්ගේ පිරිමි සත්තුත් රැල එක්කම සැරීම. හැබැයි මේ පිරිමි සත්තු රංචුව තුළ එකිනෙකාගෙන් ඈත්ව ඉන්න දැඩි උත්සාහයක් ගන්නේ. හොඳින් නිරීක්ෂණය කළහොත් එක රංචුවක අං තට්ටු ඇති පිරිමි සතුන් පිටින්නේ පස් දෙනකුට අඩුවෙන්. මේ පිරිමි සත්තු පෙළක් වෙලාවට රැල අතරතුරම අං තට්ටු ඔසවාගෙන සිරුරේ ලොම් පුම්බාගෙන දෑස් දල්වාගෙන පොරයට යොමු වෙනවා. සාමාන්‍යයෙන් මේ විධියට වැඩුණු තිත් මුවෙක් රාත්තල් 200ක් විතර බරයි.
 
මේ තිත් මුවෝ තමයි වැඩිපුරම දඩයක්කාරයන්ගේ ගොදුරු වෙලා තියෙන්නේ. ඒකට හේතුව පෙර සඳහන් කළ විධියට මේ තිත් මුවන්ගේ සුවිශේෂී චර්යාවන්. වනය කොතරම් විශාල වුණත් ඒ වනයේ එක් කොටසක පමණක් සැරීමට තිත් මුවන් කැමැත්තක් දැක්වීම කියන කාරණය ඔවුන්ගේ අවසානය ඉක්මන් කර තිබෙනවා. මම කියන්නම් මේ තිත් මුවන් මේ වෙද්දී රංචු පිටින් දඩයක්කාරයන්ගේ ගොදුරු වෙන්නේ කොහොමද කියන එක. හැබැයි පෙර සඳහන් කළ ආකාරයට මේ විධියට තිත් මුවන් මරා දාන ඈයෝ දඩයක්කාරයෝ කියන විධියට හඳුන්වන එක වැරැදියි.
 
දැන් මේ තිත් මුවෝ රංචු පිටින් මරලා දාන්න දඩ වැද්දෝ අලුත් උපක්‍රමයක් පාවිච්චි කරනවා. ඒ තමයි දඟර විධියට එල්ලෙන කම්බි. වැව් පිටියක් ගනිමු. හොඳ තිත් මුව රංචුවක් දවස් කිහිපයක් නිරීක්ෂණය කළොත් අපට තේරුම් ගන්න පුළුවන් ඒ අය කලඑළි බහින්දේ කොයි කාලෙටද කියන එක. අන්න ඒ වෙලාව අල්ලලා උඩින් එල්ලෙන දඟර කම්බි මදු විධියට පාවිච්චි කරනවා.
 
ඒ දඟර කම්බිවලට කරන්ට් එක ලබා දෙන්නේ අමුතු පිළිවෙළකට. එය විස්තර කරන එක උචිත දෙයක් නෙවෙයි. හැබැයි ඕනෑම කෙනකුට තේරෙනවා මහ කැලෑවක ඇති වැව් තාවුල්ලක ජල විදුලියෙන් නිෂ්පාදනය වන විදුලි බලය නොමැති බව. එවිට භාවිතයට ගැනෙන්නේ වෙනත් විදුලි උපක්‍රමයක්.
 
උදාහරණයක් විධියට එය විශාල ප්‍රමාණයේ බැටරි කිහිපයක් මඟින් ලබා දෙන විදුලිය විය හැකියි. සාමාන්‍යයෙන් පොළොවේ මන්දක් ඇටෙව්වාම ඒ මන්දට අහුවෙන්නේ එක සතෙක් පමණයි. නමුත් පොළොවෙන් ඉහළට නවීන තාක්ෂණය භාවිත කරලා අටවන මන්දෙන් සත්තු රංචුවකටම බොහොම ඉක්මනටම හානි සිදුවෙනවා.
 
දැන් මේ පළාතේ කොටහලු මඟුල් ගෙයක් වුණා කියමු. මුවෝ 50ක් 60ක් එහෙම නැත්නම් රංචුවක් වුණත් ඒ කොටහලු මඟුල මුල් කරගෙන මන්දට බිලි වෙන්න පුළුවන්. මේ පිළිබඳ අපි අදාළ බලධාරීන් දැනුවත් කළත් ඉන් කිසිදු පල ප්‍රයෝජනයක් ලැබී නැහැ. නීතිය ක්‍රියාවේ යොදවන අයත් මේ වනසත්ව සංහාරයට සම්බන්ධයි. ඒ නිසා ඒ අයගෙන් යුක්තිය බලාපොරොත්තු වෙන්න හැකියාවක් නැහැ.
 
කතාව - ප්‍රභාත් අත්තනායක
මව්බිම
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top