වෛද්‍යවරයෙකු විදුලි පන්දමක ආධාරයෙන් බයිපාස් හදවත් සැත්කමක් කළ පුවතක් කරාපිටිය මහ රෝහලේ ශල්‍ය ඒකකයෙන් වාර්තා වෙනවා.
හෘද රෝගියකුට බයිපාස් හදවත් සැත්කමක් සිදු කරමින් සිටින විට හදිසියේම විදුලිය විසන්ධි වීම නිසා මෙම තත්ත්වය මතුවී තිබෙනවා.
විදුලිය විසන්ධි වන විට හෘද රෝගියාගේ සැත්කම අවසන් වී නොමැති නිසා විවෘත කර තිබූ උරස් කුහරය මැසීමට පමණක් ඉතිරිව තිබූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.
හදවත් සැත්කම සිදු කරමින් සිටි හෘද රෝග විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා ශල්‍ය ඒකකය තුළ තිබු විදුලි පන්දමකින් ආලෝකය ලබා ගෙන සැත්කම අවසන් කර තිබෙනවා.
රෝහලේ ට්‍රාන්ස්පෝමරයට අකුණක් වැදී විදුලිය විසන්ධි වීම සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.
කෙසේ වෙතත් රෝගියාට අනතුරක් සිදු වී නොමැති බවයි වාර්තා වන්නේ.