පුත්තලම කොළඹ මාර්ගයේ පුලිත්තන්කුලම ප්‍රදේශයේ අද පෙරවරු 6.20ට පමණ සිදුවූ රිය අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂය පත්වුණා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ලොරියක් සහ ත්‍රී වීලරයක් එකට ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුර සිදුවන විට ත්‍රී වීලරයේ පස් දෙනෙක් ගමන් ගෙන තිබෙනවා.
එහි සිටි කාන්තාවක් මාස අටක දරුවෙක් සහ ත්‍රී වීලරයේ රියදුරු ජිවිතක්ෂයට පත් වුණා.
තවත් තුවාල ලැබූ දෙදෙනෙක් මේවන විට හලාවත රෝහලේ ප්‍රතිකාර ලබනවා.