මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ජයග්‍රාහී කුසලානය පිරිනැමීම සම්බන්ධයෙන්, ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ හිටපු ප්‍රධානී බංග්ලාදේශයේ මුස්තාෆා කමල් සහ එහි සභාපති ඉන්දීය ජාතික එන්.සිරිනිවාසන් අතර ඇතිවු අර්බුදය නිසා, ඉන්දීය පිලේ බංග්ලාදේශ චාරිකාව අවිනිශ්චිත වී ඇති බව වාර්තා වනවා.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සිරිනිවාසන් පිල ඒ සඳහා පාලක මණ්ඩලයේ හදිසි රැස්වීමක් ඉල්ලා ඇති නමුදු, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත පාලක මණ්ඩලයේ තනතුරු අහිමි වී ඇති සිරිනිවාසන්ට එරෙහි කණ්ඩායම ඊට විරුද්ධත්වය පළ කර තිබෙනවා.
කෙසේ නමුත්, රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් විය හැකි බැවින් ඉන්දීය පිලේ බංග්ලාදේශ චාරිකාව අවලංගු කිරීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කටයුතු නොකරනු ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.