හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා අප්‍රේල් 20 දායින් පසු දිනයක ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඒ මහතාගේ නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා ඊයේ (3 දා) කඩුවෙල අධිකරණයට දැනුම් දුන්නා.
මේ නිසා තම සේවාදායක බැසිල් රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන විට කටුනායක ගුවන් තොටුපළේදී ආගමන හා විගමන පාලකවරයා හරහා මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට ප්‍රකාශයක් ලබා දීමේ අවශ්‍යතාවයක් නොවන බව නීතිඥවරයා පෙන්වා දුන්නා.
ඊයේ පැමිණිලිකාර මූල්‍ය අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවේ පෙනී නොසිටි නිසා මහේස්‌ත්‍රාත් ධම්මික හේමපාල මහතා ඒ සන්බන්ධයෙන් ඒකපාක්‍ෂික නියෝගයක් ලබාදීමට අධිකරණයට නොහැකි බව පෙන්වා දෙමින් ඉල්ලීම ප්‍රතික්‌ෂේප කළා.