අද දින කටාර් රාජ්‍යයේ රාජ්‍ය නායක තුමානන් ශ්‍රී ලංකාවට පැමිණිම නිමිත්තෙන් පහත පරිදි විශේෂ රථ වාහන වැඩ පිලිවෙළක් ක්‍රියාත්මක වේ.එම වේලාවන් වලදි එම මාර්ග වල රථ වාහන ධාවනය යම් ප්‍රමාණයකට සිමා කෙරේ.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට කොළඹට ඇතුල්වන මාර්ගයේ අධිවේගි මාර්ගය, බේස්ලයින් පාර, ඔරුගොඩවත්ත හරහා බොරැල්ල, ඩි.එස් විදුලි සංඥා, හෝර්ටන් පෙදෙස, නෙළුම් පොකුණ ඉදිරිපිට මාර්ගය,කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම, ශාන්ත මයිකල් වටරවුම, කොල්ලුපිටිය ගාලු පාර, ගාලු මුවදොර වටරවුම, ඔස්ස එන්.එස්.ඒ වටරවුම.
පස්වරු 03.45 සිට 04.45 දක්වා
එන්.එස්.ඒ වටරවුමේ සිට ගාලු මුවදොර වට රවුම ඔස්සේ කොල්ලුපිටිය, ශාන්ත මයිකල් වටරවුම, කෝල්ලුපිටිය ලිබර්ටි වටරවුම, නෙළුම් පොකුණ ඉදිරිපිට මාර්ගය, හෝර්ටන් පෙදෙස,ඩි.එස් විදුලි සංඥා, බෙරැල්ල හරහා ඔරුගොඩ වත්ත, බේස්ලයින් පාර, අධිවේගි මාර්ගයේ කොළඹින් පිටවන කොටසේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල දක්වා.
ඉහත වේලාවන් මාර්ගයේ අධික රථ වාහන තද බදයක් පවතින වේලාවන් බැවින් හැකිතාක් දුරට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය සඳහන් කරයි.