"චූටි පුතේ, චූටි දුවේ, ලොකු දූ, ඔයාලා තනි නෑ. ඔයාලගෙ අම්මා ඔයාලා ලඟ ඉන්නවා. නෝනා, ඔයා තනි නෑ ඔයාගෙ අයියා, අයියගෙ ළමයි දෙන්නා ඔයා ළඟ ඉන්නවා. මම අද හොඳටම තනිවෙලා. මට මැරෙන එක සැපයි මැරි මැරී ජීවත් වෙනවට වඩා. මට ඔයාලගෙන් තොර ලෝකයක් නෑ. මාවත් ඉක්මනට ඔයාලගෙ ලඟට ගන්න ඔයාලව බලා ගන්න....
නෝනා, මෙයට ඔයාගෙම සුසන්ත.....
ලොකු දූ, පොඩි දූ, චූටි පුතා මේ ඔයාලගෙම තාත්තා සුසන්ත..."
මේ අතර ප්‍රහාරය සිදුවූ ස්ථානයේදීම සුසන්තගේ දරුවන් සියළු දෙනා මියගොස් තිබූ අතර ඔහුගේ බිරිඳ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදිමින් සිටියදී මීගමුව රෝහලට ගෙනවිත් තිබෙනවා. කෙසේ නමුත් ඒ වන විටත් අවට රෝහල් සියල්ල රෝගීන්ගෙන් පිරී තිබුනු නිසා ඇය කරාපිටිය රෝහලට යැවීමට උපදෙස් ලබා දී තිබෙනවා.
පසුදින සුසන්ත සිය බිරිඳගේ සුවදුක් විමසීම සඳහා ගාල්ල කරාපිටිය රෝහලට පැමිණි නමුත්, ඒ වන විටත් ඔහුගේ බිරිඳ මෙලොව හැරගොස් තිබුණා.
