Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
21
කුරිරු ත්‍රස්ත ප්‍රහාරයට අදට මාසයක් - මේ ස්නේහා මින්දනී නැත්නම් දෝනිගේ සංවේදී කතාව - Video

- කුරිරු ත්‍රස්ත ප්‍රහාරයට අදට මාසයක් - මේ ස්නේහා මින්දනී නැත්නම් දෝනිගේ සංවේදී කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,217 Views
හිස් කබලේ ඉදිරි කොටසට බෝම්බ් ප්‍රහාරයෙන් හානි
කුරිරු බෝම්බ ප්‍රහාරයෙන් යළි උපන්න ඇගේ කතාව

පසුගියදා සිදුවූ ඛේදවාචකයෙන් පසු, ගොඩ නැගෙන රටට සහ ජීවිතවලට මේ කතාව ශක්තියක් වනු නොඅනුමානයි.

ස්නේහා මින්දනී.එහෙමත් නැත්නම් දෝනි. කුරිරු බෝම්බ ප්‍රහාරයෙන් යළි උපන්න ඇගේ කතාවයි මේ.
 

කුරිරු ත්‍රස්ත ප්‍රහාරයට අදට මාසයක්.

දෝනිට ඒ අතීතය අමතක වුණත් දෝනිගේ තාත්තට නම් අදටත් ඒ මතක තවමත් අමතක නැහැ.

සියල්ල අනිත්‍ය වුණත් දරු සෙනෙහසට උපමා කළ හැකි අන් කිසිවක් මෙළොව නැති නිසාම දෝනිගේ තාත්තා ඇය සෙවීම අත් හැරියේ නැහැ.

මිහිබට දෙවිවරුන්ගේ දෑතේ ශක්තියෙනුත් මව්පියන්ගේ හිතේ ආශිර්වාදයෙනුත් යළිත් මේ ලෝකය දකින්නට දෝනි දෙවියන්ගේ වාසනාව ලැබුවා.

ජීවිත අවදානමෙන් මිදුණද තවමත් දෝනිගේ සංකූලතා නිමක් නැහැ.

ඇගේ හිස් කබලේ ඉදිරි කොටසට බෝම්බ් ප්‍රහාරයෙන් හානි සිදුව ඇති අතර එම කොටස මේ වනවිට මිනිස් පටක රෝපණ බැංකුවේ තැන්පත් කර තිබෙන්නේ වෛද්‍ය උපදෙස් අනුවයි.

නොසිතූ මොහොතක තම හිස මත කඩා වැටුණු මේ අසීමිත බරින් දෝනිගේ පවුලේ ආර්ථිකයට බලපෑමක් එල්ල වුණත් ඔහු ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසින්.

ඉලක්කමෙන් ඉලක්කම එක්වෙමින් පිටුවෙන් පිටුව මේ පෙරළෙන්නේ අලුත් බලාපොරොත්තු සමගින් යළි උපන්න දෝනිගේ ජීවිතයයි.

ඒ අලුත් සිතුවිලිවලින්, ශක්තියෙන් හෙට දවසේදී රට ගොඩනගන්නට ලොව ජයගන්නට දෝනිට හැකියාව ලැබෙනු නොඅනුමානයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top