Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
17
විදුහල්පතිවරුන් ලෙස කටයුතු කළ සහරාන්ගේ සඟයන් දෙදෙනෙක් හොරොව්පතානේදී අල්ලයි - තවත් 18 දෙනෙකු ගැන තොරතුරු එළියට - Video

- විදුහල්පතිවරුන් ලෙස කටයුතු කළ සහරාන්ගේ සඟයන් දෙදෙනෙක් හොරොව්පතානේදී අල්ලයි - තවත් 18 දෙනෙකු ගැන තොරතුරු එළියට - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5 Views

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය මෙහයවූ සහරාන් හෂීම් සමඟ සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයින් දෙදෙනෙකු හොරොව්පතාන - වීරචෝල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
පොලිසිය සඳහන් කළේ සැකකරුවන් ප්‍රදේශයේ මුස්ලිම් විද්‍යාල දෙකක විදුහල්පතිවරයෙක් සහ නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් ලෙස කටයුතු කර ඇති බවයි.
 
උතුර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ හොරොව්පතාන පොලිසිය, හොරොව්පතාන - කපුගොල්ලෑව ප්‍රදේශයේ කළ වැටලීමකදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
මෙම සැකකරුවන් අතරින් නූර් මොහොමදු අද්දරසුල් නැමැත්තා කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ මුස්ලිම් විද්‍යාලයක විදුහල්පතිවරයෙක් ලෙස සේවය කර තිබෙනවා.


පොලිසිය සඳහන් කළේ අබ්දුල් ජබාර් නිජාම් නැමති අනෙක් සැකකරු ඇටවීරගොල්ලෑව මුස්ලිම් විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා ලෙස සේවය කර ඇති බවයි.
 
එම සැකකරුවන් සහරාන් හෂීම් සමඟ අවස්ථා ගණනාවකදී කොළඹ ස්ථාන කිහිපයකට පැමිණ ඇති බවත්, 21 වැනිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් දැනුවත්ව සිටි බවටත් අනාවරණ වී තිබෙනවා.
 
විමර්ශනවලදී හෙලි වී ඇත්තේ සහරාන් හෂීම්ට අමතරව කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ ඉන්ෂාෆ් ඊබ්‍රහිම් සමඟද සැකකරුවන් සමීප සබඳතා පවත්වා ඇති බවයි.
 
එමෙන්ම ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ වියදමින් සැකකරුවන් විසින් ප්‍රදේශයේ ඉස්ලාම් දේවස්ථාන කිහිපයක් ගොඩනගා ඇති බව ද අනාවරණ වී තිබෙනවා.
 
ප්‍රශ්න කිරීම් වලදී වැඩිදුරටත් හෙළි වී ඇත්තේ 2016 වසරේදී සහරාන් හෂීම් හොරොව්පතාන ප්‍රදේශයේ සිදු කළ ජාතික තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ අන්තවාදී දේශන සංවිධාන කර ඇත්තේ ද අදාළ සැකකරුවන් බවයි.
 
එම දේශනවලට සහ ජාතික තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ පුද්ගලයින් 18 දෙනෙකු පිළබඳව ඔවුන් තොරතුරු හෙළි කර ඇති බවද වාර්තා වනවා.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද පස්වරුවේ කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලිසියට අවසර හිමිවුණා.
 
මේ අතර පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් හා සම්බන්ධ බවට සැකපිට පසුගිය 15 වැනිදා අත්අඩංගුවට ගත් වත්තල - මාබෝල ප්‍රදේයේ පදිංචි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් රිස්වාන් සමඟ සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයකු එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය්දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
මෙරට ආරක්ෂක අංශ විසින් සිදුකළ දැනුම්දීමකට අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.
 
එම පුද්ගලයාද පාස්කු ඉරුදින ප්‍රහාරයට සෘජුවම සම්බන්ධ පුද්ගලයකු බව පොලිසිය සඳහන් කළා.


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top