Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
27
රටටම විදුලි බලය අඩු මොහොතක රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් එකතුවෙලා ගාලු මුහුදෙන් විදුලිය නිපදවපු හැටි - Photos

- රටටම විදුලි බලය අඩු මොහොතක රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් එකතුවෙලා ගාලු මුහුදෙන් විදුලිය නිපදවපු හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

විදුලි බලය කියන්නේ ලෝකයේ වෙසෙන සෑම පුද්ගලයෙකුටම සිය අතශ්‍යවශතා ඉටු කර ගැනීමට අවශ්‍ය කරන බලශක්තියක්. ලෝකයේ විදුලිය බලය නිශ්පාදනය කරන ක්‍රම කිහිපයක් තියෙනවා.

ජලය, ගල් අඟුරු, න්‍යෂ්ටික ශක්තිය, සුළං බලය හා සූර්ය ශක්තිය යන ශක්ති ප්‍රභවයන් වලින් විදුලි බලය නිශ්පාදනය කරනවා. ශ්‍රී ලංකාව තුළ නම් විදුලිය නිශ්පාදනට වැඩි දායකත්වයන් සපයන්නේ ජලයයි. මේ කියන්න යන්නෙනම් ඊට ටිකක් වෙනස් විදියට විදුලි බලය නිෂ්පාදනය කරපු විශ්ව විද්‍යාල තරුණයන් පිරිසක් ගැන කතාවක් අපට සමාජ මාධ්‍ය ජාලයෙන් වාර්තා වුණා.


ගාල්ලේ හපුගල රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් ගාලු මුහුදෙ රළ ආශ්‍රෙයන් විදුලිය නිපදවාගන්න හැකි ක්‍රමයක් නිපදවා තිබෙනවා. ඔවුන් පළමුව ක්‍රම කිහිපයක් විද්‍යාගාර තුළදී අත්හදා බලා තිබෙන අතර ඒ අතුරින් දැනට පවතින ක්‍රම කිහිපයකට මුහුදු රළ ආශ්‍රයෙන් විදුලිය නිපදවීමේ ඇති හැකියාව ඔවුන් සොයාබලා තිබෙනවා.

පසුව ඔවුන් උස් පහත්වෙන පාවෙන හිස් බැරලයක් ආධාරයෙන් අලුත් විදුලි නිමැවුම් ආදර්ශනයක් තනන්නට සමත් වෙලා තියෙනවා. එතැනදී බැරලය උස් පහත් වනවිට බැරලයට පහලින් සවි වූ පිස්ටන තුනක් ඉහල පහල යනවා. ඒ පිස්ටන මගින් පීඩනයට ලක් වූ වාතය ටැංකියකට එකතු වෙනවා. මෙහිදී පිස්ටන තුනට වාතය සපයන්නට වෙනම නළයක්ද මුහුද යටට යනවා. මේ ක්‍රමයේදී පිස්ටනය ඉහළ පහළ යනවිට වායු පිස්ටන තුන මගින් බයිසිකල් හුලං පොම්පයක පරිද්දෙන් වායු පීඩනයක් ඇතිකරනවා. ඒ පීඩනය වෙනමම කුටීරයකට එකතු කර ඒ ආධාරයෙන් විදුලිය නිපදවන්න තමයි ඒ.එම්.සී.පී අත්තනායක සහ එස්.එච්.පී එම් ධර්මප්‍රිය සිසුන් දෙදෙනාගේ අභිප්‍රාය වෙලා තිබුණේ. සිසුන් දෙදෙනාට අවශ්‍ය න්‍යායාත්මක මගපෙන්වීම් රුහුණු විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික හා නිශ්පාදන ඉංජිනේරු අංශයේ ආචාර්ය එච්.සී.පී කරුණාසේන මහතා විසින් ලබාදී තිබෙනවා.

මෙම සිසුන් සිය කුඩා ඇටවුම සකස් කර මුහුදේ ගිල්වා බැරල් කොටස පමණක් වාතයට නිරාවරණය කොට රළ අනුව උඩපාත යන්නට සකසා තිබුණා. එහෙත් මෙම ක්‍රමයේදී මල කෑම සහ දිරායෑම් සිදුවීමේ අවකාශ වැඩියි. සංකල්පයක් ලෙස ඉහළ පහළ යන මුහුදු රළ මගින් වායුවක් සම්පීඩනය කරගැනීමත් ඒ තුළින් විදුලිය නිපදවාගැනීමත් බොහොම ඉදිරිගාමී සංකල්පයක් ලෙස දැකිය හැකියි. රට වටා තිබෙන මුහුද අපිට සම්පතක්. මුහුදු රළ ඇසුරින් කුඩාවට හෝ විදුලිය බලය නිපදවිය හැකි ක්‍රම අත්හදා බැලීම අපිට කළ හැකි අද හෙටම කළ යුතු දෙයක්.

ලෝකයේ සමහර ගොඩබිම්වල වෙසෙන ජනයාට මුහුද කියන්නේ කලාතුරකින් හමුවෙන දෙයක්. ඒත් අපිට නම් රට වටේටම තියෙන මුහුදට පැය කිහිපෙකින් ළඟාවෙන්න ඕන කෙනෙක්ට පුළුවන්. මේ රට වටා තියෙන මූදේ මහා උස රළ ගෙඩි නැගෙනවා. එයින් එන බලයෙන් වෙලාවකට තද කුණාටු වෙලාවට වෙරළ අයිනේ ගස් මුල් මුහුදට ගසාගෙන යනවා. ඒ තරම් බලයක් තියෙන සාගර රැලි වලින් විදුලිය නිපදවන්න බැරිද. සාගරය ජලය ඇසුරින් විදුලිය නිපදවීම ලෝකයේ කතාබහට ලක්වුණු මාතෘකාවකි. දැනට ලෝකයේ රටවල් කිහිපයක මුහුදු රළ භාවිතයෙන් විදුලිය නිපදවීම සිදු කරගෙන යනවා.

සාගර ජලයෙන් විදුලිය නිපදවීමේ වාසි

ජල විදුලි බලාගාර වලින් විදුලි බලය නිශ්පාදනය කරන්න පුළුවන් වෙන්නේ  වර්ෂාව පතිත වුණොත් විතරයි.  ඒත් මුහුදු රළ කියන්නේ හැම කාලයකදීම තියෙන දෙයක්. ඒ වගේම ගල් අගුරු ඉන්ධන වගේ මාධ්‍යවලින් විදුලිය නිපදවන්න යනවා වගේ විශාල වියදමක් යන්නෙත් නැහැ සාගර ජලයට. සාගර ජල තරංග වලින් හැදෙන බලාගාරයක් මගින් ගල් අගුරු සහ ඉන්ධන දහනය කරනවා වගේ ලොකුවට පරිසර හානියකුත් නැහැ. මුහුදු වෙරළ ආසන්නයේ ස්ථාපනය කරන නිසා යම් හානියක් පරිසයට සිදු වුවත් ගල් අගුරු හෝ ද්‍රව ඉන්ධන වගේ අපේ වායුගෝලයට හානියක් කරන්නේ නැහැ.

සාගර ජලයේ ඇති අභියෝග

වාරකන් කාලයට වේගයෙන් රැල්ල ගහනවා. තවත් කාලෙකදි රැල්ල හරිම නිසොල්මන්. මේ වෙනස සමහර විට පැය කීපයක පවා වෙනස් වෙන්නට හැකියි. ඉන්ධන දහනය හෝ ජල විදුලිය හෝ වෙනත් ඕනෑම අවස්ථාවකදී ඒ ශක්තිය සීමා කරන්නට පුළුවන්. ඒත් මුහුදු රළ සහ උදම් රළවලින් බලය ලබාගැනීමේදී බලශක්ති ප්‍රභවයට එහෙම සීමාවක් පනවගන්න එක සෑහෙන අමාරුයි. මුහුද කියන්නේ ලවණ තියෙන තැනක්. ඉතින් පාවිච්චි කරන දේවල් මුහුදු ජලයට සුළඟට ඔරොත්තු දෛන ඒවාත් වෙන්නට ඕනි. සාගර ජල සම්පත පාවිච්චි කරන කොට ඉන්ධන වලට වගේ වියදමක් නැතිවුණත් මුලික පිරිවැය වැඩියි. එය නඩත්තු කරන්නත් යම් කිසි දැනුමක් තියෙන පිරිසක් අවශ්‍ය වෙනවා.
ක්‍රම ගණනාවකට සාගර ජලය හරහා විදුලිය ලබාගන්නවා. උදම් රළ වැඩිවන අවස්ථාවේදී මුහුදු ජල මට්ටම වැඩිවෙනවා. ඒ අවස්ථාවේදී වෙරළ ආසන්න ජලාශවලට උදම් රළ මගින් මුහුදු ජලය එක්කරාසු කරගෙන ඒ මගින් කිලෝවොට් 250ක පමණ බලයක් ජනනය කරගන්න ප්‍රංශය සහ දකුණු කොරියාව සමත් වෙලා තියෙනවා. ඒ රටවල්දෙකේ උදම් රළ බලයෙන් දුවන විශාල ජල විදුලි බලාගාර තියෙනවා. ඒවායේ ජල බලයෙන් කැරකෙන තලබමන මගින් විදුලිය ලබාගන්නවා.

ප්‍රංශයේ උදම් රළවිදුලි බලාගාරයක්

සාගර ජලයේ ඇති ගැස්සෙන ස්වභාවය පාවිච්චි කරලාත් විදුලිය නිපදවාගන්නවා. සාගර ජලය එහා මෙහා ඉහළ පහළ යද්දි ඒ බලයෙන් පංකා කැරකැවීමෙන් විදුලිය නිපදවාගන්නට ක්‍රමයක් තියෙනවා. ඒ වගේම සාගර ජලය මත පාවෙන බත්තල් වැනි කිහිපයක් ඉහළ පහල යෑම මත ඒ චලනය ඔස්සේ රෝද කරකවාද විදුලිය නිපදවාගන්න අවස්ථාත් තියෙනවා. වැසූ අවකාශයක සාගර ජලය උස් පහත් වීමේදී ඇතිවන වායුව මගින් පංකා කැරකැවීමෙන්ද ඇතැම් රටවලදී විදුලිය නිපදවා ගන්නවා.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top