චීනයේ රෝහලක වෛද්‍යවරුන් විසින් කරන ලද ශෛල්‍ය කර්මයකින් පසු අගල් 30 ක් පමණ විශාල බඩවැල් කොටසක් තරුණයකුගේ උදරයෙන් පිටතට ගෙන තිබෙනවා.
22 හැවිරිදි මෙම තරුණයා Hirschsprung නැමති දුර්ලභ රෝග තත්වය මත උපත ලබා ඇති බව වාර්තා වේ.
මෙම තරුණයාගේ කුස ගැබිණි මවකගේ කුසකටත් වඩා විශාල ලෙස තිබී ඇති අතර කොයි මොහොතේ හෝ පුපුරා යා හැකි මට්ටමටම කුස දිස්ව ඇති බවත් සදහන්.
කෙසේ වෙතත් මෙවැනි රෝගීන් ඇතැම් අවස්තාවල විවිධ රටවලින් වාර්තා වන අතර මෙතරම් විශාල ලෙස වර්ධනය වීම එයිනුත් කලාතුරකින් සිදුවන සිද්ධියක් බවත් සදහන්.